🎋 විසි අටවන කොටස 🎋

469 116 44
                                    


චාන් සහ ඔහුගේ මිතුරා වු යූ ෆෙන්ග් විශ්ව විද්‍යාලයට පැමිණෙන විටත් උදෑසන 9.30 පසු වී තිබුණි ... ෆෙන්ග්ගේ  බයික් එකේ නැගී දෙදෙනාම පාරේ වාහන අතරින් එහෙන් මෙහෙන් දමා උපරිම වේගයෙන් පැමිණියත් වැඩක් නොවීය ...

ඔවුන් දැනටමත් හොදටම ප්‍රමාද වී ඇත... බයික් එක ආවට වඩා වේගයෙන් නතර කරන්නට ගොස් දෙදෙනා නොවැටී බේරුනේ අනූ නවයෙනි.. ෆෙන්ග්ට බනින අතරම චාන් බයික් එකෙන් බැස ගත්තේ ආ වේගය නිසාම අවුල් වී තිබු හිසකෙස් හා ඇදුම් අතින් හදමින්‍ ය...

                   ( Feng )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                   ( Feng )

🐰 උඹට මාව මරන්න ඕනි නම් මීට වඩා ලේසි විදිහක් හොයාගනිම් ... මේ විදිහට ගිහින් මැරුනොත් කෑලි ටිකවත් හොයාගන්න හම්බවෙන්නේ නෑ ... 🤨🙁

⚪ උඹ මෙතන දවල් හීන බල බල ඉදලා පරක්කු වුනේ නැත්තම් අපිට වෙලාවට හෙමින් එන්න තිබ්බා.. 😌 එහෙනම් මං හෙමීට හෙමීට ආදරෙන් ඔයාව එක්කන් එනවා මේ කපුටු කූඩේ වගේ තියෙන කොන්ඩේ ගහක්වත් ඇවිස්සෙන්නේ නැතුව

🐰 අනේ මේ ෆෙන්ග් ... උබ හෙමින් ගියොත් එදාට ඉර පායන්නේ අනිත් පැත්තෙන් .. දැන් යමන් ... බලහන් මගේ හැටි Current වැදුන පූසෙක් වගේ...

චාන් ඔහුගේ අවුල් වූ ඇදුම් හද හදම දිවගෙනම දේශන ශාලාව වෙත පැමිණි ඔවුන් දෙදෙනා පිටුපස දොරටුව අසලින් හොරෙන් හොරෙන් ශාලාවට ඇතුල් වෙන්න උත්සාහ කලේ ගුලකට රිංගන සර්පයන් මෙන් ය..  නමුත් ඔවුන් දෙදෙනාට මහාචාර්යවරියගේ උකුසු ඇසින් බේරීමට නොහැකි විය..

👩‍🏫 චාන් , ෆෙන්ග් කොහේ යනවා කියලද හිතන් ඉන්නේ ...

🐰 ඉවරයි අහුවුනා 🙁

⚪ මෙයාට පිටිපස්සටත් ඇස් තියෙනවද දන්නෑ ... ඇයි යකූ හැමදාම මාට්ටු වෙනවනේ..

We Are Made To Love Where stories live. Discover now