Extra class එක 😂😂😂😂😂💔Special chapter

54 8 2
                                    

"දැන් දෙයියෝ සිහිකොරන් ඇතුලට යමු මල්ලිලා" Minho Mr. Kimගේ Extra class එකේ දොරකඩ ගාව ඉඳන් හොටු පෙර පෙර අඬන Lucas, Jimin, Doyoung, Taemin කට්ටියට කිව්වා. දැන් Minhoයි Taeminයි ඩබල මොනාද මේ extra class එක ඉස්සරහ ඉන්නේ? හේතුව පැහැදිලිනේ? ලකුණු අඩුයි! දැන් මෙතන හැමෝම දෙවියෝ සිහි කර කර පරාණ බයේ ගැහි ගැහි හිටියට ඇත්තටම දෙවියෝ සිහි කරගන්නේ වෙන්නේ Mr. Kimට. මොකද ඉතින් මුන් මොනවගේ දෙයක් කරයිද දන්නේ නෑනේ. දැන් යමන් ඇතුළට... කවදාවත් නැතුව මින්හෝට පන්තියට යන්න හදිස්සියක් ඇවිත්!

"ඕයි ඕයි? මොකද උඹ මකර කටට යන්න අද ඔච්චර හදිස්සි කරන්නේ?" Taemin ඇහුවා. ඒත් මින්හෝ මුකුත් කිව්වේ නෑ. එයාට ඉගෙන ගන්න ආසවක්වත් ඇවිල්ලද? නෑ වෙන්න බෑ. ( මේ ඕතර්! මම හෙන වැදගත් පොරක්. ඔහේ මාව මේ වගේ චරිතෙකට දැම්මට!😌 වැදගත්? ෆ්ද්න්ස්ෂක්ජ්ද්ව්න!!😂😂😂😂💔 හාකෝ😂😂😂💔)

කොහොමහරි අන්තිමට හැමෝම ඇතුලට ගියා. කකුල් වෙවුලනවා ඔක්කොගෙම. වීරයා වගේ යං යං කියල කිව්වත් මින්හොත් පරාණ බයේ ගැහෙන්න ගත්තා. *කට කට කට....*

"මොකක්ද බං ඒ කට කට සද්දේ? කවුරු හරි ජනේලෙකට තට්ටු දදා සින්දු කියනව වත්ද?" ජිමින් ඇහුවා.

"නෑ බං ඒ අපේ මේ මහා ලොකු වීරයා මින්හෝ අයියගේ දත් සැට් එක ලව් කරන සද්දේ" ලූකස් එයාගේ හැකර හිනාව ලොවට විදහා පාන ගමන් කිව්වා.

"හා හා දැන් ඔය උඹලගේ හැකර හිනා ටික දොරකඩ ලඟින් තියල එනවල ඇතුළට" ලූකස්ගේ හිනාව ඇහිලා Mr. Kim කිව්වා. කට්ටියම මරන්න ගෙනියන හරක් රැලක් වගේ පන්තියට ගියා. "හ්ම් හ්ම් දැන් ගන්නවල English පොත් ටික එළියට" ලූකස් බෑග් එකෙන් එයාගේ පොත අරගෙන මෙසේ උඩින් හයියෙන් තිබ්බා.

*තග්!*

"බුදු අම්මියෝ!" ඒ සද්දෙට බය වුන ලූකස්ලට ඉස්සරහ පේලියේ හිටපු දෝයෝන් උඩ විසිවුණා. එයා කෑගහපු විදිහට මුළු ඔක්කොටම හිනා. ඒත් ඉස්සරහ Mr. Kim රවාගෙන බලාගෙන හිටපු හන්දා හයියෙන් හිනා වුනේ නෑ. ඔක්කොමලම අතින් කටවහගෙන හිනා වෙන්න ගත්තා. හිනාව වැඩි කමට ජිමින්ගේ ඇස් දෙකෙන් කඳුලුත් බේරෙනවා.

"හා හා වහගන්නවල ඔහෙලගෙ කටවල්!"

Mr. Kim කලින් දීපු test paper එක ආපහු සාකච්ඡා කරන්න ගත්තා. ටික වෙලාවක් යනකොට මුන් සෙට් එකම නිදි කිරා වැටෙනවා. මින්හෝයි තේමිනුයි ඩබල ඉස්සරහම පේළියේ වාඩි වෙලා හිටියේ. මුන් දෙන්නා ඉස්සරහ ඉඳගෙනම කිරනවා හෝ ගාල. හොඳ වෙලාවට ඔතන යුන්ගි නොහිටියේ හිටියනම් එයා පටන් ගත්ත වෙලාවේම නිදා ගන්නවා. ඊටපස්සේ ආයේ ඇහැරවනවා බොරු ඉතින්. ඔයාල දන්නවනේ සීන් එක.😂😂💔

The Immortal Promise [COMPLETED]Where stories live. Discover now