🎋 දහඅට වන කොටස 🎋

520 115 17
                                    


🎋🎋🎋🎋🎋🎋🎋🎋🎋🎋🎋🎋🎋🎋🎋🎋

🌷🌷🌷 ..... මෙතෙක් කතාව..... 🌷🌷🌷🌷

අතීතයේ විසූ ආදරණීය පෙම්වතුන් යුවලක් වූ ලන් වංජි සහ වෙයි වූෂියැන් විවාහ වී වසර හතරක් සතුටින් කල් ගෙවන ලදී... එක් වසන්ත ඍතුවක පැවති වසන්ත සැණකෙළියක් තුලදී ලන් වංජිට සතුරෙකුගේ මරණීය ඊතලයකට මුහුණ පෑමට සිදුවන්නේ ඔහුගේ පෙම්වතා වූ වෙයි වූෂියැන්ව බේරාගැනීමට ඉදිරිපත් වන නිසාය .... අවසානයේ නොසිතූ ලෙස ඔහු අකාලයේ ජීවිතයෙන් සමු ගන්නේ වූෂියැන්ට මෙලොව වූ එකම සරණත් අහිමි කරමින් .....

කාල යන්ත්‍රයක් හරහා වංජිගේ පසු උපත වූ යීබෝව සොයා වසර 1027ක අනාගතයට පැමිණෙන වූෂියැන්ට ඔහුගේ ජීවිතයේ තවත් අභියෝග රාශියකට මුහුණ දීමට සිදුවිය ...

ආදරය යන අකුරු හතර අවිශ්වාස කල යීබෝට වූෂියැන් ගැන අනුකම්පාවක් පමණක් ඇති වෙද්දී ඔහුගේ නෑදෑ සොහොයුරෙකු වූ ජින් ලින්ට වූෂියැන් ගැන ආදරයක් ඇති වන්නේ වූෂියැන්ගේ සුරතල් දගකාර කටකාර පෞරුෂය නිසාමයි...

ජින් ලින් වූෂියැන්ට ලං වීමට පටන් ගත් විට තම සිතේද වූෂියැන් කෙරෙහි අනුකම්පාවකට එහා ගිය හැගීමක් ඇති බව යීබෝ තේරුම් ගත්තත් ඔහු තම සහෝදරයා වෙනුවෙන් ඔහුගේ හැගිම් සගවා ගෙන ජිවත් වෙයි ...

මේ අතරතුර පෙර ආත්මයේ වංජි මෙන්ම මේ ආත්මයේ යීබෝද හැගීම් සගවා ගෙන ජීවත් වෙන්නට උත්සාහ දරන ගුප්ත චරිතයක් බව තේරුම් ගන්නා වූෂියැන් ඔහුගේ ආදරය වෙනුවෙන් පියවරක් ඉදිරියට තැබීමට ක්‍රියා කරන්නේය...

සියල්ලම උඩු යටිකුරු කෙරූ හදිසි අනතුරකින් ඔවුනොවුන් කෙරෙහි තිබූ සැබෑ හැගීම් පිටතට පැමිණෙන අතර ජින් ලින් ඔහුගේ වැඩිමහල් සහෝදරයාගේ ආදරය වෙනුවෙන් තම ආදරය කැප කර පැත්තකට විය...

මෙලෙස අනාගතය තුල යීබෝගේ සහ වූෂියැන්ගේ ආදර කතාව පටන් ගෙන ආදරයෙන් ගලා යන්නේ ඔවුන් දෙදෙනාම ඒ ආදරයෙන් නැවත හැරීමක් නැති ලෙසම අතරමං වී සිටින අතරය... අද පටන් නැවතත් මෙලෙස දිගහැරෙන්නේ ඔවුන්ගේ ආදර කතාවේ ඉතුරු කොටසයි.......

🎋🎋🎋🎋🎋🎋🎋🎋🎋🎋🎋🎋🎋🎋🎋🎋

සතියක් පමණ කාලයක් මෙලෙස සන්සුන්ව ගෙවී ගියේය ..... වූෂියැන්ගේ අත දැන් සම්පූර්ණයෙන්ම සුව වී තිබූ අතර පාදයේද Bandages ඉවත් කර තිබූ නිසා ඔහුගේ ඔහුගේ කාර්‍යයන් තනිව කර ගැනීමේ හැකියාව ඔහුට ලැබී තිබුණි ....නමුත් පාද චලන වැඩි ක්‍රියාවන් සදහා ඔහුට අනුමැතිය නොලැබුණේ පාදය තවමත් නිසි පරිදි සුව වී නොමැති නිසාය .... මෙනිසාම යීබෝගේ දැඩි නිති රීති වලට අනුව වූෂියැන් නිවසට වී වැඩි කාලයක් ගත කල අතර සවස් වරුව කුමක් හෝ එලිමහන් රාජකාරියක් සදහා වෙන්කර ගත්තේය .....

We Are Made To Love Where stories live. Discover now