𝙴𝙿 11|| 👄

527 108 36
                                    

මම Jeon Jungkook.... Jeon Company එකේ CEO.... TJJY Mafia Gang එකට JK. 😏
ඔයාලා හිතනවට වඩා මගේ කතාව ගොඩාක් වෙනස්.... අනිත් හැමෝගෙම ඔම්මලා අප්පලා ඉන්නවා එහෙම නැත්තං මැරිලා කවුරු හරි මරලා.... ඒත් මගේ ඔම්මයි තාත්තයි.... 😠 මට කියන්නත් ලැජ්ජයි... මේ ලෝකේ මං වැඩිපුරම වෛර කරන්නේ ඒ දෙන්නට... ඔම්මයි අප්පයි... නෑ නෑ එයාලට ඒක සුදුසු නෑ කොහෙත්ම.... කොහෙත්ම මං කැමති නෑ එයාලට එහෙම කියන්න. මොකද ඒක ලොකු අපරාධයක්.. මගේ ලෝකෙම මාව අනාතයෙක් ගානට දැම්මා.... මට ආදරය කරේ නෑ... මැරිලා යන්න මාව විසික් කරපු කුණු ගොඩක් ගානට දැම්මා.....

එදා මගේ දහ වෙනි උපන්දිනේ.... මං ගොඩක් සතුටින් හිටියේ.... කවදටත් වඩා..... ඔම්මයි අප්පයි මාව අරගෙන ගියේ ගොඩක් පාළු හැබැයි ටිකක් ලස්සන තැනකට... ඒත් මට තේරුනේ නෑ ඇයි එතනට මාව අරගෙන ආවේ කියලා....... ඒත් එකපාරටම වුණේ මං කවදාවත් හිනේකින්වත් නොහිතපු දෙයක් මගේ උපන්දිනේ දවසේ මං කීයටවත් නොහිතපු දෙයක්..... එතනට ආවේ කළු ඇද ගත්ත මිනිස්සු කට්ටියක්..... මට වෙන දේ හිතා ගන්න බැරි වුණා......

" අරං පලයං.... ඕන දෙයක් කරපං.... "

🐰 අප්පා.....මට බෑ මට බෑ ඔයාලව මට ඕන.... අනේ.... මාව බේර ගන්න.... මට බෑ අප්පා......

එදා මගේ අප්පා එයාගේ එකම පුතා Jeon Jungkook ව මොක්කුන්ටද මන්දා විකුණුවා. කිසිම හිතක් පපුවක් නැති උන් වගේ මගේ ඔම්මායි අප්පයි මාව උන්ට ගෙනියන්න දීලා මගේ දිහා නොබලම හැරිලා ගියා.... අන්න එදා තමා මේ Jeon Jungkook JK උනේ..... හා පැටියෙක්ගේ වගේ ලස්සන ඇස් වෛරය තරහා කියන දේවල් වලින් පිරිලා ගියේ..... එදා මගේ හිත වෛරය නැමැති පටලයෙන් වැහිලා ගියේ හිතන්නවත් වෙලාවක් නොදී..... මං එයාලට වෛර කළා.... පුළුවන් තරම් වෛර කළා.... හරියටම මාව අවුරුදු 15 දී හ්‍යුන්ග් කෙනෙක් බේර ගත්තා... ඒ වෙන කවුරුත් නෙමෙයි හොබී හ්‍යුන්ග්...... එයා ගොඩක් හොඳ කෙනෙක්.....

හොබී හ්‍යුන්ග් කියන්නේ පුංචි කාලේ ඉදන් තනියම හැදුණු කෙනෙක්..... එයා Mafia වලට බැදුනේ ටේ නිසා.... එයා Mafia වලට වැඩිය කැමති නැති උනත් එයා තමා සුපිරිම....එයා මට හ්‍යුන්ග් කෙනෙක් විදියට ගොඩක් හොඳට බලා ගත්තා...... පස්සේ මාත් Mafia වලට බැදුනේ මාව පාරට දාපු දෙන්නට හොඳ පාඩමක් උගන්නන්න....... Kim Teahyung . TJJY Mafia Gang Leader. Mafia King. Black Tiger . Super Hacker. Super Company's CEO. Mr. Kim Teahyung කියන කොරියාවේ සුපිරිම බලවතා ළඟ මං දැන් ඉන්නේ.....

Love Or Mafia (Kth)✔️Where stories live. Discover now