🎋 දෙවන කොටස 🎋

865 173 29
                                    

අලුත් දිනයක ආරම්භය සනිටුහන් කරන්නට සූර්ය කුමරුන් ඈත අහසේ නැගී එමින් පැවතුණි .. ගූසූහි ඈත කදු ශිකර වලින් ඇද හැලෙන දියඇලි වලින් නැගෙන නැවුම් තනුවේ නාදයත්, කුරුල්ලන්ගේ ගීත නාදයත් උදෑසනට එක් කලේ චමත්කාරජනක අත්දැකීමකි. සූදෝ සුදෝ මුතුවන් වස්ත්‍ර වලින් සැරසුණු ගුසූ ශිෂ්‍යයන් සන්සුන් ගමනින් ඔබ මොබ සැරිසැරුවේ අහසින් බට දේව දූතයන් මෙනි.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පිටත සිට බලා සිටින කෙනෙකුට මේ දිව්‍ය ලෝකේයේම කොටසක් බව සිතෙන තරමට මෙම භූමිය අලංකාරයෙන් පිරී පවති

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


පිටත සිට බලා සිටින කෙනෙකුට මේ දිව්‍ය ලෝකේයේම කොටසක් බව සිතෙන තරමට මෙම භූමිය අලංකාරයෙන් පිරී පවති.

සියල්ල මෙලෙස අලංකාරව පැවතියද ජිංශිය දෙසින් ඇසෙන්නේ එකම අදෝනාවකි.. ලන් වංජිගේ සයනය පාමුල වාඩි වී ඔහුගේ දෑත  අල්ලාගෙන වෙයි වූෂියැන් ඔහුගේ කදුලු දියකරමින් සිටි.. ඔහු දිය කර හැලූ කදුලු එකතු කලේ නම් මෙහිත් නෙලුම් පුරයට වඩා විශාල නෙලුම් තටාකයක් ගුසූහි ඉදි කල හැකිය....

ජිංශිය තවදුරටත් නිහඩ නැත.... වෙයි වූෂියැන්ගේ දුක්බර හඩින් එය පිරී ගොසිනි.... කිසිවක් කර ගැනීමට නොහැකි ලන් වංජි සයනයේ වැතීරි වෙයි වූෂියැන් ගේ මුහුණ අතගාමින් ඔහුව සනසවන්න වෙර දරන්නේ ය... මොහොතකටවත් ඔහු සන්සුන් නොවන්නේ ලන් වංජිගේ හදවත තව තවත් දුකෙන් වැලපෙන අතරය.....

We Are Made To Love Where stories live. Discover now