Ep10.

384 96 7
                                    

මාත් ඉතින් හොදට හිනාව දාගෙන ගියා.එයාට උදව් කරන්න කියලා.ඒත් ඉතින් හිතපු විදිහට නම් නෙමේ අර මේකප් ආර්ටිස්ට් තමා ඔක්කොම කරේ.ඒ ඇදුම් ජුන්ග්කුක්ට හදපු එකක්.මට තිබ්බෙ ඉතින් අර මේකප් ආර්ටිස්ට් කියපු විදිහට අරහෙහෙන් ගැට ගහන්නයි,මෙතන රැල්ල හදන්නයි,අතන රැල්ල හදලා ඇදුම එයාට දෙන්න විතරයි.🙁මං හිතුවෙ අර මේකප් කරන්න ඉන්න කෙල්ලොන්ට වගේ අතකින් වත් අල්ලන්න ලැබෙයි කියලා කොහෙද ඉතින් උදව් ඉල්ලුවා කියලා මට නිකන් බලන් ඉන්න වුනේ.අනේ...මන්දා එයාලා නම් මොනවද කොඳුර කොඳුර හිනා වෙවී හිටියා මට දන්නෑ.කොහොම හරි මැඩම්ගෙන් අවසර අරන් මං කලින්ම ගෙදර එන්න පිටත් වුනා.මං ගෙදර ඇවිත් පොඩ්ඩක් පිළිවෙලට ලස්සනට ගේ අස්කරා.
"හරි...දැන් ඉතින් එන කෙනා කැමති වුනොත් හොදටම ඇති.😊"
    මං ගේ අස් කරළා ඉවර වෙලා ලියන් කියපු කෙනා මොනවගේ වෙයිද මගේ වැඩේ හරියයිද කියලා හිත හිත මග බලාගෙන හිටියෙ.ඒ වෙලාවෙ වාහන දෙකක් ගේ ඉස්සරහින් නතර කළා.මුලින් ආවෙ ලියන්ගෙ වාහනේ.එයා ගේ පැත්තට ආවා.
"ආ...එන්න ඇතුළට කෝ...ඔයා කියපු කෙනා🙄?"
"එයා පස්සෙ එයි මං ආවෙ ඔයත් එක්ක වැදගත් දෙයක් කතා කරගන්න."
"එන්න ඇතුළට."
    ලියන් ගේ ඇතුළට ඇවිත් වාඩි වුනා.
"මේකයි ජේහී...මං එක්කන් ආපු කෙනා මාසෙකට විතර තමයි නවතින්න තැනක් හොයන්නෙ.එයා වැදගත් වැඩක් කරනවා මේ ටිකේ ඉතින් කරදරයක් නැති විදිහට එයාගෙ වැඩ ටික කරගන්නකම් විතරයි ඉන්නෙ.හැබැයි කවුරුත් දැන ගන්න නරකයි එයා ඉන්න තැනින් පිට වෙලා ඉන්නෙ කියලා.ඔයා සල්ලි ගැන නම් වද වෙන්න එපා ඒක ප්‍රශ්නයක් නෑ කොහොමත්."
"ආ...හරි මං කිසිම බාධාවක් කරන්නෑ😁.කෝ දැන් ඒ කෙනා?😶"
"හරි මං එක්කන් එන්නම්.ඔයත් දන්න කෙනෙක් නිසා ප්‍රශ්නයක් නැති වෙයි කොහොමත්."
"මං...දන්න කෙනෙක්😮?"
   ලියන් එහෙම කියලා එළියට ගියා.මං කල්පනා කළේ එයත් දන්න මාත් දන්න කෙනා කවුද?🤔කියලයි.ඒ අතර අපේ ගේ ඉස්සරහා තිබ්බ අනිත් වාහනේ හිටපු කෙනා...ඒ තෙහ්‍යුන්.එයා ගේ දිහා හොදට බලාගෙන හිටියෙ.මගේ ගෙදර ගොඩක් ලොකු නොවුනත් පවුලකටම ජීවත් වෙන්න පුලුවන් විදිහට මං හොදට හදාගෙන තිබ්බෙ ඒ අපේ ගෙදර අයටයි.එයා වට පිට බලන ගමන් වාහනේ ඇතුළෙ කෝල් එහෙක හිටියෙ.
📱📱📱
"හරි හරි කොල්ලො අව්ලක්නෑ😁ඔයාලා ඕන කෙනෙක්ගෙ ගෙදර මට ඕන වෙලාවක ඉන්න පුලුවන් කියලා මං දන්නවා ඒත් මේ වැඩේ නිදහසේ කරගන්න බෑ බැලුවොත් මීඩියා වලින් පස්සෙන්.මේ පැත්ත නම් අව්ලක් නෑ වගේ අපේ ගෙදරට වඩා නිදහස් වගේ.පොඩි දවස් ටිකක් විතරයිනේ.අලුත් වැඩේ එළියට දැම්මට පස්සෙ ආයෙත් පරණ විදිහට ඉන්න පුලුවන්නෙ...හරි...මේ මං පස්සෙ ගන්නම්."
   එහෙම කියලා එයා කෝල් එක කට් කරලා ලියන් ආවම එළියට බැස්සා.මං ගේ ඇතුළට වෙලා නියපොතුත් හප හප එහාටයි මෙහාටයි ඇවිද ඇවිද කවුද මේ දන්න අදුනන කෙනා කියලා කල්පනා කළා.එක පාරටම මං ඉස්සරහා හැරිලා බලද්දි පුදුම හිතෙන දෙයක්නෙ දැක්කෙ.😳😳😳ලියන් තෙහ්‍යුන්ව එක්කන් එනවා.😮මගෙ ඇස් අදහා ගන්න බැරිවුනා.එයත් නිකන් පුදුම වෙලා වගේ ඇස් ලොකු කරන් බලන් හිටියෙ.
"තෙ...තෙ...තේහ්‍යුන්?😳"
"ආ...ඔව්,ජේහි තෙහ්‍යුන්ව අමුතුවෙන් අදුන්නලා දෙන්න ඕන්නෑනෙ?"
"ලියන් ඔයා කිව්වෙ මෙයාගෙ ගේ ගැනද මේ...ඒකද?"
"තෙහ්‍යුන්,ජේහි වාඩි වෙලා පොඩ්ඩක් කතා කරමුද?"
  අපි සාලේ වාඩි වෙලා මේ ගැන කතා වුනා.
"මෙහෙමයි තෙහ්‍යුන් ඔයාට මෙතන කොහොමද?මං හිතන්නෙ මේ ජේහිගෙ ගෙදර නම් ප්‍රශ්නයක් නැතුව ඔයාට ඔයාගෙ වැඩ ටික කරගන්න නම් හොදයි කරදරයක්නෑ."
"මෙයත් මෙහේමද ඉන්නෙ?"
   තෙහ්‍යුන් මං දිහා බලලා එහෙම ඇහුවා.
"ආ...මුකුත් හිතන්න එපා මං උඩ ඉන්නෙ.වැඩිය ගෙදර ඉන්නෙත් නෑ.කුස්සියෙ තමා ඉතින් පොඩ්ඩක් හිටියොත් ඉන්නෙ.කරදරයක් නෑ ඔයාට ඕන විදිහට ඉන්න පුලුවන්.😊"
"මොකද කියන්නෙ තෙහ්‍යුන්?"
   ලියන් එයාගෙන් උත්තරයක් බලාපොරොත්තු වුනා.මගේ නම් හදවත ගැහෙන වේගය එන්න එන්නම් වැඩි වුනා.තෙහ්‍යුන් වගේ කෙනෙක් මගේ ගෙදර?මට නිකන් හීනයක් දකිනවා වගේ දැනෙන්නෙ.
"ම්ම්ම්...🤔🤔🤔හරි.මං කැමතියි."
   එයා කැමතියි කිව්වා මෙහේ ඉන්න😳😮ඇත්තටම මේක වෙන්න පුලුවන්ද මං මගේ මූණත් ඒ වෙලාවෙ කොනිත්ත ගත්තා.විශ්වාස කරන්න අමාරු වුනත් ඒක ඇත්තක්මයි.මගේ ජීවිතේ එක අවස්ථාවක් නිසා මෙහෙම අවස්ථාවක් උදා වෙයි කියලා හිතාගන්නත් බෑ.
"හරි එහෙනම් ඇග්‍රිමන්ට් එක සයින් කරමු."
   ලියන් හැමදේම ලෑස්ති කරලයි තිබ්බෙ ඉතින් දැන් ඇග්‍රිමන්ට් එක සයින් කරළා ඒ වැඩ ඔක්කොම කරාට පස්සෙ ලියන් එතනින් ගියා.
"මේ...කවුද...🤔ආ...ජේහී,මට මගේ බඩු තියන තැන පෙන්නනවද?ආ...තව එකක් පොඩ්ඩක් එන්නකො."
   මෙයා මොකටද මට එන්න කිව්වෙ මාත් ඉතින් පස්සෙන් ගියා බලන්න.එයා ඇග්‍රිමන්ට් එක ආයෙ අතට ගත්තා.
"මේකයි ඕන දෙයක් වගකීමක් ඇතුව එපැයි කරන්න.මගෙ ලෝය මේක හැදුවෙ මං මේක හෙට දෙනවා එයාට කොපි එකක් අරන්.ඔයාට මේ තියන කොන්දේසි හැර වෙන දේවල් තියනවා නම් කියන්න දැන්ම."
"ඕනමදේ ඕකෙ තියනවනෙ,දෙන්නගෙම පුද්ගලිකතවය රැකෙන විදිහට ඉන්න ඕන.අන්න ඒක තිබ්බ නම් ඇති.මං ඔයාගෙ වැඩ වලට ඇඟිලි ගහන්නෙත් නෑ ඔයා මගේ වැඩ වලට ඇඟිලි ගහන්නෙත්නෑ එහෙනම් එච්චරයි."
"හරි.ඕකේ.එච්චරයි.දැන් මට කාමරේ පෙන්නන්න පුලුවන්ද?"
"අර කාමරේ ඔයාගෙ.මං ඒක හොදට සුද්ද කරළා අස් කරා.මොනවා හරි ඕන වුනොත් කියන්න."
   මං වැඩිය එයාව ගණන් ගන්නැතුව අනිත් පැත්ත හැරිලා ලොකු හුස්මක් අරන් ආයේ සංසුන් වුනා.මොකද ගාණක් නෑ වගේ හිටියත් ඇත්තටම මං ගොඩක් කලබලෙන් හිටියෙ.ඒ ටික කියලා අනිත් පැත්තට මං උඩට ආවා.මගේ කාමරේට.ඇවිත් මං මගේ ඇද උඩින් වාඩි වෙලා තනියෙම කියව කියව හිටියා.
"අනේ...ඇත්තටම කොච්චර සල්ලි තියනවද?ලොකු ලොකු ගෙවල් ඇතිනෙ ඉන්න.ඇයි මේ වගේ තැනක් හෙව්වෙ එයා?🤔ලොකු මිනිස්සුන්ටත් මාර ප්‍රශ්න ඇත්තෙ🤭🤭🤭."
   මං එහෙම තනියෙන් කියව කියව ඉදලා එක සැරේම හිනා යන්න ගත්තා හැබැයි පොඩ්ඩක් ලැජ්ජා හිතෙන විදිහට හිනා වුනේ.
"අනේ...එයා ඇත්තටම මගේ ගෙදර🤭මට හිතාගන්න බෑ.අයියෝ...මං මේ සතුට නම් සෙක්ට කියන්නම ඕන.ඒත් ලියන් කිව්වා ඒක කාටවත් කියන්න එපා කියලා.කමක්නෑ සෙක් මගේ යාලුවානේ...එයා කාට කියන්නද මේවා.මං පොඩ්ඩක් සද්දෙ දාපු ගමන් එයා සයිලන්ස්.🤭"
   මං සෙක්ට කෝල් එකක් ගත්තා මේ ගැන කියන්න.
📱📱📱
"හෙලෝ...සෙක් මේ...සුබ ආරංචියක් තියනවා මට කියන්නෙ.ඇත්තටම අද හරි සතුටුයි මට😀."
"මොකද්ද?ඒ...උඹ ඔහොම කියන්නෙ...ආ...හරි...මං දන්නවා උඹ ප්‍රෙග්නට් නේ😁?"
"ඒ...යි...සෙක් තමුසෙට මැරෙන්න ඕන වෙලාද ආ...😡?"
"ඇ...ඇයි බං සුබ ආරංචියක් කිව්වම මට එහෙමයි හිතුනෙ.🙁"
"ඔහෙට අමු කැවිලද මෝඩයෝ එහෙම වෙන්න මට කොල්ලෙක් වත් ඉන්නවද?ආයේ ඕන්නැති කතා කියාගෙන ආවොත් ඔහෙගෙ කෙල්ලට ඔහෙගෙ කටු ටික තමා marry කරන්න වෙන්නෙ😑."
"හරි හරි දැන් කියන්නකො ඔච්චර සතුටු වෙන්නෙ මොකටද ඉතින්."
"අන්න එහෙම එන්න😑😊ඔයා දන්නවද සෙක් මං ආසම කෙනෙක් මගේ ගෙදර ආවා ටික කාලෙකට නවතින්න කියලා."
"නෑ...කවුද බං ඒ?ඌට පිස්සු නැත්තම් තමා පුදුම"
"මේ...සෙක්😡"
"ආ...හරි කියන්නකො කවුද ඒ අසරණයා."
"එයා...තමා තෙහ්‍යුන්😍"
"😳ඈ...😂😂😂මේ...පිස්සු හැදෙයි ඒ මනුස්සයට වෙන යන්න තැන් ඕන තරම් ඇති ඒත් මොන එහෙකට ඔයාගෙ ගෙදරටම එන්නෙ.එදාම එපා වෙන්නැති මෙයා නටපු විකාරෙට😂😂."
   සෙක් මුලින් පුදුම වුනා වගේ හිටියත් එක සැරේම මහ හයියෙන් හිනා වෙවී ඒක විහිලුවට ගත්තා.
"විහිලුවක් නෙමේ ඇත්තටමයි කිව්වෙ එයා මෙහේ ඉන්නෙ.හැබැයි කාටවත් කියන්න බෑ."
"හරි බං මං කාටවත් කියන්නෑ බය වෙන්න එපා ඒත් මට ඇත්තටම බලන්න ඕන එයා ඔහේ ඉන්න විදිහ😂."
"ඇති සෙක් හොදේ හෙට මං ඔයාව අල්ල ගන්නම්කො."

සෙක් එක්ක කතා කරලා ඉවර වෙලා මං ෂේප් එකේ ආයෙත් පහළට යන්න හැදුවෙ.
"පොඩ්ඩක් ගිහින් ඔලුව දාලා අව්ලක් තියනවද කියලා බලලා එන්න ඕන."
   මං හිමීට පහළට ගියා එයා කාමරේ අස් කරන ගමන් හිටියෙ.ලොකු ලොකු දේවල් නොතිබ්බත් එයාට ගැලපෙන විදිහට කාමරේ මං ලෑස්ති කරලයි තිබ්බෙ.මං දොරට තට්ටු කළා මුලින්ම.
"ආ...ඔයානෙ.මොකෝ."
"මේ...මුකුත් අව්ලක් නෑනේ?"
"ආ...නෑ ප්‍රශ්නයක් නෑ.😁"
"හරි...මොනවා හරි ඕන වුනොත් කියන්න මං උඩ ඉන්නවා."
"හා...හා..."
     එහෙම කියලා මං දොර වහලා ගියා ඒත් ගියේම නෑ ආයේ එක සැරේම දොර ඇරන් මං එතනට එබුනා.
"ආ...මේ...."
"අම්මෝ...😮"
   මං දොර ඇරපු විදිහටද මන්දා එක සැරේම නිසා තෙහ්‍යුන් බය වෙලා ගැස්සුනා.
"ඒ...සැරේ මොකෝ...?"
"මේ...සීතලයි වගේ නම් හීටර් එක දාගන්න.හොද රෙදි ටිකකුත් තිබ්බා මං රස්නෙයි වගේ නම් A/C එක දාගන්න හැබැයි ඒක වැඩිය පාවිච්චි නොකරපු නිසා අමුතු සද්දයක් ඇහෙනවා එහෙම වුනොත් ෆෑන් එකක් තියනවා මං ගාව ඉල්ල ගන්න.😁"
"😳හා..."
   මං ආයෙ දොර වහලා ගියා ගියා කිව්වට මේ සැරෙත් එහෙම නෑ මට ආයෙත් දෙයක් මතක් වෙලා මං ආපහු දොර ඇරියා මේ සැරේ එයා ගැස්සිච්ච පාර අතේ තිබ්බෙ බඩු ටිකත් ඇදට වැටුනා.
"ඔයා...ආයෙත්?ප්‍රශ්නයක් නෑ...අව්ලක්නෑ...හරිනේ.😁"
   එයා මං කට අරින්නත් කලින් එහෙම කිව්වා.මං දොර අස්සෙන් ඔලුව දාගෙන මෙහෙම කිව්වා.
"කුස්සියෙ බඩු තියනවා ඔයාට කැමති දෙයක් හදාගන්න ඕන්නම් මං මොනවා හරි හදන්නම් කැමති විදිහක් කරන්නකො😊ඔයා ගෙවන විදිහට හරි යන්න මං සලකන්න ඕන නේ."
"හා...හරි😳."
    එහෙම කියලා මං මේ සැරේ නම් දොර වහලා කුස්සිය පැත්තට ගියා.තෙහ්‍යුන් කාමරේ ඉදන් තනියෙන් මෙහෙම කිව්වා.
"අම්මෝ...වෙලාවකට හිතෙනවා ගෙදරට වෙලා ඉන්න විදිහට හිටියා නම් ඉවරයි කියලා."
    ඒ අතර මං කුස්සියට ගිහින් ෆ්‍රිජ් එකයි කබඩි ටිකයි බිස්කට් බාස්කට් ඔක්කොම ඇද්දා.ඒවා භාගෙට භාගයක්ම හිස් වෙලා.අයියෝ...
"අපොයි.අලුතෙන් ගෙනාපු කෑම මෙච්චර ඉක්මනට ඉවරද?🙁මං නැති වෙලාවට හොල්මනක් වත් ඇවිත් කාලා යනවද?නැත්නම් මගෙම බඩද?කරන්න දෙයක් නෑ ටිකක් කලුවරත් වැටිලා ඉක්මනට ගිහින් මොනවා හරි ටිකක් අරන් එන්න ඕන."
   මං ආයෙ උඩට ගියා මාකට් එකට ගිහින් එන්න ලෑස්ති වෙලා එන්න.ඒ අතර තෙහ්‍යුන් පහළ ඇවිද ඇවිද වට පිට බැලුවා.එයා මං සාලෙ බිතිතියක එල්ලලා තිබ්බ පරණ ෆොටෝ වගයක් හොදට බල බල හිටියෙ.ඒවගෙ සමහර ඒවාගෙ තාත්තත් හිටියා.එයා අපේ පවුලෙ ෆොටෝ හොදට බල බල ඉද්දි මාත් පහළට ආවා.
"මොකෝ කරන්නෙ?"
"මේ...වෙලාවෙ කොහෙද යන්නෙ?"
"බඩු වගයක් අරන් එන්න ඉක්මනට මාකට් එකට ගිහින් එන්නම්.මොනවා හරි ඕන්නම් කියන්න."

BLACK OF THE WHITE HEART ✔︎Where stories live. Discover now