🎋 දොලොස්වන කොටස 🎋

584 135 17
                                    


යීබෝ ද යූ බින් ද රෝහලට ආවේ හීයක වේගයෙනි ... ඔවුන් දෙදෙනාගේ මේ වේගවත් රිය පැදවීම පාරේ ගිය අනෙකුත් වාහන වලටත් කරදරයක් වූ නමුත් ඔවුන් එය ගණනකට නොගෙන හැකි උපරිම වේගයෙන් රෝහලට පැමිණ Reception එකට ආවේ වූෂියැන්ට සහ ජින් ලින්ට කෙසේදැයි තවමත් හරිහැටි නොදන්නා නිසාය ....

🦁 Nurse දැන් Accident වෙලා ගෙනාපු අය කොහෙද?

👩‍🍳 එයාලා Accident Unit එකේ Room no 345 ...  3rd floor එකේ දකුණු පැත්තේ...

🦁 Thank you ....

හැකි උපරිම වේගයෙන් දුවවිත් කාමරයට පැමිණි යීබෝ මුලින්ම දුටුවේ කාමරයේ වම්පස ඇදෙහි සිටි ජින් ලින්වය...

ඔහුගේ අතේ වලලුකර සිට වැලමිට දක්වාම Bandage කර තිබූ අතර එය ආධාරකයක් මගින් බෙල්ලේ රදවා තිබුණි....මුහුණේ තැන් කිහිපයක් හා කකුලේ තැන් කිහිපයකද සීරුම් තුවාල හා කුඩා ප්ලාස්ටර් කැබලි අලවා තිබුනා ....

🦁 ආ'ලින් ... දෙයියනේ මොකක්ද මේ කරගත්තේ? කෝ බලන්න, ඔයාට ගොඩක් අමාරුයි ද? ඇයි මේ අතට මොනවා වෙලාද? කෝ මෙතන Doctor කෙනෙක් නැද්ද ? Doctor.....  Doctor ...

යීබෝ ජින් ලින්ගේ හිසේ සිට පාදාන්තය දක්වාම අගලක් නෑර නිරීක්ෂණය කලේ ඉතා කලබලෙන්..

◻️ යීබෝ කලබල කරන්න එපා මචන් .. Doctor කෙනෙක් බලලා නිසානේ මේ බෙහෙත් දාලා තියෙන්නේ .....

💟 බෝ ගා'...

🦁 ආ'ලින් ඇයි ඔයාට ගොඩක් අමාරුයිද?? කොහෙද රිදෙන්නේ?

💟 නෑ ඒක එච්චර රිදෙන්නේ නෑ ...

💟ඔයා ආපහූ බීලා නේද ??

🦁 දැන් ඒකද ප්‍රශ්නේ.... 😶කෝ වෙයි යින් ...

💟 අර...

මෙතෙක් වෙලා ජින් ලින් දෙසට දෑස් යොමු කර සිටි යීබෝත් යූ බින් ත් ඔහුට දකුණු පසින් වූ ඇද දෙසට අවධානය යොමු කරන්නට විය...

වූෂියැන් සිහිසුන්ව ඇදෙහි වැතිරී සිටියේය ... ඔහුගේ වම් කකුලේ දණහිසෙන් මදක් ඉහල සිට වළලුකර දක්වාම POP දමා Bandage කර තිබුණි... සිටිසුන්ව සිටින වූෂියැන් අසල වාඩිවී යීබෝ හඩා වැළපෙන්නට විය...

🦁 වෙයි යින් නැගිටින්නකෝ.... අනේ වෙයි යින් ... 🥺🥺 ඔයාට ගොඩාක් රිදෙනවද?? අනේ වෙයි Please නැගිටින්න ....

We Are Made To Love Where stories live. Discover now