🎋 හතලිස් තුන්වන කොටස 🎋

403 116 47
                                    


දින සති මාස ලෙසින් කාලය ගෙවී යත්ම ඔවුන් දෙදෙනා අතර පැවති සම්බන්ධය තවත් ශක්තිමත් විය... දෙදෙනාටම ඔවුන්ගෙන් තොර ලෝකයක් තිබුණේ නැති තරම්ය .... තවමත් දෙපාර්ශවයේම දෙමාපියන් ඔවුන්ගේ සම්බන්ධය ගැන කිසිවක් දැන සිටි මුත් ඔවුන් ඒ පිලිබඳව තැකීමක් නොකලේ ඔවුන්ගේ දෙමාපියන් ඔවුන්ගේ තීරණයට විරුද්ධ නොවේවි යැයි තිබූ දැඩි විශ්වාසය නිසාය ...

සුශීද දින කිහිපයක්ම ඔවුන් ඉදිරියට නොපැමිණි අතර ඔහු මේ වන විට බෙයිජිං නගරයට ඈතින් ජීවත් වන බව ආරංචි මාර්ග ඔස්සේ යීබෝට  දැනගන්නට ලැබුණි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සුශීද දින කිහිපයක්ම ඔවුන් ඉදිරියට නොපැමිණි අතර ඔහු මේ වන විට බෙයිජිං නගරයට ඈතින් ජීවත් වන බව ආරංචි මාර්ග ඔස්සේ යීබෝට  දැනගන්නට ලැබුණි ... එමනිසා චාන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩි වෙහෙසක් ගැනීමට යීබෝට අවශ්‍ය නොවීය....

කාලය ගතවී චාන් විශ්ව විද්‍යාලයෙන් ඉවත් වෙන දිනයත් ලග ලගම ආවේය... චාන් මාසයක පමණ පටන් අධ්‍යාපන කටයුතු සදහා මහන්සි වූයේ Surgery එක නිසා මගහැරුණු පාඩම් බොහෝමයක්ද Cover කිරීමට ඔහුට තිබූ නිසායි..

ඒ තවත් එක් සොදුරු සැදෑවකි... යීබෝ කාර්‍යාලයේ සියලු වැඩ අවසන් කර කලින් නිවසට පැමිණියේ සතියකට පමණ පසු චාන් University නොයා ගෙදර සිටි එකම දවස අද දින වූ නිසා ඔහු සමග ටිකක් වැඩිපුර කාලය ගත කිරීමට සිතාගෙනයි...

අධ්‍යාපන කටයුතු වල නිරත වන අවස්ථා වලදී චාන් යීබෝ කෙරෙහි අවධානයක් යොමු කරන්නේම නැත.. අදත් එලෙසින්ම චාන් ඔහුගේ අධ්‍යන කටයුතු වල නිරත වෙමින් සිටියේය ....

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
We Are Made To Love Where stories live. Discover now