9.

582 100 32
                                    

කාලයා හැල්මේ දුවයි. පාලක පූජකවරිය තම ගමන අවසාන කොට නැවත පැමිනෙන තෙක් සියල්ල සමන්‍ය පරිදි තිබිනි.

" ඔබතුමියට වෙහෙසකරයි " ශියැන්ෂි මහළු පාලක පූජකවරියගේ පා අසලින් බිම වාඩිවිය.

" ශියැන්ෂි ,  මා මාලිගාවට ගොස් පැමිනියේ. හෙට දිනය මදක් කාර්‍යබහුල විය හැක "

" මන්ද "

" අවශ්‍ය දෑ අවශ්‍ය ලෙස සකසුරුවමට සිදුවෙයි , ශියැන්ෂි "

පූජකවරිය නැගිට තම කුටියට් ඇතුල් විය. ශියැන්ෂි මදක් හුදෙකලාවෙන් කල්පනා බරිත විය.

ඇගේ සිතට මද සතුටක් ඇතිවිය. බොහෝ විට හෙට දින විශේෂ උත්සවයක් සුදානම් කොට ඇත. සැනකෙලි සිරියාවට සාරසුභාවට අවට ජනයාගෙන්  පිරි ඉතිරි රසභොජුන් වල සුගන්ධය වාතලයට මුසුව ඇති අයුරු ඈ මවා සතුටු විය.

උදෑසන ශියැන්ෂි මලක් මෙන් පිබිදුනාය. රාත්‍රියේ මාලිගාවේ සිට පැමිනි රාජපුරුශයන් හා සේවකයන් පන්සල් (දෙවාල ) භූමිය විවාහයක් තරන් සුන්දරව සරසා තිබිනි. ශියැන්ෂි ඒ දෙස බලා ලදැරියක් මෙන් තුටු විය.

" ශියැන්ෂි " ශියැන්ෂි පාලක පූජකවරිය අසලට ගියාය.

" ශියැන්ෂි අද දින ඔබ රාජකීය පූජකවරිය ලෙස අභිශෙක ලබනු ඇත. මා විශ්‍රාම යායුතුව ඇත. "

" කුමක්ද "

ශියැන්ෂි බිය වීම සාධාරණය. මන්ද පූජකවරියක් වීමට ඈ තවදුරටත් කන්‍යාවක් නොවේ. ඈ අයෙකුට ආදරය කරයි. තමා උභතෝකෝටික ගැටලුවකට මැදිව ඇති බව ඇයට වැටහින.

ඈ කෙමෙන් කෙමෙන් අභිශෙක මන්ඩපය වෙත පියමැන්නේ ස්ව්‍යං ඉච්ඡාවකින් නොවීය. ඈ මදක් හිස එසවීය. රජු පෙරටු කොට යුවරජු හා කුමරු තාවකාලිකව ඉදිකල වේදිකාවක් මත වාඩිවී සිටියේය.

" උත්සවය අරබව් "
රජු අණ කලේය. ඔහුගේ හඩින් භූමිය සෙලවුනාදෝ කියා ශියැන්ෂිට සිතින.

වාදකයන් බෙර ගැසීය , වස්දඩු පිම්බේය , නර්තන ශිල්පීන් කැරකැවෙමින් , උඩ පනිමින් නර්තනයේ යෙදෙන්න විය.

අලංකාර සලු පලදන ලද සේවිකාවන් දෙදෙනෙකුට මැදිව ශියැන්ෂි අභිශෙක මන්ඩපය වෙත ගියාය. අභිශෙක මන්ඩපයේ තරප්පු පෙල අසල ඈ නතර විය.

Wishes ☑️Where stories live. Discover now