🎋 තිස්පස් වන කොටස 🎋

476 122 28
                                    


🦁 බනී නැගිටින්න .... හොදටම පරක්කු වෙලා තියෙන්නේ ....

🐰 ම්ම්ම්ම්හ්....

උදේ පාන්දර පහේ සිටම යීබෝ කිහිප වරක්ම චාන්ව අවදි කරවාගන්නට උත්සාහ කලත් චාන් නම් එය ගණනකට වත් නොගෙන හොදට නිදිය...

උදා වූ දිනය තරමක් සීතල, හිරු එළිය අඩු, අන්ධකාරය වැඩි, නිදාගන්නට නම් ඉතා කදිම දිනයක් විය... චාන් පොරවනය තුල ගුලිවී සැප නින්දෙන් මිදෙන්නට අදිමදි කරමින් සිටි අතර වෙනදාට චාන් අවදි වන තුරුම ඔහුගේ නින්දට බාධා නොකරන යීබෝ අද කිහිප වරක්ම ඔහුට කතා කලේ දිගු ගමනක් යාමට ඇති නිසාය ....

🦁 බනී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🦁 බනී ... දැන් නැගිටින්න අනේ... ආයේ නම් මං කියන්නේ මෙහෙම නෙවෙයි ...

චාන්ට මේ තර්ජන කිසිවක් ඇසෙන්නේ නැත.. ඇසුනත්  ඔහු ගණන් ගන්නේ නැත්තේ යීබෝගේ හැටි හොදින්ම දන්නා නිසාය ...

යීබෝගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් යීබෝ චාන්ව සොයා කාමරයට ගියේය ... කුඩා දරුවෙකු මෙන් කොට්ටයක් තුරුල් කරගෙන නිදාසිටින චාන්ව දුටු විට යීබෝගේ කේන්තිය අඩුවී ගියේ සැනෙකිණි ... නමුත් ඔහුව අවදි කල යුතුම නිසා යීබෝ ඇදේ කෙලවරකින් වාඩි වී ඔහුගේ පිටට තට්ටු කලේය ...

🦁 චාන් නැගිටින්නකෝ ...

🐰 පපා තව විනාඩි පහයි....මං ඇහැරලා ඉන්නේ ..

" පපා ... ගෙදර ඉන්නවා කියලද මේ බනී හිතාගෙන ඉන්නේ... මෙයාව මෙහෙම හුරතල් කරලා තියෙන්නේ ඒ දෙන්නා තමයි .. Pre School යන ළමයි මීට වඩා ලේසියෙන් ඇහැරවන්න පුලුවන් ...."

🦁 බනී අපි ගමනක් යන්න ඕනි .. ඉක්මනට ගියේ නැත්තම් අපිට වෙලාවට යන්න බැරි වෙනවානේ .. දැන් නැගිටින්නකෝ මැණික ....

We Are Made To Love Where stories live. Discover now