𝙴𝙿 08|| 👄

579 116 31
                                    

Park Jimin. මං පුංචි කාලේ ඉදන් හැදුනේ මගේ නැන්දා ළඟ.... මං දන්න කාලේ ඉදන් මගේ ඔම්මා අප්පා නෑ. අඩුම තරමේ එයාලාගේ ෆොටෝ එකක් වත් නෑ. 💔 මං හැමදාම මගේ පවුලේ අය ගැන නැන්දාගෙන් ඇහුවා... මම පුංචි කාලේ.... ඒත් එයා කිව්වේ එයාලා නෑ කියලා... මගේ ඔම්මා නැති වෙලාලූ... එයා පොලීසියෙලූ හිටියේ.... ඒත් මගේ අප්පා ගැන අහන හැම වෙලාවකම නැන්දා ගොඩක් තරහා ගත්තා වගේම දුක් වුණා.... ඒත් ඒ ඇයි කියලා ඇහුවට කිසිම උත්තරයක් මට හම්බුනේ නෑ..... හැමදාම මම හොයන ප්‍රශ්න වලට කිසිම උත්තරයක් නැතුව නතර වෙනවා. රටේ ලෝකෙ ප්‍රශ්න විසඳන්න හිටියට මගේ වටේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න බෑ. ...
මං පුංචි කාලේ ඉදන් හීන දැක්කේ පොලීසියට යන්න ඒ වගේම ලොකු බිස්නස් මන්ට් කෙනෙක් වෙන්න.... මං ගොඩක් ඉගෙන ගත්තා. සේරම පැත්තකින් තියලා මං ඉගෙනීමට අවධානය දුන්නා..... 🙂 මොකද මං දැනගෙන හිටියා මට අන්තිමට ඉතුරු වෙන්නේ ඒ ටික විතරයි කියලා... කොහොම හරි මම මගේ හීනේට ආවා..... ඔව් දැන් මම කොරියාවේ මුල් පෙළේ තියෙන කම්පැනීස් පහෙන් එකක් වන PJM Company එකේ CEO........ ඒ වගේම හුඟක් අය අතර ප්‍රසිද්ධ සෝල් පොලීසියේ දරුණුම පොලීස් නිලධාරියා..... 😂 පොලීසියට විතරයි මම එච්චර නපුරු දරුණු. මොකද ඒකට ඒක ඕන. ඔෆිස් එකට මං ගොඩක් හොඳ නිහතමානී ප්‍රියමනාප CEO කෙනෙක්......

( A/N : නිහතමානී.... 🙄 මං ඔයැයිට වඩා නිහතමානී හරිය....

Jimin : හරි ඔතරී මං පිළිගත්තා.

ආන් ඒම එන්න. 😌 )

මට ඊටපස්සේ හම්බුනේ මගේ හ්‍යුන්ග් ලාව... ටේ කියන්නේ මං පුංචි කාලේ ඉදන් මගේ යාළුවා..... එයා ගොඩක් තැන්පත් හොඳ චරිතයක් ඉස්සර... ඒත් එයාගේ ජීවිතේ වෙච්ච සමහර අදුරු සිදුවීම් නිසා එයා එන්න එන්නම වෙනස් වුණා. ගොඩක් තද හිතක් තියෙන නපුරු චරිතයක් වුණා..... මුළින් එයාගේ අප්පා නැති වුණා ඊටපස්සේ අයියා.... අන්තිමට එයා ආදරය කරපු කෙනෙත් එයාට නැති වුණා..... මගේ තාමත් තියෙන අදිශ්ටානයක් තමා ඒ මිනි මැරුම් අතුරුදහන් වීම් වලට හේතු වග උත්තර කාරයො හොයන එක...... මොකද මට ආයෙත් ඉස්සර හිටිය මගේ යාළුවව දකින්න ඕන. ඒ අහිංසක හුරුබුහුටි දඟකාර ටේ කොල්ලව ආය දකින්න ඕන.....
මිනිස්සුන්ව වෙනස් කරන්නේ වෙන කවුරුත් නෙවෙයි මිනිස්සුමයි..... තමන් පණ වගේ ආදරය කරපු අය එයාලට නැති වෙනකොට දැනෙන දුක මටත් දැනිලා තියෙනවා... මොකද මාත් ඒක අත් වින්දා.... ඔම්මා අප්පා නැති අඩුව එයාලගේ සෙනෙහස නැති කම ඒ අඩුව මට ඕනවටත් වඩා දැනුනා. මාත් එයාලට ආදරය කරා..... මගේ පවුලට මමත් ආදරය කරා......
කාලයත් එක්ක මගේ ඔම්මගේ සෙනෙහස මට කෙනෙක් ගෙන් ලැබුණා........
ඔව් මේ සමාජයට අහංකාර නපුරු පොලිස් කාරයාගෙ අහිංසක CEO ගේ පළවෙනි ආදරේ... 🤭 ඔව් ඉතිං බිල්ලා වගේ ඉන්න බෑනේ...... මගේ ආදරේ හම්බුන දවස මට අද වගේ මතකයි..... 😏

Love Or Mafia (Kth)✔️Onde histórias criam vida. Descubra agora