𝙴𝙿 01 👄

1.2K 194 74
                                    

සුපුරුදු විදියට එදා උදෙත් Kim Teahyung අවදි වුණේ මහා එපා කරපු දවසක් කියලා හිතලා..... තමන්ගේ මූණට වැටිලා තියෙන ඉර එළිය අතින් වහ ගන්න උත්සාහ කරමින් ඔහු හිමීට ඇස් අරින්න ගත්තා..... ටික වෙලාවක් ඇදේ එහෙමම ඉඳගෙන උඩ සිවිලිම දිහා බලාගෙන හිටිය ඔහු ඇදෙන් බැහැලා බැල්කනි එක ළඟට ගියේ මහා කැත හිනාවක් දාගෙන....

🐯 ඕහෝ......... වෙනදා වගේම දවසක්.... 😏 අද මොනවද කරන්න තියෙන්නේ..... බලමු...

එහෙම කියලා එයා ෆෝන් එක අතට ගත්තා.....

Phone Call.

🐯 ජැකී...... අද කවුරු හරි ඉන්නවද. 😏

" ඔව් සර්....... අපේ ඩීල් එකකට හරස් කපන්න ආපු එකෙක් අල්ල ගත්තා.... ඌ සර්ට බනිනවා... තාම සර්ගෙ හැටි දන්නෑ වගේ.... "

🐯 අද මං කියලා දෙන්නං ඕකට මම කව්ද කියලා....😌💔 පුළුවන් තරම් වද දීපං පුළුවන් තරම්..... 😏 ඩීල් එකට හරස් කපන්න කිව්ව එකාවත් අහා ගනිං... 🤬

" හරි සර්..... මං තියන්නං. "

Phone Call End....

🐯 හහ්...... උන් හිතා ගෙන ඇති මම රූකඩයක් කියලා....😐

ටේ එතනින් එහාට ඇවිල්ලා වොෂ් එකක් දාගන්න ටවල් එක ගන්නකොට දැක්ක දෙයින් එයාගේ හිතේ තියෙන ලොකු තුවාලෙ පෑරුණා..... ටේගේ අතීතේ ඒ ලස්සන අතීතේ මේ වෙනකොට නෑ.... ඒක උදුර ගත්තා... හරියටම මීට අවුරුද්දකට කළින් Kim Teahyung ලස්සන ආදරවන්තයෙක්. 😌❤️





























































Flash Back.

ටේ එදා Office එකට ගියේ අද එයාගේ වැඩ වලට Private Secretary කෙනෙක් හොයා ගන්න තියෙන නිසා.... ඒකට හුඟක් අය ඇවිත් හිටියා.... 🙂 ඒ හැමෝම ටේව දැක්කා විතරයි හිස නමලා ආචාර කළා.... එ්ත් එක්කෙනෙක් හිටියේ ඔරලෝසුවෙන් වෙලාව බල බල. එයාට ටේ ආවා කියන එකවත් සිහියක් නෑ. 😒 ටේට ඉතිං මේවට යකා නඟිනවා..... ඉන්ටවිව් එක පටං ගත්තා... හැමෝම ඒකට සම්බන්ධ වුණා. අර කෙල්ලව විතරක් අන්තිමට එවන්න කිව්වා... ඒ කෙල්ල ඒත් හිටියේ ගොඩක් කලබලෙන් වගේ.... අන්තිමට එයාගේ වාරේ ආවා. ටේ එයාව කැබින් එකට කැදෙව්වා....
ඒ කෙල්ල කැබින් එකට ආවා....

Love Or Mafia (Kth)✔️Onde histórias criam vida. Descubra agora