Chapter 8

78 16 1
                                    

පාන්දර නින්ද ගිහින් ආපහු නැගිටිනකොට වෙලාව උදේ 7.00 යි.ඒකත් එයා නෙමෙයි නැගිට්ටේ අම්මයි ඇවිත් නැගිට්ටුවේ.

"ආහ් හරි ශෝක් අද ඉස්කෝලේ යන්නැද්ද?" උදේ අම්මා Jungkook ව ඇහැරවන්න ආවා.අම්මගේ සද්දෙට Jungkook ගැස්සිලා ඇහැර වුණා. එක පාරටම එයා බැලුවේ ඔරලෝසුව දිහා.වෙලාව දැක්ක JK දුවල ගිහින් ලැස්ති උනා මොකද අද එයාට ඉස්කෝලේ යන්නම ඕනි කියලා එකක් හිතට දැනුන නිසා.ඉස්කෝලෙට යනකොට වෙලාව 8 ටත් කිට්ටුයි.කොහොම හරි හැබැයි එයා 8 ට ඔන්න මෙන්න කියල හරි ඉස්කෝලේ ඇතුලට පැන ගත්තා.

'අදත් ඉතින් Taehyung Lisa ගාව වාඩි වෙලා ඇති ඉතින්' JK ට එහෙම හිතුනේ එයා පොඩ්ඩ එහෙ මෙහෙ වෙනකන් ඉඳල Taehyung Lisa ගාව ඉඳගන්නව කියල දන්න නිසයි.Jungkook එයාට පුළුවන් උපරිම වේගෙන් පන්තියට දිව්වා.එයා හිතපු විදිහටම Taehyung Lisa ගාව වාඩි වෙලා හිටියා.එදා JK ගේ වෙලාවට එවෙලේ Mr. Kim පන්තියට ඇවිත් හිටියේ නෑ.

"Good Morning Mr. Kim Taehyung !" Jungkook එහෙම කියාගෙන Taehyung ගේ ඉස්සරහින් හිට ගත්තා. Taehyung හෙමීට ඔළුව උස්සල Jungkook දිහා බැලුවා. JK ගෙන් ගුටි කන්න වෙනවා කියල දැන දැනත් Taehyung Jungkook ට මෙහෙම කිව්වා.

" අදට විතරක් ඔයා මගේ තැන ඉඳ ගන්නකො. අදට විතරයි අනේ .මට අද විතරක් හරි මගේ යාළුවා එක්ක ඉන්න ඕන."

"ආ ... ඇත්තද ? යාළුවා එක්ක ඉන්න ඕන ද! නැගිටිනවා Taehyung!" JK V කිව්වා දේට එකඟ වුණේ නෑ. ඒ වගේම V පුටුවෙන් නැගිට්ටෙත් නෑ. කොච්චර කිව්වත් එයා නැගිට්ටේ නැති නිසා JK එයාගේ ගේ කොලර් එකෙන් අල්ලලා නැගිට්ටෙව්වා.

"Jungkook අත අරින්න එයාව " Lisa නැගිටලා JK ගේ අතින් අල්ලලා V ව බේරගන්න හැදුවා.රණ්ඩුවක් අත ළඟ කියලා Jennie නිකමට හිතුනා. ඉතින් එයත් එතනට ආවා.JK Vගේ කොලර් අල්ලලා නැගිට්ටුවම Vටත් ගොඩක් තරහ ගියා.එයාත් Jungkook ගේ කොලර් එක අල්ලගත්තා. "Taehyung" Jennie

V ගේ අත අල්ලාගෙන එයාව එහාට කරන්න හැදුවා.

මුළු පන්තියම මේ දෙන්න දිහා බලාගෙන හිටියේ දැන් ඊළඟට මොකක් වෙයි ද කියල හිතා ගන්න බැරුව. සමහර ගෑනු ළමයි නම් මේ රණ්ඩුවට Lisa ට හොඳටම බැන්නා.එයා හිතල කරපු දෙයක් නොවුනත් ඒ වගේ ළමයි හිතන්නේ තමන් හරි කියලා. Lucas, Jimin දෙන්නා ගිහින් මේ රණ්ඩුවට මැදිහත් උනා. මොකද ගෑනු ළමයි දෙන්නෙක්ට මේ දෙන්නගේ තරහව පාලනය කරන්න බෑ කියල මෙයාල දැනන් හිටිය නිසා.

The Immortal Promise [COMPLETED]Where stories live. Discover now