ට්‍රීට් එක 🍜🍛😂💔- Special chapter

52 10 4
                                    


බාස්කට් බෝල් මැච් එක දිනපු නිසා සුගා ටීම් එකටයි චියර් ලීඩර්ස්ලාටයි ට්‍රීට් එකක් දෙන්න එයාලව restaurantඑකකට අරගෙන ගියා. සුගා ඉතින් සල්ලිකරයානේ එයාට ගමකට වුණත් ට්‍රීට් අරන් දෙන්න පුළුවන්. ටීම් එකත් ලද අවසරයෙන් ප්‍රයෝජන ගන්න හිතල එයාලගේ යාළුවො කීප දෙනෙක් උස්සගෙන ඇවිත් හිටියා. ඒකත් අංක එකේ බඩජාරි සෙට් එකක්. ලූකස් එයාගේ අතිජාත බඩජාරි මිත්‍රයා ජිමින්ට එන්න කිව්වා. එයා එයාගේ අලුත් යාලුවා දොයෝන් ව අරගෙන ආවා. දොයෝන් ආපු එක ගැන නම් ගෑනු ළමයින්ගේ හිත් වල තිබුනේ උතුරා යන සතුටක්. දොයෝන්ගේ අහිංසක හා පැටියෙක් වගේ මූණට ගෑනු ළමයි වශී වෙලා හිටියේ.කොටා වුනත් ජිමින්ටත් කාන්තා ආකර්ෂණය නොඅඩුව ලැබෙනවා කියල තමා එයා හිතන් ඉන්නේ.(නෑ නෑ එහෙම තමා😜😂)

සුගා එයාගේ නොම්මර එකේ පෙරේත මිතුරෝ දෙන්නා තෙමිනුයි මින්හොයි දෙන්නව එක්කගෙන ආවා.එක්කගෙන ආවා නෙමෙයි උන් දෙන්නා බලෙන් ආවා. කෑම තියෙන්නේ කොහෙද මුන් දෙන්නා එතන. ඒ තරම් ශක්තිමත් බැඳීමක් ඒ දෙන්නයි කෑමයි අතර තියෙන්නේ.

කොහොමහරි කට්ටිය restaurant එකේ දිග මේසයක් වටේට ඉඳ ගත්තා. කෑම ඕඩර් කරලා ඒවා එනකන් කට්ටිය වට මේස සාකච්ඡාවක් ආරම්භ කළා. ඒ උනත් මේ කට්ටිය එක්ක වැදගත් දෙයක් කතා කරන්න බෑනේ ඉතින්. ලූකස්, ජිමින්, දොයෝන්, තෙමින්,මින්හෝ, හීසීයෝන් තමා දවසේ එන්ටර්ටෙනර්සලා ටික. මුන් සෙට් එකට තැනක් නොතැනක් නෑ මුළු ඔක්කොගෙම සායම හෝදලා තමා නතර වෙන්නේ. සුගා නම් මුන් සෙට් එකට එළියේ තැනක ට්‍රිට් එකක් දෙනවා කියල දුන්නු පොරොන්දුවට හෙනට පසුතැවුනා.

Lisaයි Jungkook යි දෙන්නා හිටියට ඒ දෙන්නා හැමෝම ඉස්සරහ එයාලගේ ලව් ස්ටොරිය දිග අරින්න ගියේ නෑ. ඒ වගේම තමා Momoත්. ලූකස්ට නං මෙලෝ සිහියක් නෑ. කට්ටිය එක්ක එකතු වෙලා restaurant එකේ දහඅට සන්නිය නටනවා. ඕඩර් කරපු කෑම එනකන් කට්ටියට snacks දුන්නේ මේ පිස්සු සෙට් එක තමයි.

"මේ ඕයි දොයෝන්!! අද අපිට උඹේ රඟපෑමේ හැකියාව බලන්න ඕන. මට ආරංචියි ලඟදි Musical එකක් තිබ්බා කියලා." ජිමින් කිව්වා. ඒක ඇහුන දොයෝන්ට දෙලොව රත් වුනා. දොයෝන් ඉස්කෝලේ drama club එකේ ලඟදි කරපු Musical එකේ එයා රඟපෑවේ Axel Von Fersen ගේ චරිතයට. දොයෝන් එයාගේ ඩ්‍රාමා ක්ලබ් එකේ යාලුවන්ට කලින්ම කියල තිබුනේ මේ drama scene එක ජිමින්ගේ කනට යන්න දෙන්න එපා කියලා.විශේෂෙන්ම හේචාන් ට. ඒත් කොහෙද හේචාන් කෙලින්ම ගිහින් ජිමින්ටම කියලනේ. දොයෝන් කොච්චර ආදරෙන් හේචාන්ව මතක් කළාද කිව්වොත් ගෙදරට වෙලා කකුල් දෙකත් උඩ දාගෙන movie එකක් බල බල හිටපු හේචාන්ට මහ සද්දෙට කිඹුහුමක් ගියා.

The Immortal Promise [COMPLETED]Where stories live. Discover now