🎋 නවවන කොටස 🎋

633 145 27
                                    


යීබෝ සහ ජින් ලින් නිවස පිටුපස උද්‍යානයට ආවේ Orange Juice දෙකක් සහ Snacks කිහිපයක්ද අතැතිවයි.....

යීබෝ සහ ජින් ලින් නිවස පිටුපස උද්‍යානයට ආවේ Orange Juice දෙකක් සහ Snacks කිහිපයක්ද අතැතිවයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මිනිත්තු කිහිපයක්ම නිහඩව ගත වූ අතර අවසානයේ යීබෝ නිහැඩියාව බිද දමමින් කතා කරන්න පටන් ගත්තා...

🦁 ඉතින් ආ'ලින් මොකක්ද ඔයාට කියන්න තියෙන්නේ ?

💟 ම්ම්ම් මේකයි, මට කියන්න බෝ ගා' ඔයයි වූෂියැනුයි අතර තියෙන්නෙ මොනවගේ සම්බන්ධයක්ද කියලා ...

🦁 එකපාරටම ඔයා ඇයි එහෙම අහන්නේ?

💟 නිකන් අනේ,, කියන්නකෝ එයා ඔයාගේ කවුද ?

🦁 එයා මගේ යාළුවෙක් ඉතින් .....

💟 එච්චරයිද ?

🦁 ඔව් එයා මගේ හොඳ යාළුවෙක් එච්චරයි .....

💟 මං ඔයාව දන්නේ පොඩි කාලේ ඉදන් ..... ඔයා මීට කලින් යාලුවෙක්ට මෙහෙම සලකනවා මං දැකලා නෑනේ ... ඔයා එයාව ගෙදර තියාගෙන මෙච්චර එයා ගැන වද වෙන්නේ මොකද ?

🦁 ආ'ලින් එයාට යන්න එන්න තැනක් නෑ... එයාට කියලා කවුරුත් නෑ මේ ලෝකේ ... එයාට ඉන්න එකම යාලුවා මං විතරයි ... ඉතින් කොහොමද මං එයා ගැන නොබලා ඉන්නේ ..

💟 හ්ම්ම්ම් ... ඒකත් එහෙමද?

💟 ඔයාට විශ්වාසද වෙයි යින් ගැන ඔයාට Special Feeling මුකුත් නෑ කියලා ...

🦁 හ්ම් නෑ....

එය ඔහුගේ මුවින් පිටවූ පිලිතුර වුවත් ඔහුගේ හදවතේ පිලිතුර එයට හාත්පසින්ම වෙනස් එකක් විය.... නමුත් යීබෝ ඔහුගේ හදවත වූෂියැන් වෙනුවෙන් විවර කිරීමට තවමත් සූදානම් නැත.. ඔහුට දැනෙන හැගීම් සගවා ගන්නට ඔහුට අවැසිය... කුමක් හෝ නාදුනන හේතුවක් මත වූෂියැන් කෙරෙහි ඇති ඇල්ම ඔහුට නොපෙන්වා සිටිය යුතුයැයි ඔහුගේ හදවත ඔහුට යලි යලිත් පවසන්නේය.....

We Are Made To Love Where stories live. Discover now