𝙴𝙿 12 👄

592 106 80
                                    

මාසයක් ගෙවිලා ගියේ කිසිම හැල හොල්මනක් නැතුව..... TJJY ලා එයාලගේ සුපුරුදු Mafia වැඩ වල..... Blood Gang එක එයාලගේ හතුරා ව හොයනවා.... එයා කව්ද කියන එකවත් නොදැන.... අපේ පොලිස් මාමලා ටික ෆයිල් වලට යට වෙලා වගේ හැම තප්පරේම වැඩ..... තරහා යන ජිමින් මේ දවස් වල උසස් තැනක වැඩ කරනවා... නම්ජින් ඩබල අපරාධ කාරයො හොයනවා.... හැමෝම හුඟක් කාර්යබහුල වෙලාවේ දෙන්නෙක් විතරක් හිටියේ බීච් එකේ අත් පටලගෙන.....කාලයක් හොයපු ආදරයක් හම්බුන තරුණයෙක් ඔහුගේ ආදරය සමග සිනිදූ වැලි මත තම සුමුදු අඩි තබමින් නිශ්ශබ්දව ඉදිරියට ඇදෙනවා... නිහඬ මුහුද අමුතු ලස්සනකින් දිස් වෙනවා... මුහුදු රැලි ගල් වල හැපිලා නැගෙන පෙන පිඩු අමුතු දිස්නයක් ගෙනාවා. ඈත අහසේ රක්ත වර්ණව දිලිසෙන හිරු එළිය අමුතු අලෝකයක් ගෙනවිත්..... නමුත් ඔවුන් දන්න රහස වෙන කවුරුත් දන්නෑ.... කිසි දිනෙක තම එකම ආදරය වෙන කෙනෙකුට නොදෙන කෙනා අද ඇයට පරිත්‍යාග කරලා. කිසි දිනෙක ඒ යකඩ හිත කඩන්න බෑ කියලා හිතුවට අද ඒ හිත කුඩා දරුවෙකුගෙ වගේ..... මෙච්චර දරුණු පුද්ගලයෙක්ට එච්චර සන්සුන් වෙන්න පුළුවන් ද....කව්ද හිතුවේ......
ඇත්තටම කවුරුන්ද මේ අත් පටලාගෙන වෙරළෙහි සක්මන් කරන ආදරණීය යුවල.... වෙන කවුරුත් නෙවෙයි මේ..... Mafia King Kim Teahyung..... ඔවු ඒ මාසය ඇතුලේ ලොකු පෙරළියක් කළා...... ඔහු ආයෙත් ආදරය කරනවා.... එදා තමන්ගේ ඔෆිස් එකට ආපු සෝ වගේ පුංචි කෙල්ලට...... වෙන කවුරුත් නෙවෙයි ජීනූ..... ඔහුගේ හිතේ ඒ ඇති වෙලා තිබ්බ හැගීම ආදරය කියලා ඔහු ටික කලකට පසු දැන ගත්තා.... ඒත්........... නෑ අපි ඒක කාලයට භාර දෙමු.... ඔහුගේ දෛවය ඒක විසඳයි.... 🙂

Teahyung Pov....

මට මොකක්ද එයා කළේ... ඇයි මං වෙනදට වඩා නිවිච්ච කෙනෙක් විදියට ඉන්නේ... ඒ ඒ ආදරේ නිසාද.... ඔව් කළින් හිටිය ටේහ්‍යුන් දැන් ටික ටික මතු වෙනවා..... මේ මාසය ඇතුලෙදී මගේ ජීවිතේ මට ගොඩක් වටින මං ගොඩක් ආදරය කරන කෙනෙක් මට හම්බුනා... ජීනූ... ඔව් ඉතිං ඔෆිස් එකේ වැඩට ආපු කෙල්ල.... මං එයාගෙන් දැක්කේ මගේ පරණ ආදරේ.... සෝ ව.... දැන් මං ගොඩක් වෙනස් වෙලා. වෙනස් වෙලා නෙමෙයි එයා වෙනස් කළා... ජීනූ ටිකක් අමුතු කෙනෙක්.... එයාගේ පවුලේ අය ගැන මට එයා කිව්වේ නෑ... ටිකක් අහිංසක දුප්පත් පවුලක් වගේ.... ඒත් ඇයි මට කියන්න බැරි... කමක් නෑ කවදා හරි එයා කියයි....
අද මගේ හිතට එක පැත්තකින් ලොකු නිදහසක් දැනෙනවා.....

Love Or Mafia (Kth)✔️Where stories live. Discover now