Ep12.

367 99 6
                                    

එදා රෑ ඉතින් ඒ...විදිහට ගෙවුනා...කෑම කලා ඉවර වුනාට පස්සෙ මං මගේ කාමරේට ගිහින් ඇද උඩට වෙලා හාන්සි වෙලා කල්පනා කළා.
"ම්ම්ම්...කාලෙකට පස්සෙ මගේ පාලුව මැකිලා ගියේ.වෙනදට තනියෙන් කෑම මේසෙ උඩට වෙලා ගෙදර අයව මතක් කර කර පිඟාන අත ගගා...ඉන්න මම අද හරිම නිදහසෙන් සැහැල්ලුවෙන් හිටියෙ.මට ඇයි හිතෙන්නෙ එයා මට වඩා ඉන්න තැන වෙනස් වුනත් එයා වෙනස් කෙනෙක් වුනත් මට වගේමයි එයාටත් හිතෙන්නෙ කියලා මට හිතෙනවා."
    ඒ විදිහට මං කල්පනා කරන ගමන්ම නිදා ගත්තා.උදෙත් වුනා.වෙනදා වගේම උදෙන්ම මම පහළට ආවෙ තේකක් හදන් බොන්න කියලයි.තෙහ්‍යුන් තාම නිදිද?නැත්තම් ඇහැරලද?මං ඉතින් බලන්න ගියෙ නෑ.මං තේකක් හදන්නයි බැලුවෙ පෙන්න හිටියෙ නැති නිසා මං මට හදන් බිව්වා.
"ආ...තනියෙන් තේ බොනවානේ...?"
   ගැස්සිච්ච පාර තව ඩිංගෙන් තේකත් ඇගේ.😳
"ඔහොම එක පාරටම පිටිපස්සෙන් ඇවිත් කතා කරන්න එපා බය වෙනවනේ...😶ඊයෙත් එහෙමයි."
"ඇයි එතකොට අනුන්ගෙ කාමර වලට එබිලා සැරින් සැරේ කෑ ගහද්දි බය වෙන්නැද්ද?"
"මං දොරට තට්ටු කරලනෙ කතා කරේ."
"ඔව්,ඔව් කියන්න තියනදේ එක සැරේම කියන්නැතුව එනවා දහ පාරක් විතර."
"දහ පාරක් ආවෙනෑ.තුන් සැරයයි."
"ආ...හා...කෙල්ලො එක්ක කතා කරනවට වඩා හොදයි ගහක් ගලක් එක්ක කතා කරනවා."
"මේ...🙄උදෙන්ම ඔයා ලෑස්ති වුනේ යනවද දැන්ම?"
"ඔව්,ඔයා වගේ දවල් වෙලා යන්න බෑ.මං යනවා."
"මේ...පොඩ්ඩක් ඉන්න තේකක් එපාද?"
"එපා..."
"එතකොට මොනවද කන්නෙ?"
"මං කෑවා."
"ඈ...මොනවද?"
"ෆ්‍රිජ් එකේ ඇති යන්නම්."
    එහෙම කියලා හොදට ඇදලා කරලා තෙහ්‍යුන් ගියා.මං හිතුවෙ උදෙන්ම නැගිටලා හිටියෙ මං කියලා.අයියෝ එයා තාම එක දවසයි හිටියෙ.මට හරියට සලකන්නවත් බැරි වුනා මොනවා හිතනවද දන්නෑ එයා.ආ...එයා සල්ලි ගෙවලා රෙන්ට් එකට විතරයි නේ ඉන්නෙත් අනික වැඩක් නිසාලුනෙ ආවෙ මට ඒවා වැඩක් නෑනෙ කියලා හිතලා ආයෙ මං නිකන් හිටියා.
"ෆ්‍රිජ් එකේ තියනවා කිව්වෙ මොනවද දන්නෑ."
   මං ෆ්‍රිජ් එක ඇරියා ඒකේ සීරියල් එකක් තිබ්බා.
"එයා...මේවද උදේට කෑවෙ?"
   මං ඉතින් ඒකත් වහලා එහෙම්මම වැඩට යන්න ලෑස්ති වුනා.මං අද අපි වැඩ කරන තැනට ගියා.උදෙන්ම සෙක් නම් ඇවිත් තිබ්බා.
"ආ...ගුඩ් මෝනින්!😀කොහොමද අද දවස."
"ඔයත් මාර ඒවානෙ අහන්නෙ දවස තාම පටන් ගත්තා විතරයි."
"ආ...ඔව්නේ ඒත් මං ඇහුවෙ දැන් ගෙදර අමුත්තෙකුත් ඉන්නවනෙ?කොහොමද එයා?😁"
"අවුලක්නෑ.ඔයාට වඩා නම් හොදයි."
"ඒ...මොකෝ ඔයා අව්ලක් එහෙම..."
"පිස්සුද?එහෙම ගෙදරට ආපු මනුස්සයෙක් එක්ක අව්ල දාගන්නවා කියලා හිතුවද මං."
"අම්මෝ...ජේහියෝ ඔච්චර කේන්ති ගන්න දෙයක් කිව්වෙ නෑනෙ.උඹට දැන් කේන්ති යනවා වැඩියි වගේ.ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න වෙයි ඔහොම ගියොත්."
"මට කේන්ති ගිහින් නෑ."
"මේ...ඉන්නෙ මෝඩ ජෝඩුව උදෙන්ම මෙලෝ වැඩක් නොකර කයිවාරු ගහන එක විතරයි කරන්නෙ."
    ඔන්න ආවා එහෙම කියාගෙන සෙයොන්.
"මෙච්චර වැඩ තියනවා මේ දෙන්නා මෙතන කියව කියව කාලෙ කනවා."
"මේ...සෙයොන් අපේ කතා ඔයාට වැඩක්නෑනේ.😑"
"ඕකේ...ජේහි මැඩම් කියනකන් හිටියෙ."
"දැන් කිව්වා යන්න මැද්දෙන් පයින්නැතුව"
   සෙයොන්ට නම් ඕන්නැති දෙයක් නෑ හැමතිස්සෙම අනුන්ගෙ කුණුගොඩවල් තමයි හොයන්නෙ.ඉතින් අද ගොඩක් වැඩ තිබ්බා ඒවත් කරන ගමන් මං හිත හිත හිටියෙ ඉක්මනටම ගෙදර ප්‍රශ්නත් ඔක්කොම ඉවර කරලා අම්මයි මල්ලියි මෙහේ එක්කන් එනවා කියලා කොහෙද ඉතින් මේ අපේ එකාගෙ අලි ඔලුවනෙ එයාට ඕන තනියෙන් රස්සාවක් කරලා ඉක්මනටම ගොඩ යන්න.එයා කොල්ලෙක් නිසා අම්මගෙන් වත් මගෙන් වත් යැපෙන්න ආසවක්නෑ.එක අතකින් ඒකත් හොදයි.තාත්තත් අපිත් එක්ක නැති එකේ පවුලට ඉන්න එකම කොල්ලා විදිහට මල්ලි වගකීමෙන් වැඩ කරන්න ගන්න එක මටත් සතුටක්.
"මේ...ජේහි."
"ඕ..."
"මැඩම් කිව්වා අලුත් වැඩ වගයක් තියනවා ඔයාටත් ඒකට සම්බන්ධ වෙන්න කියලා ඔය ටික හදලා ඉවර වෙලා.එයා ඔයාගෙ අදහසක් වලට කැමතියි වගේ."
"ඔව්.මේ...සෙක් මේ ටික හොදද?රෑ...වෙනකන් මේක හැදුවෙ හොදද?"
   මං හදපු design එකක් සෙක්ට පෙන්නුවා.
"ඔයා ඇත්තටම දැන් ලේඩීස් ෆැෂන් කරන්නෙම නැද්ද බං කරනවා.ඉස්සර ඒවමනෙ හැදුවෙ.දැන් කම්මැලියි."
"කම්මැලියිද නැත්තම් ආයෙත් අතනට එක්කන් යයි කියලා හිතලද ආ..."
"එහෙම වෙන්නත් පුලුවන් කොච්චර ෂෝක්ද එතන🤭🤭🤭."
"ඔයත් මහා අවස්ථාවාදියෙක් ඒත් මැඩම් මේ සැරේ ලේඩීස් ඒවා වගයක් අරන් තියෙන්නෙ."
"අපෝ...එපා වෙයි.😶"
    ඒ...අතර තුර bighit එක ඇතුළෙ වෙනම දෙයක් වෙනවා.අර හත් දෙනාම ප්‍රැක්ටිස් රූමි එකේ බිම වාඩි වෙලා කතාවක හිටියෙ.
"ඒ...තෙහ්‍යුන් දැන් ඉන්න තැන කියපන් හොයා ගෙනවත් එන්න."
"ඔයාලා හොයාගෙන එන්න ඕන්නෑ මං එන්නම් ඔයාලා හොයාගෙන.නැත්තම් අයිතිකාරයා එක්ක බෑ.එයා අපේ ෆෑන් කෙනෙක්."
"එතකොට කොහොමද ඔයා එහේ ඉන්නෙ."
   ජිමින්ගෙයි,තෙහ්‍යුන්ගෙයි කතාව අතරින් ජින් එහෙම ඇහුවා.
"ආ...මං හිතන්නෙ අයිතිකාරයට දැන්ම මාව නම් එපා වෙලා ඒ නිසා අව්ලක් නෑ.විනාඩි පහයි පුදුම වෙලා බලන් හිටියෙ දැන් ගණන් ගන්නෙවත් නෑ."
"ඒ...මාරයිනේ කවුද අප්පා ඒ?"
"ලියන් හොයලා දුන්නෙ එයා දන්න කෙනෙක්."
   ජුන්කුක්, තෙහ්‍යුන් එහෙම කතා කරන කොට නාම් ජුන් ඇස් ලොකු කරන් මෙහෙම ඇහුවා.
"එයාද හොයලා දුන්නෙ?😮"
"හොයලා දුන්නෙ කවුරු වුනත් මොකෝ අයිතිකාරයා සැරයිද?කොයිකටත් වැඩිය කතාවට යන්න එපා.මිනිහව ෂුවර් කරන්නත් එපා.දෙන කෑම කන්න යන්නත් එපා හොදේ."
    නාම් ජුන්ගෙ ප්‍රශ්නෙ හරස් කරලා ජින් එක දිගට උපදෙස් වගයක් දීගෙන ගියේ අයිතිකාරයා පිරිමි කෙනෙක් කියලා හිතලා වගේ.
"😳ජින් අයියෙ...එහෙම අව්ලක් නෑ.බය වෙන්න එපා එයා ගෑණු ළමයෙක්."
"මොකක් කිව්වා.😮"
   ජින් බිබී හිටපු බීම එකත් හිර වෙන්න ගියා එයාට.
"එයා...ලස්සන කෙනෙක් නම් ඔයා එහේ ඉන්න එපා."
"ඇයි කුකියො ඔයා එයාට එහෙම කිව්වෙ?"
   ජුන්ග්කුක් කියපු දේ ගැන කුතුහලයෙන් වගේ හොබී ඇහුවා.
"ඒකනෙ ඒ මොකෝ."
"මේකනේ...එයා ලස්සන කෙනෙක් නම් අපේ එකාගෙන් ඈත් වෙලා ඉන්න එක හොදයි."
"ඔයා මං ගැන ගොඩක් හිතනවා නේද කුකෝ...?😊🤭."
"අපෝ...ඔයා ගැන නෙමේ ඒ කෙල්ල ගැන හිතලයි කිව්වෙ.😁"
   හිනාවක් දාගෙන හිටපු තෙහ්‍යුන් ඒ කතාවට ජුන්ග්කුක් දිහා රවලා බලලා මෙහෙම කිව්වා.
"😑මෙහෙමත් සහෝදරයො.මං ගැන හිතන් ඉන්නෙ එහෙමද පොඩි එකෝ..."
"හරිම කතාව කුකියො.😂"
"මේ...ජිමින් ඒ කතාව හරි යන්නෙ උඹට.බය වෙන්න එපා කැත කෙල්ලෙක් ඉන්නෙ😑"
   ජිමින්,ජුන්ග්කුක් දෙන්නා නම් පිස්සො දෙන්නෙක් වගේ තෙහ්‍යුන්ට විහිලු කර කර හිනා වුනා.ඒ අතර යොංගි සද්ද නැතුව ඉදලා මෙහෙම දෙයක් ඇහුවා.
"දැන් නිදහසේ අලුත් වැඩක් ගැන හිතුවද ඉතින්?"
    ඒ වෙලාවෙ ඔක්කොම හිනාව පැත්තකට දාලා සද්ද නැතූව හිටියා.
"මේ...අයියේ...තාම නම් අදහසක් ආවෙනෑ."
   තෙහ්‍යුන් ඔලුව කස කස කිව්වා.එයා ඒක නිසාමනෙ ටික කාලෙකට ඉන්න තැන මාරු කරෙත්.
"ඒ වැඩේට අවධානේ දෙන්න කොල්ලො නිදහසේ ඉද්දි හොද අදහස් එයි."
"ඒක නම් ඇත්ත අපේ කට්ටිය දැන් කලින්ටත් වඩා මහන්සි වෙලා වැඩ කරන්න ඕන ආයෙත් තේරුනානෙ ඔක්කොටම."
"මේ...නාම් ජූන් මහන්සි වුනාට කමක්නෑ අර මැනේජර්ට කියන්න වෙලාවට කෑම ටික වත් එවන්න කියලා.😑"
"අයියෝ...ජින් අයියෙ."
    ඒ විදිහට ලොකු අයියලා ටික උපදෙස් දීලා හැමදේම තේරුම් කරලා දුන්නා.

ඒ අතර අපි වැඩ කර කර ඉද්දි ඕපදූපයක්ද කොහෙද අරන් සෙයොන් ආවා.
"මේ...ඔයාලා දන්නවද අර SY එකේ සභාපති විශේෂ උත්සවේකට කියලා මෙහෙන්ලු ඇදුම් design කරන්න යන්නෙ.දන්න විදිහට ඒකටත් මේ ජේහිට කරන්න දෙන්න මැඩම් හදන්නෙ.😏😑"
"නෑ...ඒක මරුනේ...ඒ බං උඹේ වැඩ මැඩම්ට අල්ලලා ගිහින් වගේ.ඕක කරොත් පඩිත් වැඩි කරලා දෙයිනේ."
   සෙක් එහෙම කිව්වට මට කිසිම ගාණක්නෑ.මට ගොඩක් කේන්ති ගියා ඒ වෙලාවෙ ඇත්තටම.
"නෑ...කොහෙත්ම නෑ...😑,පඩි වැඩි කරළා දෙනවා කිව්වත්,මොනවා දෙනවා කිව්වත් මං නම් එයාලගෙ වැඩ කරන්නෙමනෑ...............😣😣😣"
    මං ඒක මගේ ප්‍රශ්නයක් නිසා කේන්ති ගිහින් කිව්වෙ හැබැයි මං ඒක සෙක්ගෙ මූණටයි කිව්වෙ.පව් ඉතින් මගේ යාලුවා මගේ හැම තරහක්ම,කරදරයක්ම අන්තිමට ඒ අහිංසකයගෙ පිටින් යන්නෙ.එයා ඉතින් පොඩ්ඩක් බය වෙලා ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්නවා ඒත් මං කියන ඒවා වැඩිය හිතට ගන්නෑ මොකද මගේ හැටි දන්න නිසා හොදයි එයා.ඊට පස්සෙ කොහොම හරි මං කේන්තියෙන්ම එතනින් ගියා.
"ඒ...සෙක් මොකෝ එයා එක සැරේම ඔයාට කෑගහලා ගියේ ඒකට😮?"
"එයාගෙ හැටි ඔහොම තමා ඉස්සර ඉදන්ම මගේ පිටින් තමා ඔක්කොම ගියේ.කොහෙද මේකිට කොල්ලෙක් වත් හිටියා නම් මට බේරිලා ඉන්න තිබ්බා උගේ පිටින් හරි දාලා."
"පව් සෙක් ඔයා."
   මං එළියට ආවෙ කේන්තිය අඩු කරගන්න හිතාගෙන.මොකද කියනවා නම් සෙයොන් ඒ වෙලාවෙ කිව්වෙ අපේ තාත්තා දෙවෙනියට බැදපු ගෑණු කෙනා එයා නිසා.SY එකේ සභාපතිතුමිය සොං යුන් ජෝ එයයි.මගේ පවුලට වෙච්ච දේට මගේ තාත්තා ඈත් වෙච්ච එකට වග කියන්න ඕන එයා කියලයි මට හිතෙන්නෙ ඒකයි මට එහෙම කේන්ති ගියේ.

හවස වැඩ ඇරිලා මං ගෙදර යන්න කලින් අර ඩොක්ටර් හම්බවෙන්න ගියා.මට එයාගෙන් දෙයක් දැන ගන්න ඕන වුනා.

BLACK OF THE WHITE HEART ✔︎Dove le storie prendono vita. Scoprilo ora