🎋 විසි පස්වන කොටස 🎋

463 117 39
                                    


............ දින පහකට පසු ............

උදාවූ දිනය යීබෝට තරමක් කාර්‍යබහුල දිනයක් විය.. උදෑසනින්ම අවදි වූ ඔහු දිනය තුල සිදු කිරීමට නියමිත කාර්‍යයන් සදහා සූදානම් විය..

Racing Club එකේ නව තරගමාලවක් පැවැත්වීමට තීරණය කර තිබූ අතර ඔවුන් එයට මාධ්‍ය අනුග්‍රහය ලබා ගැනීමට යීබෝව යොදා ගැනීමට තීරණය කර තිබුණි....  මෑතක පටන් යීබෝට  ලැබුණු ජනප්‍රියත්වය නිසා ඔහුට  දැන් මෙවැනි මාධ්‍ය සාකච්ඡාවන් නුහුරු අත්දැකීමක් නොවීය ...

ඉන් අනතුරුව යීබෝට Office එකේ meeting එකකටද සහභාගි වන්නට නියමිතව තිබුණි ...

යීබෝ සියල්ල සූදානම් කර පිටත් වීමට සැරසෙන විටත් වූෂියැන් සුව නින්දේය... ඔහුගේ දැගලිල්ල නිසා එහා මෙහා වී තිබූ පොරවනය ගෙන යලි සකසා AC එකද අඩු කර දැමුවේ තරමක් සීතල දිනයක් නිසා වූෂියැන් අසනීප වේ යැයි සිතාය...

🦁 බනී මං ගිහින් එනකන් පරිස්සමෙන් ඉන්න... පුලුවන් ඉක්මනට මං එනවා ... ආදරෙයි මැණික 😘😘

නිදාසිටින වූෂියැන්ගේ නළලත සියුම් හාදුවක් තබා යීබෝ පැවසුවේ ඔහුගේ නින්දට බාධා නොවන ලෙසය...

ඔහු පහළට පැමිණෙන විට ජින් ලින් උදෑසන ආහරය ගනිමින් සිටියේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔහු පහළට පැමිණෙන විට ජින් ලින් උදෑසන ආහරය ගනිමින් සිටියේය ...

💟 Good Morning බෝ ගා' ...

🦁 Good Morning ආ'ලින් ...

💟 ඔයා කන්නේ නැතුවද ඔය යන්න හදන්නේ...

මේසය මත තිබූ පළතුරු බීම වීදුරුවක් ගෙන උගුරට දෙකට හිස් කල යීබෝ දෙස බලා ජින් ලින් ඇසුවේය ..

🦁 මට අද වැඩ ගොඩායි ... කන්න වෙලාවක් නෑ ... ආ'ලින් ඔයා දවසම ගෙදර ඉන්නවා නේද ? වෙයි යින්ව ටිකක් බලාගන්න හරිද ?

We Are Made To Love Where stories live. Discover now