𝙴𝙿 07 👄

613 114 19
                                    

දවස් ගත වෙලා ගියේ කිසිම වෙනසක් නොවී. ටේගෙ තත්වය සුව අතට හැරෙනකොට අනිත් අය හිටියේ එයාලගේ වැඩ වලට හිර වෙලා.

නම්ජුන් ජිමින් ජින් ඒ තුන්දෙනාම හිටියේ ලොකු මිශන් එකක. කවුරුත් නොදන්න මිශන් එකක.

ඔය අතර බ්ලූඩ් ගැන්ග් එක එයාලගේ අළුත් තැන වෙනම වැඩකට ලෑස්ති වෙන ගමන් හිටියේ.

🎃 ජැක් අපි හරියටම හෙට උදේ 10 ට මෙතනට වැඩේ දෙනවා. ඊට පස්සේ අපිට ඕන කරන බඩු ටික පාස් කරගන්නවා. වැඩේ දෙනකොට කිසිම අත් වැරැද්දක් වෙන්න බෑ. මොකක් හරි වෙලා තිබ්බොත් තමුසේ ඉවරයි ඒක හොඳට මතක තියා ගන්නවා......

" හරි බොස්........ "

🎃 දැන් තමුසේ යනවා.......

" අපේ වැඩෙ හරිද ඔප්පා..... "

🎃 ඒක හරි....... ඔයා ඇයි ආවේ....

" අරූව ගේන්න..... "

🎃 කාවද..

" අර නොදන්න එකාගේ මහ ලොකු අයියව..... "

🎃 ඉන්න.......

එයා එහෙම කියලා එතනින් ගියේ අදුරු කාමරේකට..... කාමරය අදුරේ ගිලිලා තිබ්බේ... ඒ වගේම ඒ කාමරේ හිටියෙත් දෙන්නයි. එතනින් තරමක් උස පිරිමි කෙනාව අරූ ඇදලා අරගෙන ආවා...... ඔහු හිටියේ මදක් හෙම්බත් වෙච්ච ස්වරූපයෙන්......

" තමුන්ට මම මේ දෙන අන්තිම අවස්ථාව.......... කව්ද ඌ....... කව්ද ඒකා.... "

" මං ඒක කියන්න ඕනෙමද. " 😏

" තමුසේ මගෙන් මැරුම් කනවද ඒක කියනවද...... "

" තමුසේ වගේ මහා එපා කරපු එවුන්ට මම මගේ මල්ලිව පාවලා දෙන්නෑ යකෝ. උඹලා උගේ ජීවිතේ විනාස කරනවා බලං ඉන්න මේ අයියා මොකෙක්ද. "

" හහ්...... 🙄 තමුසේ මාව සතෙක් ගානට දාලාද යකෝ කතා කරන්නේ. "

" සතෙකුටත් වඩා අන්තයි....... 😑 "

" ජෙක්..... "

" මැඩම්......... "

" ගනිං ඔය පොල්ල...... මුට හොඳින් කියලා වැඩක් නෑ. 😏 මුන්ට මගේ විදියට කියලා දෙන්න වෙයි....... "

එහෙම කියලා ළඟ තිබ්බ පොල්ල ඇදලා ගන්නකොටම එයාට කෝල් එකක් ආවා.......

Love Or Mafia (Kth)✔️Where stories live. Discover now