Ep05

452 107 7
                                    

මං ඒ වෙලාවෙ ඇස් දෙක වත් ඇරලා බැලුවෙ නෑ,කෙලින් වෙන්නවත් බැරුව හිටියෙ.වෙරි නිසාද දන්නෑ ඇගට හුගක් අමාරුයි.ඒත් මට ඒ කටහඬ හොදට අහලා පුරුදුයි.ලැජ්ජාවෙබෑ අවසිහියෙන් ඉදන් තෙහ්‍යුන්ගෙ ඉස්සරහා අයියෝ සිහියෙන් ඉන්න එයාලට මොනවා හිතෙනවා ඇතිද?😳😳😳
"කවුද ඒ...තෙහ්‍යුන්ගෙ කටහඬ දැන් මගේ ඔලුවෙ හොදටම වැ...ඩි...යි"
"පිස්සෙක් වගේ බිලා කියවන්නෙ,තාම උදේ ඇඳුම පිටින් ඉන්නෙත්,ඔයා මෙයාගෙ යාලුවා නේ?ගෙදර එක්කන් යන්න.මුලින් දැක්කම මං හිතුවෙ නෑ මෙයත් මෙහෙම වෙයි කියලා."
"ඒ...යි,ඔයා කවුද මගේ යාලුවට උපදෙස් දෙන්න.සෙක් එයා කවුද හලෝ...😪"
"ඒ...තෙහ්‍යුන්"
"තෙහ්‍යුන්...😂වෙන්නබෑ...මගේ...තේ...😴"
   එහෙම කියන ගමන් ආයෙත් මගෙ ඔලුව බිමට වැටුනා ඒ තරම් හොද සිහියකින් ඉදලා තියෙන්නෙ.
"ආ...හ්,මං හිතුවෙ මෙයා මෙහෙම නැතුව ඇති කියලා,ආ...හ්,ඔක්කොම එකයි😬"
"මෙයාට මේ...පොඩි ප්‍රශ්නයක් තිබ්බා කිව්වා ඒකයි මේ මං මෙයාව එක්කන් යන්නම්😁"
    තෙහ්‍යුන් අමුතු විදිහට අහක බලන් හිනා වුනා😏.
"කවුද සෙක් මේ...මෙයාට කියන්න මට මුකුත් වෙලා නෑ කියලා,මං හොදින්,අනික තේ කවුද මේ වගේ තැනකදි මට හම්බෙන්න.එයාව හම්බුනොත් නම් මං මෙහෙම කරලා අල්ල ගන්නවා ආයෙ නම් යන්න දෙන්නෑ කොහෙවත්🤤"
"ජේහියෝ...ඔය ඇති දැන්😶එයා...ඔක්කොම අහන් ඉන්නෙ."
"එයා...කොහෙද මෙහේ😂ව්හිලු කරන්න එපා.මේවා අහන් හිටියොත් එයාට පොළවෙ පස් කන්න හිතෙයි.එයා ඉස්සරහා මං මීට වඩා වැදගත් විදිහට ඉන්නෙ.කෙලින් කෙලින්...😴"
"මෙයාව අරගෙන යන්න තව ටිකකින් මට පස් තමා කන්න වෙන්නෙ."
"ඒ...යි...😣ඔහේ....කවුද මට යන්න කියන්න.තමුන්ගෙ තැනක් නෙමේ මේක😑මේක සෝසල්...සමාජ...ශාලාවක් අන්න ඒ...කක්😴"
    කෙලින් වෙන්නවත් බැරුව වැටි වැටි හරියට ඇහැක් ඇරලා වත් නොබලා කවුද කියලා දන්නැතුව මං පිස්සෙක් වගේ කියෙව්වා...😬😳😶අයියෝ...විරිලැජ්ජයි...
"සෙක්...මට ආයෙත්...ආයෙත්...ආයෙත්"
"අයියෝ😮ආයෙත් සැරයක්,😶ඉක්මනට ඔතනින් අයින් වෙන්න...😬"
    ආයෙත් වමනෙ😑මට ඒක පාලනේ කර ගන්න බැරුව එක සැරේම බැල්කනියට එබුනා.ඒ වෙලාවෙ මගෙ සපත්තුව ලිස්සලා වැටෙන්න ගියා මං පහළට එබිලා හිටපු නිසා වැටෙයි කියලා හිතුනත් එක සැරේම කෙනෙක් මාව අල්ල ගත්තා.
"සෙක්😳දැන් නම් හරි වගේ😶😶"
    මාව එක සැරේම අල්ලගෙන තිබ්බෙ එතන හිටපු තෙහ්‍යුන්.😶මං කෙලින් වෙලා ඒ වෙලාවෙයි එයාගෙ මූණ බැලුවෙ.එයා තාමත් මාව අල්ලන් ඉන්නෙ.
"තේ...තේ...තෙ...හ්‍යුන්?😳"
    මං ඉක්කාවකුත් අරින ගමන් පුදුමෙන් බයෙන් වගේ එයාගෙ මූණ දිහා බැලුවෙ.හොද සිහියෙන් නෙමේ නිසා ඒක හීනයක් කියලයි මට හිතුනෙ.එයා මගේ මූණ දිහා කෙලින් බලන්...
"හොදට මතක තියා ගන්න,හෙට උදේට මාව දැක්කම ඊයෙ වෙච්චි දේට සොරි කියලා කියන්න එපා.දැන්ම ඔක්කොම අමතක කරලා දාන්න."
    කියලා එයා මාව කෙලින් කළා.සෙක් වුනත් පුදුම වෙලා වගේ බලන් හිටියෙ.
"අපි😶යන්නම් තෙහ්‍යුන්,හෙට වෙද්දි මෙයාට ඔක්කොම අමතක වෙයි."
   එහෙම කියලා සෙක් මාව එතනින් එක්කන් ගියා.මං නිකන් හිටියෙ හොල්මනක් දැකලා වගේ.ඒ වෙලාවෙම ජිමින් එතනට ආවා.
"ඔයා මෙතන මොකෝ කරන්නෙ කෝල් එකක් ගන්න ආවා අදුනන කෙනෙක් දැක්කා ඒකයි මෙතන හිටියෙ."
"කවුද?අර යන දෙන්නද?"
"අපිත් යමු දැන්."
    කියලා තෙහ්‍යුන් හිනා වෙලා අනිත් පැත්ත හැරිලා ජිමින්ගෙ කරට අත දාගෙන ගියා.ඒ අතරෙ සෙක් මාව ගෙදරටම ඇරලුවා.එයාට අන්තිමට මාව කරේ තියන් ගෙදරට එක්කන් එන්න වුනේ.දොරේ යතුර මගෙ බෑග් එකේ තිබ්බෙ.
"අම්මෝ...බන් උඹේ බර😬යතුර කෝ?අයියෝ මේකිට සිහියක් නෑනේ."
   එහෙම කියලා එයා මාවත් තියන් අමාරුවෙන් බෑග් එකෙන් යතුර අරන් මාව ඇතුළට එක්කන් ගිහින් සෝෆා එක උඩින් හාන්සි කරා.ඒ වෙලාවෙ එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගෙන්ද කොහෙද කෝල් එකක් ආවා.
📱📱📱
"ආ...වස්තුවෙ😍,නෑ...නෑ...මං මේ දැන් එනවා.මේ මගේ යාලුවා පොඩි කරදරයක් පටලව ගත්තා😁ඕ...මේ...දැන් එනවා...😬"
    එහෙම කියලා දොරත් වහලා එයා ගියා.මං කෙදිරි ගගා...පුටුව උඩ පිස්සෙක් වගේ එහාටයි මෙහාටයි දඟල දඟල නිදා ගත්තා කිසි ගාණක් නැතුව.ඒ අතර ජිමින්,තෙහ්‍යුන් දෙන්නා තෙහ්‍යුන්ගෙ කාර් එකෙන් යන ගමන් හිටියෙ හැබැයි ඩ්‍රයිව් කළේ ජිමින්.තෙහ්‍යුන් එළිය බලන් හිනා වෙවී ආවා තනියෙන්.
"මොකෝ...තනියෙන් හිනා වෙන්නෙ?"
"නෑ...පොඩි දෙයක් මතක් වුනා😁.කාර් එක හරියට එළවපන්."
"උඹට වඩා හොදට මං ඩ්‍රයිව් කරනවා."
"අනේ...උඹේ...ඩ්‍රයිව්😂.තව පොඩ්ඩක් හිටියා නම් උඹෙත් ට්‍රැක් පැනලා මගේ වාහනෙත් උඹත් එක්ක ට්‍රැක් පැනලා😂"
"එහෙනම් මොකෝ මට ඩ්‍රයිව් කරන්න කිව්වෙ😏ට්‍රැක් පන්නන්නද?"
"අනේ...මේ,මේක මගේ අලුත් කාර් එක උඹ මොනවා හරි කරොත්නේ😑"
"හරි හරි මං බලාගන්නම් ඒක"
   එහෙම කියලා ජිමින් ටිකක් වේගෙන් ඩ්‍රයිව් කළා.ඒ අතර තෙහ්‍යුන් කට කොනින් පොඩ්ඩක් හිනා වෙලා.ජිමින්ට මෙහෙම කිව්වා.
"ඒ...බන්,අද මට ඔයා වගේ පොඩ්ඩක් ට්‍රැක් පැනපු කෙනෙක් හම්බුනා😂"
"කවුද අර...කලින් කතා කරපු දෙන්නගෙන් කෙනෙක්ද?,කෙල්ලෙකුයි,කොල්ලෙකුයි නේද හිටියෙ?කවුද ට්‍රැක් පැන්නෙ?😏"
"කෙල්ලෙක් හිටියෙ අර මතකද අලුතෙන් ආවා costume design වලට කෙල්ලො දෙන්නෙක් එතනනින් එක්කෙනෙක්.බීලා මං හිතන්නෙ අද ද කොහෙද මුලින්ම එහෙම වෙලා තිබ්බෙ.මං හිතුවෙ නෑ කෙල්ලො එච්චර ඕවාට අව්ල යනවා කියලා.උඹවමයි මට ඒක දැක්කම මතක් වුනේ😂"
"කවුද දන්නෑ පොඩ්ඩක් වැඩි වුන ගමන් ට්‍රැක් පනින්නෙ😏මතකද ඔයා කියන විදිහට කවුද මුලින්ම පිස්සු නැටුවෙ කියලා,ඒ අපි සෙට් වෙච්ච මුල් කාලෙ නේද😊?කවුරුත් අපිව දන්නෙත් නෑ නිදහසේ පොඩි කඩවලින් තමා කෑම කන්න ගියෙත්."
"දැන් අපිට එහෙම නිදහසේ යන්න තැනක් තියනවද ජිමින්"
"උඹට ඕන්නම් යමු තැනක් තියනවා,හැබැයි උදේට මාව ඇහැරවපන් හෙටත් උදෙන්ම වැඩ දාලා."
"මොන මගුලෙ ගියත් කමක්නෑ මාවත් ඇහැරවපන් හෙට උදේට නැත්තම් ඉදලා හමාරයි."

BLACK OF THE WHITE HEART ✔︎Where stories live. Discover now