28

286 67 24
                                    

" මට මතකයි. එදා ෆිල්ම් හෝල් එකේ මින්සෝ එක්ක හිටියනේ. මොකද බනින්නද ආවේ එදා ඔයාලගේ දවස විනාස වුනාට "

" නෑ "

" එහෙනම් "

" හියුන්ග් ඔයාලා සහෝදරයො, ඇයි මේ විදියට ඉන්නේ "

" ශින් ඔයා ඕක අහන්න ඕන මින්සෝගෙන් "

" අහන්නම්, ඊටකලින් ඔයා මට කියන්න, ඔයා එයාට වෛර කරනවද කියලා "
යුන්සෝ ටික වෙලාවක් බලන් ඉදලා ආයෙත් යන්න හැරුනා.

" යුන්සෝ "
ශින් යුන්සොගේ අත අල්ලගත්තා.

" බෑ, එයා මගේ සහෝදරයා මං කොහොමද එයාට වෛර කරන්නේ. මං වෛරකරන්නේ මටමයි. "

ශින් යුන්සොගේ අත අතහැරියා. ටික වෙලාවක් එයා යන හැටි බලන් හිටියා.

" ශින් "
මං ශින්ගේ උරහිසට අතතියලා කතාකලා.

" කිශු, ඔයාට පුලුවන්ද මට උදව් කරන්න "

" මොනාටද "

" මුං දෙන්නව එකතු කරන්න "

" ඕන ඉලව්වකට සප් එක දෙනවා "
මටත් ඕන උනේ ඕක තමා.

යුන්සෝ ශින් කිව්ව දේවල් හිත හිත පංති කාමරයට ගියා.

ටෑන් ඉන්නවා පුටුවක් උඩ බුම්මගෙන
යුන්සෝ වාඩිවෙන ගමන් ටෑන්ට පොඩි හිනාවක් දැම්මා. ටෑන් ගස්සන් අනික් පැත්තට හැරුනා.

" ඒයි මගේ බොනික්කෝ "
යුන්සෝ ටෑන්ගේ කන්පෙත්ත කිචි කැව්වා.

" යනවා යන්න "

" මොකෝ දැන්නම් ඔයා අර ඇන්බෙල් බෝනික්කා වගේ "
යුන්සෝ හිනාවුනා.

" ඔව් ඔව් මං යකෙක්නේ, අර දැන් අත අල්ලන් හිටපු හිච්චි එකා ඌ ලස්සන හා පැටියෙක් වෙන්න ඇති "

යුන්සෝ ගැස්සුනා. ඔව් ඇත්තටම ගැස්සුනා. එකපාර ඇගට කඩන් පැන්නම ගැස්සෙන්නෙ නැද්ද

" හිච්චි "

" ඔව් මං දැක්කනේ clz එක ලගම හිටියනේ අත් අල්ලන්
දැන් ඉතින් බොරුවට අනේ නෑ අනේ කියලා කියන්නකෝ "

" නෑ අත අල්ලන් හිටියා "

ටෑන් ඇස් දෙක ටීක් බෝල තරන් ලොකු කර ගත්තා.

" අත අල්ලන් මොනාද කලේ "
ටෑන් පංති කාමරය දෙවනත් කරනවා.

" කතා කලා "

" මොනාද, මොනාද ඒකා කිව්වේ "

" ටෑන් ඒ හිටියේ ශින් "

" මූ ඒකගේ නමත් දන්නවා. ඔයා නම් මහ කුකුලෙක් "

" හයියෝ මගේ මෝඩ බෝනික්කෝ, ශින් කියන්නේ මින්සෝගේ බෝයිෆ්‍රෙන්ඩ්,
එයා ඇවිත් මගෙන් ඇහුවේ මම මින්සොට වෛර කරනවද කියලා.
මං කිව්වා නෑ කියලා එච්චරයි "

" ඒකද, ඒවුනාට අත අල්ලන් ඉන්න ඕන නෑනෙ "

" ඉරිසියයි නේ "

" අනෙ වැඩේමයි "
ටැන් මොනා කිව්වත් යුන්සෝ කවුරු හරි දිහා බැලුවත් ටෑන්ට තරහා යනවා. 😂

යුන්සොලගේ clz එක කෙල්ලෙක් ඉන්නෝ. ඒ කෙල්ලගේ ලොකුවට පිම්බිලා තියෙන පපුව බොත්තම් ගැලවෙන්න ඔන්න මෙන්න වගෙ තියෙන ඉස්කොලේ යුන්ෆෝම් එකෙන් වැහිලා තියනවා. මේක දැක්කම යුන්සොට නිකමට හිතුනා ටෑන්ව ටිකක් අවුස්සන්න.

"අර බොත්තම නම් අනිවාර්යයෙන්ම ගැලවෙනවා "

" මොන බොත්තමද "
යුන්සෝ කට ඇරන් ඉන්න දිහා ටෑන් බැලුවා. ටෑන් මෙතන පුපුරන්න ගත්තා.

ටෑන් යුන්සොගේ කකුල අල්ලලා තද කරලා ඇල්ලුවා.

" ආයි "

" මොනාද බලන්නේ "

" මමද"

" ඔව්, ගලෝනවා ඇස් දෙක "
ටෑන් යුන්සොගේ කම්බුල් දෙපැත්තෙන් අල්ලලා තමන් දිහාවට හරෝගත්තා.

" ඔයාට තරහ යයිද කියලා මට බලන්න ඕන වුනා. ටෑන් ඔයා නම් මහ ඉරිසියාකාර බෝනික්කෙක් "
යුන්සෝ ටෑන්ගේ කම්මුලට පුංචි හාදුවක් තිබ්බා.

" ඔයා මගේ ඔයාව කාටවත් දෙන්නෑ මං "
ටෑන් පොඩි ලමයෙක් වගේ යුන්සෝව බදාගත්තා.

" ඔයා පොඩි ලමයෙක් වගේ "

" ම්ම්............... ඔයාව ඕන, මට තුරුලු වෙලා ඉන්න "
ටෑන් තවටිකක් තද කරලා බදාගත්තා

" මහා විකාරයක් ඔයානම් "

" හී හී "
යුන්සෝ එයාගේ බොනික්කට ගොඩක් ආදරෙයි පුලුවන් තරන්.






Hi,

ප්‍රශ්න ගොඩයි අප්පා මට
ෆෝන් එකෙ අවුලක් එකපාර් පිස්සු නටනවා.

කියවලා යන්න.

මේ ඒක නෙමේ.
තව මාස දෙකකින් මම වැඩිහිටියෙක් සතුටුයි. 🤧😁 (ඔක්තෝම්බර් 2 )

චැපි කොටද ?
ගනන් ගන්න එපා 🍭,🍦 මේක සූප්පන්න.

kishu :-)

Wishes ☑️Where stories live. Discover now