Chapter 16

51 9 0
                                    

හැමෝම Lucasගේ plan එකට වැඩ කළා. Jungkookයි Taehyungයි දෙන්නා විතරක් Junjieට පේන්න තනියම ඒ පරණ building එකට යන්න කියල Lucas උපදෙස් දුන්නා. Lucas Sugaටයි Kris Wuටයි කතා කරලා වුන දේ කිව්වා. ඒ දෙන්න විදුලි වේගෙන් ලූකස්ගේ ගෙදරට ආවා. මොකද Jungkookට මේ වෙලාවේ එයාලගේ උදව් ඕනි නිසා. අනික ඒ එයාලගේ නංගිනේ. Junjieලා දැනගෙන හිටියේ නැති වුණාට ඒ පරණ building එක අයිති දෝයෝන්ගේ තාත්තට. ඉතින් ඒ building එකේ හැම අස්සක් මුල්ලක් නෑරම එයා දන්නවා. එයා අහු මුළු ගැන ඔච්චරම දන්නේ ඇයි අහන්න එපා ඒක මන් දන්නේ නෑ.😂😂 Doyoung ඒ building එකේ දළ සැලැස්මක් කට්ටියට ඇඳලා දුන්නා. ඒ building එකේ main entrance එකට අමතරව entrance දෙකක් තියනවා.එකක් building එක පිටිපස්සේ තියන දොර අනිත් එක fire exit එක. එයාල fire exit එකෙන් ඇතුල් වෙන්න තීරණය කළා. මොකද එතන වැඩිය කාටවත්ම පෙන්නේ නැති නිසා. මොනා වුණත් යාළුවො බලන්න යද්දී හිස් අතින් යන්න බෑනේ කියල එයාල යනකොට ලෙමන් පෆ් උස්සන් ගියේ නෑ. හොඳ පොලු ටිකක් උස්සගෙන ගියා ඕනි වුණොත් සංග්‍රහ කරන්න.

Lucas තමා මේ සැලස්මේ mastermind. මොනවා වුනත් එයාගේ plan එකනම් සුපිරි ගණයේ එකක්.

'Building එකට ඇතුල් වුනාම Junjie කියයි එයාල ඉන්න floor එක. ඔයා එතකොට ඒක ටිකක් හයියෙන් Taehyungට කියනවා වගේ ඔයාගේ ඇඳුමේ හයි කරලා තියන mic එකට කියන්න. බය වෙන්න එපා ඔයාල දෙන්නෙක් ගියාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ මොකද Junjie ඇති තරම් කට්ටිය තියාගෙන ඇති. වැඩි වෙනසක් පෙන්නන්න එපා. ඒ වගේම දෝයෝන් කිව්ව විදිහට මේ building එකේ cctv cameras තාම වැඩ කරනවා. එහෙම නේ? හරි එහෙනම් අපි ඒක ඉක්මනට hack කරලා ඇතුලට පනින්නම්.'

Fire exit එක ගාව කිසිම CCTV camera එකක්වත් තිබුනේ නෑ. Lucas ඒ building එකට අල්ලපු ගෙදර පොඩි සිරික්කියක් දාල කොහොමහරි එයාගේ ගෙදර තාප්පෙන් පැනල building එකේ fire exit එක ලඟට යන්න අවසර ගත්තා. ඒ මොකද Fire exit එක ලඟට යන්නත් camera පාස් කරන්න වෙන නිසා. Lucas, Jimin, Doyoung, Suga, Kris Wu කට්ටියම තාප්පෙන් පැනල Jungkookගේ signal එක එනකන් බලාගෙන හිටියා.

"2nd floor"

ටික වෙලාවකින් Lucasට Jungkookගේ කටහඬ ඇහුණා. අනිත් අයටත් එයා floor එක කිව්වා. ඊටපස්සේ කට්ටියම fire exit එකෙන් CCTV cameras තියන තැන ලඟට ගිහින් CCTV system එක hack කළා. Doyoung තමයි hack කළේ. එතකොටම ඒක Monitor කර කර හිටපු Junjieගේ කෙනෙක් ආවා කවුද මේ වැඩේ කලේ බලන්න. එයා එළියට එනකං සංග්‍රහ කරන්න ගෙනාපු තෑග්ගක් අතේ තියාගෙන මග රැකගෙන හිටපු Lucas, එයා එළියට ආපු ගමන් උගේ ඔලුවට පාරක් දුන්නා. ඊටපස්සේ ඌ ව shape එකේ කාමරේ ඇතුලට දාල ලොක් කළා. උගේ ෆෝන් එකත් මෙයාල කුඩු කරලා දැම්මා. Junjie CCTV camera phone එකට link කරගෙන හිටියේ. Junjieට ෆෝන් එක දිහා බලන්න දෙන්න එපා කියල Lucas Jungkookලට කලින්ම කියල තමයි තිබුනේ.

The Immortal Promise [COMPLETED]Where stories live. Discover now