36.

1.1K 92 67
                                    

අන්තිමේදී මින්සෝයි යුන්සෝයි යාළුවුනා එයාලගේ පෙම්වතුන් එක්ක සතුටින් හිටියා.

කතාව ඉවරයි.



































































නෑ නෑ ඉවර නෑ තව තියෙනවා.











































" අයියෝ ආයි ඉතින් අපි මෙහෙට එන්නෙ නෑනෙ "
පාරූ වාඩිවෙලා හිටපූ පුටුව අතින් බදාගත්තා.

" හරි හරි අපිට ආයේ හම්බෙන්න බැරියෑ "
ශින් පාරුගේ පිටට තට්ටුවක් දැම්මා.

" නේද කිශූ "

" හ්ම්............ "
අද අපි මේ ඉස්කෝලෙට එන අන්තිම දවස, ටිකක් දුකයි. ඊටත් වඩා මටනම් සතුටුයි.

මින්සෝයි, යුන්සොයි, ටෑනුයි දැන් විශ්වවිද්‍යාලයට යන ලොකු ලමයි.

ශිනුත් දැන් ඒ කැම්පස් එකටම යන්න තමා හිතන් ඉන්නේ.

පාරුනම් තව ටිකදවසකින් ඇමරිකාවට යනවා.

එතකොට මම

නෑ නෑ තනි වෙන්නෙ නෑ.









එකිනෙකා සමු අරගෙන  යනකන් මන් බලන් හිටියා. ටිකෙන් ටික පාසල් භූමිය හිස්වෙනවා.

මගේ යාලුවො දෙන්නත් පුලුවන් තරන් අඩලා යනකන් මන් බලන් හිටියා. එයාලා මගේන් ගොඩක් ඈතට ගියාම මං ආයේ පාසල ඇතුලට ආවා.

" චොක්ලට් වොෆල් එකේ ඇතුලට චොක්ලට් අයිස්ක්‍රීම් දාලා , ඒක උඩින් චොක්ලට් සෝස් දාලා චොක්ලට් චිප්ස් තියලා සන් ගාලා අයිස්ක්‍රීම් එකක් දෙන්න . "

කැන්ටිමේ අංකල් සුපුරුදු පරිදි මගේ දේශනාව අහන් ඉදලා අයිස්ක්‍රීම් එක අතට දුන්නා.

" හ්ම්.............. මං කන අන්තිම අයිස්ක්‍රීම් එක "

මං අයිස්ක්‍රීම් එක කන ගමන් ඉස්කෝලේ කොරිඩෝව දිගේ හිමින් ඇවිදන් ගියේ තියන තියන අඩියක් පසා හොද හුස්මක් ගන්න ගමන්. පාසලේ සුවද හැමදාම මගේ මතකේ ගැඹුරුම තැන තැන්පත් වෙන්න ඕන.

අයිස්ක්‍රීම් එක අවසාන කොටස කනකොට මං හිටියේ රූෆ්ටොප් එක උඩ.

Wishes ☑️Where stories live. Discover now