Chapter 12

51 10 2
                                    


මැච් එක දවසත් ආවා. උදේම cheer leaders ලා ඇවිත් ලෑස්ති වෙලා හිටියා. ටීම් එකත් ඇවිත් හිටියා. අද නම් ලූකස් ගේ මූඩ් එක යථා තත්ත්වෙට ඇවිල්ල කියල හැමෝටම තේරුනා.

"කොහෙද ඊයේ හිටියේ උඹ? අපි හැම තැනම හෙව්වා." ලූකස් ඇයි ඊයේ අවුලෙන් හිටියේ කියල අහන්නේ නැතිව Taehyung ඇහුවා.

"අහ් මම ඊයේ කලින් ගියා මට ඇඟට අමාරුයි වගේ දැනුන නිසා" ලූකස් එහෙම කියනකොට එයාට පොඩි හිනාවකුත් ගියා ඊයේ උන දේ මතක වෙලා. ඒත් ඒ හිනාවට හේතුව JKයි Taehyung යි හාර හාර අහන්න ගියේ නෑ. මොකද එයා කියන්නේ නැත්තේ මොනවා හරිම හේතුවක් නිසානේ කියලා එයාල දෙන්න දන්න නිසා.

හැමෝම ටිකක් nervous වෙලා හිටියේ එදා මැච් එක ගැන. අනිත් ඉස්කෝලේ ටීම් එක උදේ හත වෙනකොට ඇවිත් තිබුනා. මැච් එක තියන්න ලැස්ති කරලා තිබුනේ Jungkook ලගේ ඉස්කෝලේ. අනිත් ඉස්කෝලේ ටීම් එක indoor ground එකට එන ගමන් හිටියේ. එයාලගේ ලීඩර් සුගා වගේම ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක් එයාගේ ඉස්කෝලේ. ඒවගේම එයා ගොඩක් දක්ෂයි. ඒක නිසා ටිකක් සුගා ගේ ටීම් එක ටිකක් බය වෙලා හිටියේ. සුගාගේ ටීම් එක court එකේ හිටියා. Cheer leaders ලත් court එකේ ලෑස්ති වෙලා හිටියේ.

"Jungkook මගේ බෑග් එක ඇතුලෙන් තියල එන්නකෝ" Jungkook තියන ඔක්කොම ලස්සන වචන සුගාට කිය කිය බෑග් එක තියන්න ගියා. ඒ යන අතරමගදීත් Jungkook Lisa ගැනමයි හිත හිත හිටියේ. එයා දැන් හිතුවොත් හිතන්නේ Lisa ගැනමයි. දැන් Lisa Taehyung එක්ක ඉන්නකොට එයාට වෙනදටත් වඩා ට්‌ හරහා යනවා. දුක හිතෙනවා.ඒත් Jungkook කලින් කෙරුවා වගේ මෝඩ වැඩ නම් කලේ නෑ.

බෑග් එක තියල ආපහු එනකොට SVN school එකේ Basketball team එක court එකට ඇවිත් හිටියේ. මැච් එක පටන් ගන්නේ අටට. තව මැච් එක පටන් ගන්න පැය භාගයක් තිබුන නිසා Jungkook හිතුවා Lisa එක්ක ගිහින් ටිකක් කතා කරලා එන්න ඕනි කියල හිතල තමා එයා court එකට ගියේ. Lisa අර Jungkook ගෙයි Taehyung ගෙයි රන්ඩුවෙන් පස්සේ Jungkook එක්ක කතාකලේ කලේ නෑ. ඒ නිසා එයාව යාළු කරගන්නත් එක්ක කියල court එකට ගියා.මුළු court එකම පිරිලා. වටපිට බලල බලල අන්තිමේදී කොහොමහරි Jungkook යන්තං Lisa ව හොයා ගත්තා. ' ආහ් අර ඉන්නේ!' Jungkook Lisa ලඟට යන්න කකුල තිබ්බත් එයා එකපාරට කෙනෙක් ව දැකල නතර උනා. ඒ එයාගේ ආත්මීය සහකාරියක් දැකල නං නෙමෙයි. අපි කියමු එයා ඒ දැක්කේ හුගාක් පරණ යාලුවෙක් ව කියලා.

The Immortal Promise [COMPLETED]Where stories live. Discover now