29.

291 65 31
                                    

නිව්ටන්, පයිතගරස්, අයින්ස්ටයින් වගේ ඈයොන්ගේ ලොකු කම් එක්ක , නියම ගොඩක පාවෙන ගමන්, ජ්‍යාමිතිය නාගෙන, හොද පුරවැසියන් වෙන්නයි, උපතින් ඌරෝ වගේ හැසිරෙන අපිට සෞඛ්‍ය පවත්වාගන්නයි කියාදෙන මහ කම්මැලී පිරියඩ් ගොඩකට යට වෙලා ඉදලා එපා වෙලා.

ඕන්න දැන් තමා මං ආසම වෙලාව " ඉන්ටවල් " හම්මෝ පුදුම නිදහසක්.

මම පාරුයි, ශින්හ්වායි එක්ක පාවෙලා ගියේ කැන්ටින් එකට. අපි යනකොට යුන්සෝ ටෑනුයි එකට වාඩිවෙලා අත්පටලන් වාඩිවෙලා ඉන්නවා. සමහර කෙල්ලෝ, කොල්ලො ඒ දෙන්නා දිහා බලන් පුපුරනවා.

මින්සෝ ශින්ව දැකලා අත වැනුවා. එයා දිහා බලන් හිටපු එක කෙල්ලෙක් ඉන පද්ද පද්ද ඇවිත් මින්සෝ ඉස්සරහා කකුල පටලගෙන එයාගෙ ඇගට හේත්තු උනා.

" හායි, හැන්සම් තෑන්ක්ස් මාව අල්ලගත්තට. ආහ්......... ඔයා නම් හරිම හොට් " කෙල්ල මින්සොගේ කමිස බොත්තම් දෙකක් අතර හිඩසෙන් ඇගිල්ල දාලා පපුව පිරිමදින්න ගත්තා.

ශින් මෙතන ඉදන් පුපුරනවා.
ලස්සන කොල්ලෙකුට ඔය වගේ දේවල් වෙන එක සමාන්‍යයි. 🤧

" අරකිට මම "

" ශින් කලබල වෙන්න එපා. "

" කලබල! , අර බලනවා අරකි ඒකිගේ තඩි පපුව මින්සෝගේ පපුවට තද කරන් ඉන්න හැටි. තව ටික වෙලාවක් ගියොත් අරකි බබෙකුත් හදාගනී "

" ශින් කොහෙද යන්නේ, ඔහොම ඉන්නවා ලමයෝ " වැඩක් නෑ ඒකාට මලපැනලා.

ශින් එකපාරටම නැගිටලා මින්සෝ ලගට ගියා. අර කෙල්ල තාමත් මින්සෝගේ ඇගේ එල්ලිලා ඉන්නවා.
මින්සෝට දාඩියදාලා. ඒකා බය වෙලා වගේ. මින්සෝ ෆුල් ට්‍රයි අර කෙල්ලව ඈත් කරන්න.

ශින් මින්සෝ ලගට ගිහින් අර කෙල්ලගේ අතින් ඇදලා මින්සෝගෙන් ඈත්කලා.

" ඒයි, පොඩි කොල්ලා මොකද වෙලා තියෙන්නේ "

අර කෙල්ල බිම වාඩිවෙලා කෑගහනවා.

" මං පෙන්නන්නම් වෙලා තියන දේ "

ශින් මින්සෝ ලගට ගිහින් ඇගිලිවලින් ඉස්සිලා මින්සෝගේ කොලර් එකෙන් අල්ලලා පහලට කරලා එයාගේ තොල් කිස් කලා.
හයියෝ දෙයියනේ මගේ අහිංසක ඇස් මොනාද මේ දකින්නේ. ඒ අස්සෙන් විනාඩියක් විතර මුලු කැන්ටිමම කිසි සද්දයක් නෑ.

Wishes ☑️Where stories live. Discover now