32.

310 68 17
                                    

විශ්වාසය හරියට කාලය වගේ ගියොත් ආයේ එන්නෙ නෑ.

මින්සෝ අද උදේ ඉදන් අපේ ක්ලාස් එක වටේ කැරකෙනවා.

" මේ මොකද බන් "

මං පාරු දිහා බැලුවා.

" ඇයි "

" කිශූ අර ,අර මින්සෝ උබට කතාකරනවා "

" කෑගහන්න එපා. ශින්ට ඇහෙයි "

" ඇයි " මේකිට ඔක්කොම මුල ඉදන් ඔක්කොම කියන්න වෙලාවක් නෑ.

" කිශූ "

" මොකෝ කෑගහන්නේ "

" උබ ගිහින් අර වදුරු පැටියගෙන් අහන්න, මොකෝ සැරින් සැරේ උබව හොයන්නේ කියලා "

" දැක්කද "

" ඔව්, මට හොදට ඇස් පේනවා "

මං හිමින් සැරේ නැගිටලා පංතිකාමරයෙන් එලියට ගියා.

" මොකද "

" එන්න කතා කරන්න ඕන "
මින්සෝ මගේ අතින් ඇදන් ගියේ ක්‍රීඩා පිටියට. මින්සෝ ක්‍රිඩා පිට්ටනියේ ෆැමිලියන් එකෙ පැත්තකින් වාඩිවුනා.

" වාඩිවෙන්න "

" ඇයි "

" ශින් මොකද කියන්නේ "

" එයා ඔයාට වදුරු පැටියා කිව්වා. "

" ඈ........... එහෙමද හ්ම්............... දැන් ඔයාටත් මාව පෙන්නෙ වදුරු පැටියෙක් වගේද. "

" නෑ , මට පෙන්නෙ මහ වදුරෙක් වගේ "
මින්සෝ මං දිහා ටික වෙලාවක් බලන් හිටියා.

" ඕක අහන්නද පැය ගානක් අපේ පන්තිය ලග කැරකි කැරකි හිටියේ "

" නෑ, අහන්නකෝ "

මෙතැන් සිට දිගහැරෙන්නේ මින්සෝගේ සෝකාලාපයයි 🤧

මින්සෝ හුගක් සෙල්ලක්කාර චරිතයක් රෑ වූනාම club යන්න හරි කැමති එහෙම ගියපු දවසක.

මින්සෝ පමනට වඩා බිව්වා. ඒනිසාම එයා හිටියේ සිහියෙන් නෙමේ.

" ඔයා දන්නවද මම උදේ නැගිටිනකොට හිටියේ කොහෙද කියලා "

" මං හිතන්නේ club එකේ room එකක "

" හ්ම් "

" ඈ ඇත්තමද මං ඒක නිකන් හිතලා කිව්වේ "

Wishes ☑️Where stories live. Discover now