chapter 6

77 15 4
                                    


Lisa කොරිඩෝ එක පුරාම දිව්වේ වටපිට බල බල.හරියට කාව හරි හොයනවා වගේ. එයා ගේ හිතට මොකක් හරි අමුත්තක් දැනුනා.එයා ඒ හොයන්න ගියේ Suga ව කියල එයා හිතා ගෙන හිටියට එයා හිත ඇතුලෙන් අතරමගදී JKව හම්බ උනා නම් හොඳයි කියල හිත හිත ගියේ."යන තැනක් කියල යන්නෙත් නෑ. පුදුම කෙනෙක් "

Lisa පන්තියෙන් එලියට ගියපු වෙලේ ඉඳන් V ගේ මූන දිහා Jennie ටිකක් වෙලා බලාගෙන ඉඳල අන්තිමේදී එයා ගාවට යන්න නැගිට්ටා."Jennieඔයාට ඔය කරන දේ විශ්වාසද?එයා මේ පාරත් ඔයාව ගණන් ගත්තේ නැත්තන්?එතකොට මොකද කරන්නේ?" Momo Jennie ව නවත්තන්න හැදුවේ තව Jennie දුක් වෙනවා බලන් ඉන්න බැරි නිසයි."මොන දේ උනත් කමක් නෑ. Taehyung මෙහෙම ඉන්නවා බලන් ඉන්න බෑ නේ එයා මාව ignore කළාට කමක් නෑ" කියන ගමන් Jennie V ගාවට ගියා. ඒ ගිහින් එයාගේ එහා පැත්තෙන් වාඩි වුණා."Taehyung!!"


ඒත් V Jennie දිහා බැලුවේ නෑ.එයා Jennie දිහා බැලුවේ නැති වුණත් Jennie දිගටම කතා කරන්න පටන් ගත්තා.

"Taehyung, ඔයා  Lisa ට කැමතියි නේද?"Jennie  V ගෙන් ඒ විදිහට අහපුවම V ඔලුව උස්සලා Jennie දිහා බැලුවා

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

"Taehyung, ඔයා Lisa ට කැමතියි නේද?"Jennie V ගෙන් ඒ විදිහට අහපුවම V ඔලුව උස්සලා Jennie දිහා බැලුවා.ඒ තමයි පලවෙනි වතාවට V Jennie ගේ ඇස් දිහා කෙලින් බැලුවේ.ඒත් V කිසිම දෙයක් කිව්වේ නම් නෑ.Jennie ආයෙමත් V ගෙන් ඒ ප්‍රශ්නෙම ඇහුවා.

"ඔයා Lisaට කැමතියි නේද  Taehyung?  අකමැති නම් උත්තර දෙන්න ඕනි නෑ

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

"ඔයා Lisaට කැමතියි නේද Taehyung? අකමැති නම් උත්තර දෙන්න ඕනි නෑ .ඒත් ඔයාට උදව්වක් ඕනි නම් මට කියන්න.අනික, ඔයාගේ හිතේ තියන දේ Lisa ට කියන්න. නැත්තං ඔයාට වෙන්නෙත් මට වුන දේ මයි."එහෙම කියලා Jennie V ව සනසන්න වගේ එයාගේ උරහිසට අත තියල ගියා.

"කාටද ඔයා ආදරේ කලේ?ඔයාට ඔයාගේ හිතේ තිබ්බ දේ කියන්න ඕනි වුනේ කාටද?" V එහෙම හිතින් හිතුවට Jennie ගෙන් ඒ ප්‍රශ්න අහන්න ගියේ නෑ.මොකක්ද හේතුවකට එයාට Jennie එක්ක කතා කරන්න ඕනි නෑ කියල හිතුනා.

Jennie මොන තරම් දේවල් කියල ගියත් V ඒ එකකට වත් හ්ම් කියල වත් කිව්වේ නෑ. නොකිව්වට ඒකට Jennieට ගොඩාක් දුක හිතුනා.ඒත් අඩුම ගානේ එයා Jennie දිහා ඔලුව උස්සල හරි බැලුවනේ.Jennie ට ඒකත් ඇති.

ඒ අතරේ Lisa කොරිඩෝ එක දිගේ දුවගෙන ඇවිත් එක තැනකදී නතර වුනා.ඒ මොකද එයාට එයා හොයපු දෙන්නවම හම්බ වුන නිසයි.ඒ වුනත් එයා ඒ දෙන්නා ළඟට නොගිහින් නතර වෙලා හිටියා."Jungkook ඇයි ඔයා හිතේ දේවල් හංඟ ගෙන ඉන්නේ?ඔහොම හිටියොත් අනිත් කෙනා ඉස්සර වෙයි."

"දැනටමත් එයා මට වඩා ඉස්සරහින් ඉන්නේ"

මේ කතාබහ ඇහුන නිසයි Lisa Suga යි JKයි ළඟට නොගිහින් නතර වුනේ.

"Jungkook කාට හරි කැමතිද?ඒක වෙන්න පුළුවන් දෙයක්ද ! කවුද මෙයාගේ crush එක?" Lisa තමන්ටම කියා ගත්තා.

"මන් ඔයාට උදව් කරන්නම්.ඒත් මුලින් මං කිව්ව විදිහට ඉන්න. හැමෝටම හොඳින් සලකන්න ": Suga එහෙම කියල එතනින් ගියා.Lisaඅස්සේ හැංගිලා හිටපු නිසා Suga එයාව දැක්කේ නෑ. Suga එතනින් ගියාට පස්සේ Lisa JK ගාවට ගියා.

"Li...Lisa? ඔයා දැන් ද ආවේ?" Lisaව දැකල JK එකපාරට ගැස්සිලා ගියා.

"ඔව් ඔව් දැන් ආවේ මන් ඇයි ?"Lisa ත් දැන් ආවේ වගේ රඟ පෑවා.

"මොනවත් ඇහුනද?"

"මොනවද?"

"ආහ් නෑ නෑ මුකුත් නෑ ඇයි දැන් මාව හොයාගෙන ආවේ?"

"පිස්සුද ඔයාට ? කවුද ඔයාව හොයාගෙන ආවේ. මම ආවේ Yoongi අයියව හොයාගෙන."

"අහ් ඒකත් එහෙමද?අපරාදේ එයා මේ දැන් මෙතනින් ගියේ දැන් ටිකකට කලින් ආවා නම් අල්ල ගන්න තිබුනා."

"මොකද මේ ඔයා මට එක පාරටම හොඳින් කතා කරන්නේ එකපාරටම? "

"මුකුත් විශේෂයක් නෑ. මන් හැමෝම එක්ක හොඳින් ඉන්න හිතුවා " කියල කියාගෙන Jungkook class එකට ගියා.මොනවා වුනත් Lisa ගේ හිතේ වැඩ කලේ නම් කවුද JK ගේ Crush එක කියලයි.Jk යන දිහා Lisa බලාගෙන හිටියා.හිතට හරි නොසන්සුන් කමක් දැනුනා Lisa ට. ඒත් ඒ මොකක්ද කියල එයාට හිතා ගන්න බැරි වුනා.

Lisa ගේ හිතේ Jkගැන කැමැත්තක් වත් ඇති වෙලාද? ඒත් Jungkook කැමති වෙන කෙනෙකුටද?

ඔන්න මන් 6th chapter එකත් publish කළා.මගේ මේ story එක කියවල comment කරපු Vote කරපු හැමෝටම ගොඩාක් Thank you.😘

The Immortal Promise [COMPLETED]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin