🎋 විසි දෙවැනි කොටස 🎋

506 112 29
                                    

පසුදා උදෑසන යීබෝ අවදි වූයේ ඔහුගේ දුරකථනය නාද වන හඩිනි .... ජනෙල් කවුළු අතරින් හිරු කිරණ වැටී කාමරයම එලිය වී තිබුනත් දෙදෙනාම සුව නින්දේ පසු වුනේ පෙරදා රාත්‍රියේ ක්‍රියාකාරකම් වලින් වෙහෙසට පත් වී තිබූ නිසාය..

යීබෝ හිස ඔසවා බැලූ විට ඔහු දුටුවේ ඔහුට තුරුල් වී හිස ගෙල මත සගවාගෙන නිදා සිටින වූෂියැන්වයි..

සුවපහසු කොට්ට කොතෙක් ඇද මත තිබුනත් වූෂියැන්ගේ ප්‍රියතම කොට්ටය වූයේ යීබෝගේ හැඩිදැඩි දෑතයි.. සෑම රැයකම වූෂියැන්ගේ කොට්ටය වී උදෑසනට එක් අතක් හිරිවැටී තිබුණත්, යීබෝ කෙදිනකවත් එලිවෙන තුරුම වූෂියැන්ව ඔහුගේ තුරුලෙන් ඈත් නොකලේය...

ඔහුව ඉවත් කර දුරකථනයට පිලිතුරු දීමට සැරසුනත් කුඩා දරුවෙකු මෙන් ඔහුට තුරුල්ව සිටින වූෂියැන්ව ඈත් කිරීමට ඔහුට සිත් නොදුන්නේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔහුව ඉවත් කර දුරකථනයට පිලිතුරු දීමට සැරසුනත් කුඩා දරුවෙකු මෙන් ඔහුට තුරුල්ව සිටින වූෂියැන්ව ඈත් කිරීමට ඔහුට සිත් නොදුන්නේය ...

තවත් ටික වේලාවක්  වූෂියැන්ගේ මුහුණ මත සිනිඳුව ඇගිලි තුඩු ගෙන ගිය යීබෝ පොරවනය තවත් උඩට ගෙන වූෂියැන්ගේ සිරුරේ නිරාවරණය වි තිබූ අත් පා ආවරණය කර කොට්ටයක් මත වූෂියැන්ගේ හිස තැබූවේය ....

ඇදේ අයිනටම ගොස් දුරකථනය අතට ගත් යීබෝ ඇමතුමට පිලිතුරු දුන්නේය...

🦁 පපා ....

🧔 Happy Birthday Yibo ... මං ඊයේ කියන්න හිටියේ පුතා ඒත් New Zealand ඉදන් මෙහෙට එද්දි රෑ 11ත් පහුවෙලා ... මං ඔයාට Call කලා,  Answer නොකර නිසා ජින් ලින්ට ගත්‍තම කිව්වා ඔයා හොදටම මහන්සි වෙලා ආව නිසා නිදි ඇති කියලා.. ඒ නිසා මං Disturb කලේ නෑ ....

🦁 ඒකට කමක් නෑ පපා... පපාට කොහොමද ?

🧔 වරදක් නෑ යීබෝ.. ඔන්න දැන් ඔයාට 28යි ... මං හිතනවා ඔයාට ඔයාගේ පොරොන්දුව මතක ඇති කියලා ...

We Are Made To Love Where stories live. Discover now