Chapter 7

59 11 0
                                    

Jungkook ට Lisa ව දැක්ක මුල් දවසේ ඉඳන්ම ප්‍රශ්නයක් වෙලා තිබුනේ ඇයි එයාට Lisa ව හුරුයි වගේ දැනෙන්නේ කියලා.එයාට විතරක් නෙමෙයි V ටත් ඒක ප්‍රශ්නයක් වෙලා තිබුනා.ඒ වගේම ඇයි Lisa ට එහෙම දැනෙන්නේ නැත්තේ කියන එකත් එයාල දෙන්නට ලොකු ප්‍රශ්නයක් වුනා.

දවසක් රෑ Jungkook හීනයක් දැක්කා.ඒ හීනේ Jungkook තැනිතලාවක් වගේ තැනකට ඇවිත් හිටියා.වට පිට හරිම ලස්සනයි. ඉතින් එයා ඉස්සරහට ඇවිදගෙන ගියා. ඒ ඇවිදගෙන යද්දී එයා වගේම කෙනෙක් බිම දණගහගෙන. ඒ කෙනා Hanbok ( Korean traditional clothes)එකක් ඇඳගෙන හිටියේ . ඒ කෙනාගේ අත් දෙකත් බැඳලා තිබ්බේ.එයා වටේටම කඩු දික් කරගෙන හිටපු අය වට වෙලා හිටියා.Jungkookගේ ඉස්සරහ තව තරුණ කෙනෙක් තමන්ගේ කඩුව Jungkook දිහාවට දික් කරගෙන හිටියා.එයාගේ මූනේ තිබුනේ භයානක පෙනුමක්.

"Soon Hye කුමරියව තමුන් අයිති කරගන්නේ නැතුව මට ලබා දුන්න නම් ඔබට ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙන්න තිබුනා.නමුත් අවාසනාවකට දැන් ඊට ප්‍රමාද වැඩියි.Jiwon කුමරුනි, අවසාන මොහෙතෙවත් ඇයව මට ලබා දී යන්න අදහසක් නැද්ද?"

"හඃ ! Hanron මා මිය ගියත් ඇයව නුඹට ලබා දෙන්නේ නෑ. මා මිය ගිය පසුත් කෙසේ හෝ ඇයව ආරක්ෂා කර ගන්නවා.නුඹ වැනි අයෙකුට ඇයව අයිති වීමට මම ඉඩ තබන්නේ නෑ. "

Jiwon ටිකක් අමාරුවෙන් වගේ කිව්වා.එයාට වෙලා තිබුන තුවාල නිසා එයා දුර්වල වෙලා හිටියේ.ඒත් එයා තමන් ආදරය කරන කෙනාව ආරක්ෂා කරගන්න අවසාන මොහෙතෙත් ලොකු වෙහෙසක් දැරුවා.Jiwon ගේ ධෛර්යය ඉස්සරහ Hanron ගේ තරහව තවත් වැඩි වුනා.

"මැරෙන්න ඔන්න මෙන්න තිබියදීත් තමුන්ගේ කටේ සැර නම් අඩු වෙලා නොමැති හැඩයි " Hanron එහෙම කියලා තමන්ගේ කඩුව ඉස්සුවේ Jiwon ව ඉවරයක් කරන්න.

"එහෙනම් අපි බලමු තමුන් කෙසේද මරණයෙන් පසු Soon Hye කුමරියව ආරක්ෂා කරන්නේ කියලා"එහෙම කියලා එයා කඩුව උස්සලා Jiwon ගේ බෙල්ල මුලින්ම කපලා දාන්න හදන කොටම කවුරු හරි කෙනෙක් කඩුවයි Jiwon ගෙයි මැද්දට පැනල Jiwon ව බදා ගත්තා.

"Jiwon!!"Soon hye කුමරිය සේනාවකුත් අරගෙන Jiwonව බේරගන්න එතනට ආවත් ඒ වෙනකොටත් Hanron Jiwon ව මරන්න කඩුව උස්සගෙන හිටියේ .ඔහුව නවත්තන්න soon hye පරක්කු වැඩියි.එයාට කරන්න ඉතිරි වෙලා තිබුන එකම දේ මැද්දට පනින එක විතරයි කියල හිතපු එයා එයාට පුළුවන් උපරිම වේගෙන් දුවලා Jiwonව බදා ගත්තා.Jungkook මේ හැමදෙයක් ම බලාගෙන හිටියේ.Soon Hye දුව ගෙන ආපු වෙලේ Jungkook එයාගේ මූණ."Lisa?" එයා Lisa ට කතා කළාට කිසි කෙනෙකුට එයාව ඇහුනේ නෑ.ඉතින් වෙන දේ බලන් ඉන්නවා මිසක වෙන කරන්න දෙයක් ඉතිරි වෙලා තිබුනේ නෑ එයාට.

The Immortal Promise [COMPLETED]Where stories live. Discover now