🎋 පළමු කොටස 🎋

1.2K 174 31
                                    

ශීත ඍතුව අවසන් වී වසන්ත ඍතුව උදා වෙමින් පැවතුණි. දසතින් ගලා ආ හිරු එලිය අතුරුදන්ව හාත්පසින්ම අදුර ගලා එන්නට වූයේ දිනයේ නිමාව සනිටුහන් කරන්නට මෙන් ය... ලා තැබිලි පැහැ වර්ණයෙන් සවස් අහස හැඩ ගැන්වී තිබුණි... කුරුල්ලන් තම වාසස්ථානයන් කරා පියාඹන දර්ශනය ඒ අහස තවත් දැකුම්කළු කිරීමට සමත් විය.

ගුසූවට සවස් කාලය උදා වී ඇති අතර ලන් වංජි ඔහුගේ දින චර්‍යාවට අනුව ජිංශිය ( ඔහුගේ කුටිය/ නිහඩ කුටිය) පිරිසිදු කරමින් සිටි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ගුසූවට සවස් කාලය උදා වී ඇති අතර ලන් වංජි ඔහුගේ දින චර්‍යාවට අනුව ජිංශිය ( ඔහුගේ කුටිය/ නිහඩ කුටිය) පිරිසිදු කරමින් සිටි ...

❤️ ලන්චාන් ...... ලන්චාන් .......

මේ ඔහුගේ පෙම්වතාය.. කුඩා දරුවෙකූ සේ කෑගසමින් ජිංශියට පැමිණි ඔහු එහි ඇතුලට පැමිණියේ එන මග තිබූ වීදුරු බදුනක්ද පෙරළාගෙනය. එය බිම වැටී කෑලි වලට කැඩි විසිරුනේ වංජිගේ වැඩ දෙගුණ කරමින්ය...

ලන් වංජිට දැන් මෙය නුහුරු නැත. සිව් වසරක සිට වෙයි වූෂියැන් හා එක්ව වාසය කරන බැවින් ජිංශියට බඩු ගෙන එන වේගයට වඩා වේගයෙන් ඒවා කැඩි බිදි යන බව දැන් ඔහු අත්දැකීමෙන්ම දන්නේය. ඔහු කිසිම දිනක මෙවැනි දගකාරකම් වලට වෙයි වූෂියැන්ට වචනයකින් වත් සැර පරුෂ නොවීය..

ස්වභාවයෙන්ම කෙලිලොල් දගකාර පෞරුෂයක් හිමි ඔහුට ගුසූ නිති තද වැඩි බව ඔහු හොදින්ම තේරුම් ගෙන සිටියේය ...

💙 වෙයි යින්.....
ඔහු කරමින් කාර්‍යද පසෙකලා ඒ වෙත හැරුණේ ය..

❤️ ලන්චාන් ඔබ දැන් පෙර තරම් මට ආදරේ නෑ ...

💙 එසේ නැහැ

❤️ එසේ තමයි ... මතකද ඔබ මට උදෑසන පැවසුවා අද දින මා හා නගරයට යාමට එන බව.. මා දැන් හෝරා දෙකකටත් ආසන්න කාලයක් සීත පොකුණ අසල ඔබ එන තුරු රැදී සිටියා...ඔබ නොපැමිණි නිසයි මා ආපසූ ආවේ...

We Are Made To Love Where stories live. Discover now