🎋 හතලිස් හයවන කොටස 🎋

425 107 43
                                    


ඒ තවත් එක් සොදුරු උදෑසනක් විය... චාන්ව පැහැරගැනීම සිදුවී අදට දින තුනක් ගත වී ඇත.. මේ වනවිට තත්වය සාමාන්‍ය අතට හැරී  තිබුණි...

නැවත බෙයිජිං ආ පසු කිසිවෙක් ඒ පිලිබඳව කතා නොකර සිටියේ චාන් දෙදිනක්ම එම කම්පනය නිසා ආහාර ගැනීමත් ප්‍රතික්ශේප කළ බැවිනි .....

තවමත් උදෑසන හතට පමණ වූ නිසා චාන් හා යීබෝ නිදාගෙන සිටියේය ... නමුත් පුරුද්දක් වශයෙන් කලින් අවදි වන යීබෝ මේ වන විටත් පසු වූයේ නින්දත් නොනින්දත් අතරය...

තවත් නිදාගන්නට නොහැකි වූ තැන යීබෝ ඇදෙන් බැස යන්නට හදනවාත් සමගම චාන්ද අවදි විය... චාන් ඔහුගේ අතින් අල්ලාගෙන යන්නට එපා යැයි හිස සලා සන් කලේය .... පසුගිය දින කිහිපයේම චාන් නින්දෙන්වත් යීබෝගෙන් ඈතට යාම ප්‍රතික්ෂේප කල නිසා යීබෝද හැකි සෑමවිටම  ඔහු සමගම කාලය ගෙවන්නට උත්සුක විය...

🦁 බනී මං woshroom එකට යන්නේ... මං අද Office යන්නේ නෑ .. ඔයා තව ටිකක් නිදාගන්න .. මං පහලින් ඉන්නම් ....

නිදිමතේම දෑස් පොඩි කරමින් චාන් දෑස් විවර කලේය ...

🐰 ඇයි ඔයා Office යන්නේ නැත්තේ ?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐰 ඇයි ඔයා Office යන්නේ නැත්තේ ?

🦁 අද මායි Baby බනියි ඇවිදින්න යන නිසා...

චාන්ගේ බෝල කම්මුලක් හෙමින් මිරිකමින් යීබෝ කිවේය ....

🐰 බෝබෝ අපි කොහෙද යන්නේ.... 😍😍

කාලේකින් චාන්ගේ මුහුණේ හිනා මලක් පිපි ඇත... යීබෝට අවශ්‍ය වූයේද එයයි.. දින තුනක් හරිහැටි කතා බහ නොකර යීබෝගේ වටේම චාන් දැවටෙමින් සිටියේ තම මවගේ උණුසුම සොයන බළල් පැටවෙකු මෙනි... නමුත් අද නම් ඔහු අලුතින් පූදින මල් කැකුලක් මෙන් ප්‍රියමනාප ස්වභාවයක් ගත්තේය ...

We Are Made To Love Where stories live. Discover now