Chapter 11

48 11 2
                                    


බාස්කට් බෝල් ටීම් එක එයාලගේ උපරිමයට practice කළා. Cheer leaders ලත් ගොඩක් හොඳට practice කළා. ඒ අස්සෙන් කට්ටිය ඉන්ටර්වල් වලදී තම තමන්ගේ ක්‍රුෂ් දිහා බල බල හිටියා. කොහොමහරි මැච් එකට කලින් දවසේ practice එක සුගා කලින් ඉවර කරා මොකද ඕනවට වඩා මහන්සි උනොත් හෙට හරියට ප්ලේ කර ගන්න බැරි වුනොත් කියලා.

"අද අපි කලින් practice ඉවර කරමු . මොකද හෙට මැච් එකට හෙම්බත් වෙලා යන්න බෑනේ. ඕනේ නැති ජාති කන්න එපා. අදට විතරක් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. ලූකස් ඔහේ විශේෂෙන්ම . අහුවෙන ඕනම මඟුලක් ඔහේ ඉතින් කටේ දාගන්නවනේ. මැච් එක දිනුවොත් මන් ගානේ හැමෝටම treat දෙනවා. " සුගා ටීම් එකට කිව්වා.

"ඒ අයියේ එතකොට අපිට නැද්ද?" ඒක ඇහුන Cheer leaders ලා කෑගහන්න ගත්තා. "දෙනවා දෙනවා" සුගා එයාලටත් treat දෙන්න පොරොන්දු උනා.

හැමෝම තම තමන්ගේ දේවල් බෑග් වලට දාගෙන ගෙදර යන්න ලෑස්ති වුනා. හැමෝම පිස්සු කියව කියව හිනා වේවි තමයි තමන්ගේ දේවල් අහුරගත්තේ. වෙනදට හිනා කොහෙද මම හේතුව මල්ලි ලූකස් අද හෙන silent . හරියට නිකන් හෙන ගානක් දීලා ගත්තු ෆෝන් එක අම්මා අල්ලලා පොළොවේ ගහල වගේ. කිසිම විහිළුවක් කලෙත් නෑ . උගේ විහිලු නැතුව ඇත්තටම නිකන් කෑවේ නෑ වගේ. ඌ කියන්නේ විකාර නම් තමයි ඒත් එයා සයිලන්ට් මාර පාලුයි හැමෝටම.එදා ජිමින් ඇවිත් ආයෙමත් හීසියෝන්ග් එයාගේ උස ප්‍රශ්නය ඇදල ගත්තට ලූකස් ජිමින් ව බේරගන්න වත් ආවේ නෑ.

"ලූකස් ? මොකක් හරි අවුලක්ද?" ජේකේ ලූකස්ගෙන් ඇහුවා. ඒක ඇහුන ටේ ත් ලූකස් ලඟට ආවා.

"අද උඹ හරි අමතුයි. මොකක්ද අවුල?" Taehyung ඇහුවා.

"ආ නෑ නෑ . කිසි අවුලක් නෑ " ලූකස් බෑග් එකට එයාගේ බඩු ටික දාගන්න ගමන් කිව්වා. එයා අර දෙන්නගේ මූන බලලා නෙමෙයි කතා කලේ.

"නැති වෙන්න බෑ. මොකක් හරි තියනවා. මොකෝ උනේ? කෙල්ලෙක් ගෙන් ගුටි කෑව වත් ද?" ජන්ග්කුක් ලුකස්ගේ මූනට එබෙන ගමන් ඇහුවා. ඒත් ලූකස් ඒකට උත්තර නොදී එතනින් යන්න ගියා. ඊට පස්සේ එයාව හොයාගන්න පුළුවන් වුනේ නෑ .

කොච්චර හොයලත් ලූකස් ව හම්බ වුනේ නැති නිසා JK යි Vයි දෙන්නා ගෙදර ගියා. Jennieගෙයි Lisa ගෙයි ගෙවල් වලිනුත් එක්කන් යන්න ඇවිත් තිබුන. ඒත් Momo ව එක්කගෙන යන්න කවුරුවත් ඇවිත් හිටියේ නෑ .

The Immortal Promise [COMPLETED]Where stories live. Discover now