𝙴𝙿 17 👄

647 111 155
                                    

සීත සෘතුව ඇරබිලා....... මුළු පරිසරයම සුදු පාට රෙදි කඩකින් වැහිලා වගේ...... සීත සෘතුව කියන්නේ සෝල් නගරයට හිම වැටීමේ ආරම්භය..... පාරවල් හිම වලින් වැසිලා ගිහිං. කොළ පාටට තිබ්බ උස ගස් හිම නිසා තැනින් තැනින් වැසිලා. උස් කුලුණු වල උඩු මහල් නොපෙනෙන තරම්. නිවාස වල වහල හිම වලින්ම සුදු පිරියම් වෙලා..... ලස්සන දවසක්.... ඔව් සමාන්‍යයෙන් හැමෝටම ලස්සන කාලයක්.... පුංචි දරුවෝ හිම බෝල සෙල්ලම් කරනවා.... ආදරවන්තයෝ සකුරා ගස් යට එයාලගේ ආදරේ බෙදා ගන්නකොට වයසක ආදරවන්තයො එයාලගේ කාලය නිදහසේ ගෙවනවා.... හැමෝම තම තමන්ගේ වැඩ වල නිරත වෙනවා. ලස්සන සමය සෘතුව විදිනවා..... ඔය සියල් සිදු වෙන අතරේ පාර අයිනෙ සකුරා ගහක් යට ගිමන් හරිමින් හිටියේ ගැබිණි මවක්..... 🥀 ඇගේ මැලවුණු මුහුණ ඒත් ගොඩක් ලස්සනයි..... තම නූපන් කුළුදුල් දරුවා ගැන හිතමින් ඇය කාලය ගත කරනවා...

" පැටියෝ..... ඔයාට සීතලද රත්තරං....... මං කොහොමද ඔයාගේ සීතල නැති කරන්නේ...... කාලය වේගයෙන් ගෙවිලා ගිහින්..... ඔයා හිටියත් එයා නෑ...... ඔයාව මට දීලා එයා ඇයි ගියේ රත්තරං...... නූපන් ඔයා වෙනුවෙන් මම ජීවත් වෙනවා. 😭 ඒ ඔයා වෙනුවෙන් මගේ පණ. "

ඇගේ හඩේ දුක් මුසු බවක් හොඳින් තිබ්බා..... ඔව් ඇය කිව්ව විදියට කාලය වේගයෙන් ගෙවිලා ගිහින්........ කවුරුන්ද මේ ගැබිණිය. ඇය වෙන කවුරුත් නෙවෙයි... ඒ සෝ...... තමන්ගේ කිරි කැටියව තම කුසේ හොවාගෙන තමන්ගේ ජීවිතය ගැට ගහ ගන්න උත්සාහ කරනවා........

💛 ඇයි....... ඇයි එහෙම...... ඔයා දන්නවා මට මේ දේවල් තනියම කරන්න බෑ කියලා..... ඇයි දෙයියනේ මාව දාලා ගියේ.... 😭 ඔයාගේ පැටියා ඔයාට වැඩක් නැද්ද...... ඒ හින්දද දාලා ගියේ අපිව.....

සෝ කියන්නේ දරුවෙක් ලැබෙන්න ඉන්න මවක්..... ඒත් කොහොමද....... ඒකට දිග කතාවක් තියෙනවද.... ඔව් අනිවාර්යයෙන්ම.....

මද වෙලාවක් සකුරා ගහ යට ඇගේ කදුළු වලට ඕහේ ගලාගෙන යන්න දුන්න ඇය ආපසු එන්න හැරුනේ ඇගේ ආදරය ඉන්න තැනට....... මද දුරක් නිසොල්මන්ව ගමන් කළ ඇය මදක් නතර වී එතන ගේට්ටුව දිහා බැලුවා.......

💛 ඔයාට මෙතන ඉන්නම ඕනේද. 🥀 ඇයි ඔයා එහෙම දෙයක් කරේ..........

ඇය එසේ සිතන ගමන් ඉදිරියට ඇදුනා.... අවසානයේ ඇය නතර වුණේ පොළොවට පස් වෙලා තියෙන සොහොනක් ළඟ.... එහි සටහන් වෙලා තිබ්බේ Kim Teahyung කියලා.... 💔

Love Or Mafia (Kth)✔️Tahanan ng mga kuwento. Tumuklas ngayon