Chapter 13

38 10 0
                                    


 මැච් එක හරියටම අටට පටන් ගත්තා.SVN ටීම් එක හිතුවටත් වඩා දක්ෂයි. ඒ ගොල්ලෝ ෂූට් කරපු වාර වලින් සියයට අසූවක් ම වගේ සාර්ථක වුනා. ඒක TNJ ටීම් එකට හිතුවටත් වඩා අමාරු මැච් එකක් වුනා. TNJ team එක ගොඩක් අමාරු තත්ත්වෙක තමයි හිටියේ. first half එක ඉවර වෙනකොට SVN ටීම් එක TNJ ටීම් එකට වඩා ඉස්සරහින් හිටියේ. සුගාට ගොඩක් upset මේකට. එයාට විතරක් නෙමෙයි මුළු ටීම් එකටම හරි upset. එයාල ගොඩක් මහන්සි වුනා මේ මැච් එක වෙනුවෙන්. එයාල එයාලගේ උපරිමේ කරන්න හිතා ගෙන තමයි ප්ලේ කරන්න පටන් ගත්තේ.

"මෙහෙම ගියොත් අපි පරාද වෙනවා" Jungkook කිව්වා. එයා කියපු එක ඇත්ත. මේ විදිහටම second half එකත් ගියොත් අනිවාර්යෙන්ම TNJ team එක හරිම අවාසනාවන්ත විදිහට පරාද වෙන විත්තිය හැමෝම දැන ගෙන හිටියා.

"මොකද අපි කරන්නේ? මෙහෙම පරාද වෙන්න බෑ ." Heeseung කිව්වා.

"හොඳයි. අපි second half එකේ අපේ උපරිමේ පෙන්නමු. මතක තියාගන්න මේක තමයි අපිට හම්බ වෙන අන්තිම චාන්ස් එක. ඊට පස්සේ නෝ චාන්ස්." සුගා කිව්වා. ඒ වගේම එයා හොඳ ප්ලෑන් එකක් ගැහුවා." ලූකස් ඔයා SVN team එකේ අර උස පොරව හැන්ඩ්ල් කරන්න. මොකක්ද එයාගේ නම..."

"Wang Yibo ද කොහෙද" Taehyung කිව්වා.

"අන්න එයා තමා. Yibo ද ඉබ්බද මන් දන්නේ නෑ කොහොමහරි ඌ ෂූට් කළොත් අනිවරෙන් බෝලේ බාස්කට් එකට වැටෙනවා. ඒක නිසා ලූකස් එයාව නවත්තගන්න ඕන. ඊළඟට Heeseung. ඔයා Junjie ගේ යාලුවෝ දෙන්නා Ren Haoවයි Zhang xinchengවයි handle කරන්න. Jungkook , Taehyung. ඔය දෙන්නා මගෙත් එක්ක එන්න. ඒ එන ගමන් Xiao Zhan ව handle කරන්න. මොකද එයත් අමාරුකාරයෙක්. Second half එක පටන් ගත්තම මුලින්ම Heeseungයි ලූකස් දෙන්නා වැඩ පටන් ගන්න. ඊට පස්සේ අපි තුන්දෙනා වැඩේට බහින්නම්. මතක තියාගන්න කෑදර වෙලා බෝලේ තමන්ට තියාගන්න එපා"

"Okay Captain!" හැමෝම කෑගහල කිව්වා. කොහොමහරි මේ තරඟය දිනන්න ඕන කියන හැඟීම ඒ හැමෝගෙම හිතේ තිබුනා.

Second half එකේදී TNJ ටීම් එක සුපිරියටම සෙල්ලම් කළා. බලාගෙන හිටපු අයත් අන්ද මන්ද වෙලා ගියා මේ half එකේදී. SVN ටීම් එකයි TNJ එකයි කොහොමහරි සම තත්ත්වෙට ආවා. මැච් එක ඉවර වෙන්න තව තත්පර විස්සක් විතරයි තිබුනේ. අන්තිම තත්පර විස්සේදී හරි තමන්ගේ ජයග්‍රහණය තහවුරු කරගන්න ටීම් දෙකේම අයට වුවමනාව තිබුනා. SVN ටීම් එකත් ලේසියෙන් පරාජය භාර ගන්න ලෑස්ති වුනේ නෑ. Cheer leaders ලත් තමන්ගේ උපරිමය කළා.

The Immortal Promise [COMPLETED]Where stories live. Discover now