Chapter 14

52 11 0
                                    

 "ඕයි ලූකසයෝ!" මොනෝ පාරක් ගහන් ජනේලෙන් එලිය බාලගෙන හිටපු Lucas ගේ පිටට Jiminදඩාස් ගාල ගැහුවා. ඒ එල්ල කරපු හයේ පාරට Lucas ගැස්සිලා ගියා.

"අඩෝ කොහෙද බං උඹ ගිහින් හිටියේ?"

"මන් මේ මෙතනනේ හිටියේ. මොනවා කියනවද මන්දා" Lucas අහක බලන ගමන් කිව්වා.

"ශරීර කූඩුව නං මෙතන තිබ්බ බව ඇත්ත. ඒත් හිත නං මෙතන තිබ්බේ නෑ. මොකෝ මල්සරාවත් විද්දද? Jimin ඇහැක් ගහන ගමන් ඇහුවා. Jimin දැනගෙන හිටියා සීන් එක. ඒත් Lucasව පොඩ්ඩක් අවුස්සලා ආතල් එකක් ගන්න හිතක් Jiminට පහල වෙලා තිබ්බේ.

"මට විද්ද කෙහෙල්මල් මල්සරෙක් නෑ ඕයි !"

"ආව් ආව් බලන්නකෝ කොල්ලගේ මූණ " ලැජ්ජාවට ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා තිබුන Lucasගේ මූණ දැකල Jiminට හෙන ආතල්.

"අනේ පලයන් යන්න කොටෝ" ඒ පාර Lucas Jiminව අවුස්සන්න කියල හිතල මතලම Jiminට කොටා කියල කිව්වා. Lucas ඉතින් පොල් ගහක් වගේ උසයි නේ. එයා එක්ක ඉන්නකොට ඉතින් Jimin කොටයි නේ. (කොහොමත් එයා කොටයිනේ කියල කියන්න හිත දෙන්නෑ 😂😂💔)

"මොකක්ද උලමෝ කිව්වේ?"

"කොටා කියල කිව්වේ. ඇයි මොකෝ තෝ මට ගහන්නද? දොඩම් ගෙඩි දෙකක් තරම්වත් උස නෑ ඒත් කට නං බෝක්කුවක් වගේ" Lucas එයාගේ හැකර හිනාව ලෝකෙට ප්‍රදර්ශනය කරන ගමන් කිව්වා.

මුන් දෙන්නගේ උස වලිය නම් ඉස්කෝලේ හරි ප්‍රසිද්ධයි. ඔය කියන තරම්ම Jimin කොට නැති වුණත් අනිත් අයට සාපේක්ෂව එයා කොටයි. මේ පාර නම් මුන් දෙන්නට ගහගන්න හම්බ වුනේ නෑ. කොහේදෝ ඉඳලා එතනට පාත් වුන කෙල්ලෝ ටිකක් Lucasව වට කරගත්තා. මේ සෙට් එක එකපාරටම ආපු නිසා Lucasට මුකුත් කර කියාගන්න බැරි වුනා.

"අනේ Lucas අයියා!" කෙල්ලෝ ඔක්කොම Lucasගේ ඇඟේ එල්ලිලා පිස්සු විකාර නටන්න ගත්තා.

"අනේ අනේ නම්ගියා ඔයාල මොනවද මේ කරන්නේ? අයියෝ අහකට වෙන්නකෝ අප්පා!" Lucas කොච්චර දැඟලුවත් එයාලගෙන් බේරෙන්න බැරි වුණා. එලවන්න එලවන්න ආයේ ඇඟේ එල්ලෙනවා. Lucasගේ පැණි හැලියට වහපු කුඹී රැල තමා ඉතින් ඔය. Momoත් මේ කෙල්ලන්ගෙයි Lucasගෙයි විගඩම බලාගෙන. එයාට නම් හොඳටම තරහ ගිහින් තිබුනේ. Lucas Momo දිහා බලලා එයාව බේරගන්න කියලා ඇස් දෙකෙන් කිව්වත් Momo රවල අහක බලාගත්තා. වෙන කරන්න දෙයක් නැති කමට Lucas අසරණ විදිහට Jimin දිහා බලලා එයාව බේරගන්න කියලා ඉල්ලුවා.මොන තරහ මරහ තිබ්බත් ඉතින් Jimin තමන්ගේ හොඳම යාළුවව අතෑරලා දාන්නේ නෑ. එයා Lucasව බේරගන්න යුද්ධෙට යන නිර්භීත සෙන්පතියෙක් වගේ ගෑනු ළමයි හමුදාව මැද්දට අභීතව ගියා.

The Immortal Promise [COMPLETED]Unde poveștirile trăiesc. Descoperă acum