35.

531 65 13
                                    

" කිශූ, අනේ මගේ මින්සෝට මොකද වුනේ "
ශින් අඩා වැටෙන්න වුනා.

" මං හොදින් මැට්ටෝ "
මින්සෝ ශින් ලගට ගිහින් එයාව බදාගත්තා.

" අනේ දෙවියනේ මින්සෝ,
  ඔයා හොදින්
  අනේ ආයේ මාව දලා ටොයිලට්    එකටවත් යන්න එපා.
  මං ආයේ ඔයා එක්ක තරහා වෙන්නෙ නෑ කවදාවත් ඇත්තමයි
  මං පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් ඉවරයි.
  මොකක් හරි විනාසයක්
  හැබැටම පාරේ යන්නේ සිහියෙන් නෙමෙද
  ඇස් දෙක සාක්කුවෙද තිබ්බේ. ආ......
  කෝ බලන්න තුවාල උනාද කියලා
  හත්දෙයියනේ මේ අත හොදටම තුවාල වෙලා.
  මොන රෙද්දක් කරන්නද ගියේ "
ශින් හුස්ම ගන්නේවත් නැතුව කියවනවා.

" මං හොදින්, ශින් "

" මේකී මට කිව්වනේ ඔයා ඇක්සිඩන් උනා කියලා "
 
ඔන්න මං ඉවරයි.

" ඔයා මට තාම ආදරෙයි නේ "මින්සෝ හිනි හිනාවක් දැම්මා.

" මම , ආපෝ නෑ "
ශින් ගස්සන් ඇවිත් මගේ ලගින් වාඩිවුනා.

" පේනවා විස්තරේ කිව්ව ගමන් කඩාගෙන බිදගෙන ආපු හැටියට ආදරේ නෑ කියලා. මින්සෝ දැක්කද මේකා තාම ඇදන් ඉන්නේ රෑ ඇදුම "

ඇත්ත ශින් හිටියේ තාම රෑට අදින පිජාමා එක පිටින් මෙකට වෙන ඇදුමක් දාගන්නවත් සිහිය තිබිලා නෑ.

" අනේ යනවා යන්න. ඒක නෙමේ මොකක්ද උනේ "

( ආයේ ඊයේ දාපු පතරංග ජාතකේ මෙතන දෙසාබාන්න බෑ හොදේ)

" ........මාව හැප්පෙන්න ඔන්න මෙන්න තීද්දි යුන්සෝ මාව අහකට තල්ලු කලා. මං නැගිටින කොට ........................................................ යුන්සෝ බිම වැටිලා හිටියා ............... ලේ විලක් මැද්දේ .................................................. හරියට  ..................................... එදා ....................... අපේ ඔම්මා වගේ "

මින්සෝගේ ඇස්වල කදුලු එයා අන්තිම ටික කිව්වේ ගොඩක් අමාරුවෙන්.

" ඒ මෝඩයට පිස්සු, මොකටද එයා මැද්දට පැන්නෙ "
මින්සෝ නලල රැලි කර ගත්තා.

" එයා ඔයාට ආදරෙයි මොකද ඒ ඔයාගේ මල්ලි. "

" හ්ම්............. මගේ අතින් ලොකු වරදක් වුනා. මං එයාට සැලකුවේ වැරදි විදියට "

Wishes ☑️Where stories live. Discover now