Chapter 10

55 11 2
                                    


දවස් දෙක තුනක් හරිම සාමාන්‍ය විදිහට ගෙවිල ගියා. Jungkook ටිකෙන් ටික Lisa ට ලං වෙන්න ගත්තා. ඒ දෙන්නගේ හිත්වල දෙන්නට දෙන්න ගැන තිබුන වැරදි වැටහීම් ටිකෙන් ටික නැති වෙලා ගියා. මොනවා වුනත් JK ට එයාගේ අතීතේ මතක් වෙන්න පටන් අරගෙන තිබුනේ. අනිත් අයටත් ටික ටික දේවල් මතක් උනත් Lisa ට නම් කිසි දෙයක් මතක් වුනේ නෑ.

"Jungkook, Taehyung උදව්වක් ඕනි මට " දවසක් හදිස්සියේම Suga එයාලගේ පන්තියට කඩාගෙන ආවා.

"මොකක්ද අයියේ වෙන්න ඕනි? පුළුවන් උදව්වක් නම් කරන්නම්" Taehyung Suga කිව්වා. JK ත් ඔලුව වැනුවා.

"අපේ basketball team එකේ තුන් දෙනෙක් ට injury වෙලා. Reserve කට්ටියත් එන්න බෑ කියනවා. අනිද්දා match එක .කට්ටියත් නෑ . මෙහෙම ගියොත් අපට සෙල්ලම් නොකරම පරාද වෙන්නයි වෙන්නේ."

"ඒත් අයියේ මට හොඳට basketball play කරන්න බෑනේ " Taehyung කිව්වා.

"කමක් නෑ ටිකක් හරි පුළුවන්නේ. ආ මේ තව කෙනෙකුත් ඉන්නේ. ඔයාගේ උසත් හොඳයි. මීට කලින් Basketball play කරලා තියනවද? Suga Lucas ව දැකල ඇහුවා. Lucas ගොං බඳින කනුව වගේ හිටියට man මේවට දක්ෂයි. එයාට හොඳට sports පුළුවන්. ඒ වගේම තමයි එයා ඔය කොච්චර පිස්සු නැටුවත් එයාගේ හිත හරිම හොඳයි.

"ආහ් ඔව් මට basketball play කරන්න පුළුවන්." Lucas කිව්වා. Suga ගේ ප්‍රශ්නේ එක ගමනකින්ම විසඳුන එකට එයාට ලොකු සැනසිල්ලක් වුනා.

"හෙට ඉඳල ඔයාල practice එන්න එහෙනම්.Thank you මාව බේරගත්තට.ආ Lisa Cheer leaders ලව ලැස්ති කරන්න පුලුවන්ද? අපේ කලින් cheer leaders ලව ලැස්ති කරන කෙනා ඉස්කෝලෙන් අයින් වෙලා. ඔයාටත් අලුත් යාළුවන්ව අඳුරගන්න පුළුවන් නේ."

"හා මන් කරන්නම් " Lisa එයාට පවරපු වැඩේ බාරගත්තා. පහුවෙනිදම V, JK යි Lucas යි තුන්දෙනා practice වලට ගියා. Lisa ත් එයාගේ වැඩේ හරියටම කළා. එයාගේ වැඩේ නම් එච්චර අමාරු එකක් උනේ නෑ. මොකද ගෑනු ළමයි basketball team එක ළඟටම බලාගන්න පුළුවන් අවස්ථාව මග ඇරගන්න කැමති උනේ නෑ. ඒත්cheer leaders ලව පුරුදු කරන Miss Jisoo තෝරාගත්තේ දහ දෙනෙක්ව විතරයි. . එයා Lisa වයි තව නව දෙනෙකුයි තෝරලා ගත්තා. ඒ දහ දෙනා අතරේ Momo යි Jennieයි දෙන්නත් හිටියා. Jennie ආවේ Taehyung ව බලන්න. එයා හොඳටම දැනගෙන හිටියා V බලන්නේ Lisa දිහා විතරයි කියලා. ඒත් එයාට එයාගේ හැඟීම් නැති කරගන්න පුළුවන් වුනේ නෑ. Momo ආවේ Jennie ආපු නිසා නෙවෙයි. එයා ආවේ Lucas team එකේ ඉන්න නිසා. මිනිස්සු මොනතරම් කතා වුනත් Lucas හෙන පැණියා කියල, Momo එයාට ආදරේ කරන එක අතෑරියේ නෑ.

The Immortal Promise [COMPLETED]Where stories live. Discover now