EP24

336 81 13
                                    

එදා හිතුවට වඩා වෙනස් දෙයක් ඇත්තටම වුනේ.අපේ අම්මා පොඩ්ඩක් වත් තෙහ්‍යුන්ව ගණන් ගත්තෙ නෑ.මටත් නිකන් මොකද්ද වගේ හිතට මාර අව්ල් ගතියක් ආවෙ.තෙහ්‍යුන්ට මොනවා හිතෙන්නැතිද කියලා මං හරි අව්ලෙන් හිටියෙ.
"ජේහී...ළමයො කන්න එන්නැද්ද?"
   මං ජනේලෙ අයිනට වෙලා මූණත් දෙක කරන් හිටියෙ ඒ වෙලාවෙ.අම්මා කන්න කතා කරාට මෙලෝ සිහියකින් නෙමේ මං හිටියෙ.එයා ළඟට එනකන් මං දන්නෑ.
"මේ...ළමයො මොන සිහියෙන්ද ඉන්නෙ?😑"
"ආ...අම්මෙ."
"අම්මෙ තමා එන්න කන්න දැන්."
   එහෙම කියලා අම්මයි,මායි,මල්ලියි කෑම මේසේ කන ගමන් හිටියෙ.
"දැන් මහ ලොකුවට අර මනුස්සයගෙ ණය ගෙවනවා කිව්වානේ.කොහොමද එච්චර ගාණක් ගෙවන්න හිතන් ඉන්නෙ?අර කොල්ලා දෙන්නම කිව්වද?"
"අම්මෙ,හැම එකටම එයාව ගාව ගන්න එපා.මං මගේ මහන්සියෙන් හොයා ගන්නම් ඒවා."
"එයාට ඔයා වෙනුවෙන් ඔහොමවත් දෙයක් කරන්න බැරි නම් ඇති වැඩේ මොකද්ද?"
"මට එයාගෙ සල්ලි වලින් වැඩක්නෑ එයත් මං ගැන ඒ විදිහට හිතන්නෑ ඒ නිසා එයාගෙන් එහෙම කිසිම දෙයක් මට එපා."
"මේ...කෙල්ල දැන් පුදුම හිතුවක්කාර වෙලා නේ?😏"
"😑ඔව්.අම්මෙ ඊට කලින් මට මේක කියන්න අච්චර ලොකු ගාණක් කොහොමද අපි ණය වුනේ?මොහොකටද ඒ?"
"ඒවා ඔයාට වැඩක්නෑනේ.මං ඒ ගැන බලාගන්නම් කියද්දිනේ මේ පණ්ඩිතකම් කරන්නෙ."
"ඒ...මල්ලියා ගොලුවෙක් වගේ ඉන්නැතුව මොනවා හරි කියනවකො මෝඩයො."
"මට ඕවා වැඩක්නෑ දෙන්නම එකයි."
    එහෙම කියලා අපිටත් රවලා ඌ එතනින් මාරු වුනා.

එදා රෑ මං තෙහ්‍යුන්ට කෝල් එකක් ගත්තා.එයා අපේ අම්මා කියපුවට අව්ලෙන් හිටියද දන්නෑ.
📱📱📱
"හෙලෝ...ඔයා කොහෙද ඉන්නෙ?"
"මං තාම ස්ටුඩියො එකේ."
"අද රෑ වෙනකන්ම ඔහේද?"
"ඔව් වැඩ වගයක් තියනවා මගෑරිච්ච."
"ඔයා මාත් එක්ක තරහෙන්ද ඉන්නෙ.අපේ අම්මා කියපුවට?🙁"
"මං මොකටද ඔයත් එක්ක තරහා වෙන්නෙ.හැබැයි එයා කියපු කතාවෙත් වරදක් නෑනේ?ඉන්නකො මං මේ හැමදේම විසදනකන්."
"ම්ම්ම්...ඔයාගෙන් තව දෙයක් දැන ගන්න තියනවා.ඒ වගේම ඉල්ලීමකුත් කරන්න තියනවා."
"මොකද්ද ඒ?"
"මේක මං ගැන දෙයක් නෙමේ.ඇත්තටම මට අපේ මල්ලි ගැන බලන්නත් තියනවා එයාට දැන් මෙහේ නිකන් ඉන්න බෑලු.ඉතින් එයාට රස්සාවක් හොයන එකම නෙමේ ප්‍රශ්නෙ මේ...එයා හුගක් දක්ෂ දේවල් තියනවා මට ඕන එයාට ගැලපෙන දෙයක් කරන්න උදව් වෙන්න."
"ඉතින් මං මොකද්ද කරන්න ඕන."
   ඉතින් මං එයාගෙන් පොඩි උදව්වක් ඉල්ලුවා හැබැයි මං කරපු දේට අපේ මල්ලි කැමති වෙයිද කියන එක තමා ප්‍රශ්නෙ.

BLACK OF THE WHITE HEART ✔︎Where stories live. Discover now