🎋 විසි නවවන කොටස 🎋

457 115 47
                                    


චාන් හා ෆෙන්ග් basketball තරගයේ අවසන් අදියරටම පැමිණ තිබුණි .. චාන් Basketball  ක්‍රීඩාවට ඉතා දක්ශ වූ නිසා ඔවුන්ගේ පිල තරගයේ ඉදිරියෙන් සිටියේය ..

තරගය නිමා වීමට තව තිබුණේ සුලු මොහොතකි ... අවශ්‍ය වූයේ ලකුණු දෙකක් පමණි ... ඒත් සමගම චාන් තවත් ලකුණක් රැස් කලේ අලංකාර පන්දු යොමු කිරීමකින්...

⚪ Wow Zhan that was brilliant 🤗🤩

ෆෙන්ග් මෙන්ම ඔවුන්ගේ තරගය නරඹමින් සිටි සියලු දෙනාත් අනෙක් පිලේ පිරිසත් ඔහුගේ එම දක්ශතාවයෙන් පුදුමයටත් සතුටටත් පත් විය...

⚪ One more Zhan .... Common ...  🤗😎

මෙය නිකන් මිතුරන් අතර පැවති සුහද තරගයක් වුවත් ෆෙන්ග්ට දිනන්නට තිබුණේ මහත් ආසාවකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙය නිකන් මිතුරන් අතර පැවති සුහද තරගයක් වුවත් ෆෙන්ග්ට දිනන්නට තිබුණේ මහත් ආසාවකි.. ඔහුගේ කැපවීම දකින කෙනෙක්ට මෙය ලක්ෂ ගානක ත්‍යාග මුදලක් හිමි වන දැවැන්ත තරගයක් බව සිතෙනවා නොඅනුමානය ... ඔහු එතරම් ආසාවෙන් ක්‍රීඩා කරයි ..
මිනිත්තු කිහිපයක් ගත වන තුරුම දෙපිලටම එක් ලකුණක් වත් වාර්තා කිරීමට හැකියාවක් නොලැබුණි... දැන් නම් තරගය පටන් ගෙන පැයකටත් ආසන්නය...

චාන් තරග කරමින් සිටියදීම එකවරම අධික දාඩියක් දමා හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවිය.. හිස කකියන ගතියක් සමග ක්ලාන්ත ගතියක් දැනුනත් ඔහු වතුර ස්වල්පයක් පානය කර නැවතත් ක්‍රීඩාවේ නිරත වූයේ අවසන් මොහොතේදි මෙය අත්හැර දැමීමට නොහැකි නිසාය ......

මිනිත්තු කිහිපයක් ගත වූවත් චාන්ගේ තත්වය යළි යථා තත්වයට පත් නොවූ අතර එන්න එන්නම දරුණු වී දරාගත නොහැකි පපුවේ කැක්කුමක් ඔහුට දැනෙන්නට විය ... තව දුරටත් දරාගත නොහැකි වූ චාන් ක්ලාන්තය සෑදී බිම වැටුනේ පපුවත් අල්ලගෙනමය...

We Are Made To Love Where stories live. Discover now