ඒ දෙන්නා කතා කරපු දේවල් ඇත්ත කියලා පිළිගන්න මගේ හිත ලෑස්ති නෑ.මට ඒ වෙලාවෙ මං ඉන්නෙ කොහෙද?මොනවද කරන්නෙ?කිසිම දෙයක් ගැන සිහියක් තිබ්බෙ නෑ.පපුව නිකන් ගිණි ගන්නවා වගේ දැනුනෙ.තාත්තගෙ රූපෙ මගේ ඔලුවෙ හොල්මන් කරන්න වගේ ගත්තා හරිම අමාරුවක් දැනුනෙ.මං පුලුවන් තරම් මාව පාලනේ කරගන්න උත්සාහ කළා.කොහොම හරි අමාරුවෙන් මං මාව පාලනේ කර ගත්තා හැබැයි වැඩි වෙලා ඒක බැරි වුනා.මං ඉක්මනටම ගේ ඇතුළට ගිහින් මගේ කාමරේ දොරත් වහ ගත්තා.අපෙ අම්මයි,මල්ලියි ඇවිත් ඒ වෙලාවෙ දොරට ගගහා කෑගැහුවා.
"ජේහී...අනේ ළමයො ජේහී...මේ දොර අරින්නකො..."
"අක්කේ...මොකද වෙලා තියෙන්නෙ අරින්නකො මේක."
මං හුගක් අමාරුවෙන් හුස්ම ගන්න ගමන් මෙහෙම කිව්වා.
"බ...බය වෙන්න...එපා.ම...මට පොඩ්ඩක් මෙහෙම ඉන්න දෙන්න.මං පහළ...එන්නම්."
"අනේ ළමයො ඒත්..."
"කිව්වනේ...අනේ...අම්මේ...please!."
"අම්මෙ අක්කට අව්ලක්නෑ පොඩ්ඩක් ඉන්න දෙන්න.අපි යමු."
එහෙම කියලා මල්ලි අම්මව එතනින් එක්කන් ගියා.අම්මා තාම දන්නෑ එළියෙදි මොකද්ද මට ඇහුනෙ කියලා.එයාලට ඒක කියන්න මට ඕන කමක් තිබ්බෙත්නෑ.මං හුගක් අමාරුවෙන් මාව පාලනේ කර ගන්න උත්සාහ කළා.මං දොර ගාවම බිම එහෙම්මම වාඩි වෙලා හුගක් හයියෙන් අඩන්න ගත්තා.මගේ ඇඩිල්ල නවතින්නැති එකක් වුනා.එක දිගටම කදුලු වැටෙන එක සිද්ද වුනා ඒ වෙලාවෙ මගේ කටින් පිට වුනේම එක දෙයක් විතරයි.
"අනේ...මගේ...තාත්තේ...මට සමාවෙන්න.ඇයි ඔයා මාව බේරගන්න එහෙම කළේ?ඇයි තාත්තේ?"
මට මං ගැනම කළකිරුනා.මං තවත් හයියෙන් අඩන්න ගත්තා මගේ හදවතට අත තියලා මං මටම හිතින් බැන ගත්තා.
"තාත්තෙ ඔයාට එහෙම වුනේ මං නිසා මට සමාවෙන්න තාත්තේ?"
ඒ වේදනාව තරම් වේදනාවක් කවදාවත් මට දැනිලානෑ.ඒ අතර තෙහ්‍යුන් ආපහු අපේ ගෙදරට ආවා එළියෙ ඉදලා.
"අම්මෙ මට ඔයාගෙන් දැන ගන්න දෙයක් තියනවා?"
"මේ ළමයට මොනවද දැන ගන්න ඕන?"
"අර මිනිහට ගෙවන ණය ඔක්කොම ජේහිගෙ surgery එකට වියදම් වුන ඒවද?ඇත්තම කියන්න?"
තෙහ්‍යුන් අපෙ අම්මගෙන් එහෙම ඇහුවම එයා බිම බලාගෙන මෙහෙම කිව්වා.
"😞ඔව් ඒකට වගේම ජේහිගෙ තාත්තට ගෙවා ගන්න බැරි වෙච්ච ණය වගේකුයි."
"ෂික්...😣මේ මනුස්සයා හොද ගේමක් ගහලා වගේ."
"මොකද්ද ළමයො ඒ කිව්ව කතාවෙ තේරුම?"
"ඇත්තටම එදා ජේහිගෙ තාත්තා ලෑස්ති කරගත්ත සල්ලි එයාට දෙන්න බැරි වෙලා ඒවාට මොනවා වුනාද දන්නෑ.ඒ නිසා හදිස්සියෙම යොංජු සභාපතිතුමිය ඒ ගාණ ගෙවන්න තීරණේ කරලා නිර්නාමිකව."
"මොකක්?😳"
ඒ දෙන්නගෙ කතාව මැද්දට එක සැරේම මල්ලි පැන්නා කලබලෙන් වගේ.අම්මා තෙහ්‍යුන්ගෙ කතාවට පුදුම වෙලා වගේ හිටියෙ.එයාගෙ මූණෙන් හැංගිච්ච බයකුත් ඒ වෙලාවෙ තිබ්බා.
"අම්මෙ අක්කගෙ ඒ සැරේ කිසිම සද්දයක් වත් නෑනේ?"
"අක්කා ඇයි එයාට මොකෝ වුනේ?😳"
තෙහ්‍යුනුත් බය වෙලා හුගක් කලබල වුනා මල්ලිත් කලබලෙන් කියපු කතාවට.අම්මා ඉක්මනටම දුවලා උඩට ආවා.තෙහ්‍යුන්,මල්ලි ඒ දෙන්නත් කලබලෙන් දුවන් ආවා මගේ කාමරේ ගාවට.ඊට පස්සෙ දොරට ගගහා ආයෙත් තුන්දෙනාම කෑගහන්න ගත්තා ඒ සැරේ.
"ජේහී...දොර අරින්නකෝ...ජේහී...ජේහී..."
එයාලා දොර කඩන්න වගේ ගැහුවෙ ඒ වෙලාවෙම එක සැරේම මං දොර ඇරියා.එයාලා මං දිහා බලන් හිටියෙ ගල් ගැහිලා වගේ.ඇස් දෙකත් හොදටම ඉදිමිලා.සුදුමැලිවෙලා නිකන් මළ කඳක් වගේ.එක සැරේම මාව...
"ජේහී...අනේ...ජේහී නැගිටින්නකො."
ඒ සද්දෙ විතරයි මට අන්තිමට ඇහුනෙ.මාව ඒ වෙලාවෙම ඇදන් වැටුනා.තෙහ්‍යුන් ඉක්මනට මාව අල්ල ගත්තා ඊට පස්සෙ මට මතක තිබ්බෙ ඒ තුන්දෙනාගෙ කටහඩවල් විතරයි...
أنت تقرأ
BLACK OF THE WHITE HEART ✔︎
قصص الهواةThe Promise Of A Blurred Heart. එක ගෑණු ළමයෙකුගෙ ජීවිතේ බොඳ වෙන්න ගිය කතාවකට ආපහු පන දුන්න අලුත් බලාපොරොත්තුවක්.