දෙවැනි දිගහැරුම .......

2.7K 574 253
                                    

SOLDIER .......👲👲

SOLDIER ..........👲👲

" මොනවද මෙතන වෙන්නෙ...."

ඇහුණු බැරෑරුම් හඩත් සමගින්ම ශාන් බින් එක්කම ඒ දෙසට හැරුනේය ... නපුරු කැප්ටන් යීබෝ ඔවුන් දෙස බලාගෙන සිටියේය ...

" මම දැන් ප්‍රශ්නයක් ඇහුවා ... "

යීබෝ යලිත් ඇසුවේය ...

" මේ.... මේක...යි.... මේ.... ඇදේ උඩතට්ටුවක් හම්බවෙලා තියෙන්නෙ ....මට... ඉතින් .... ඒකට.... මේ...."

ශාන් කඩින් කඩ වචන එකතුකරමින් ගැටලුව ඉදිරිපත් කලේය ...ශාන් කතා කරන අයුරු යීබෝ ආශාවෙන් බලා සිටියේය ... ඒ හිතෙන් පමණි මුහුණෙ නපුරු කම රදවාගන්නට ඔහු සෑහෙන්න ලොකු උත්සාහයක් දරමින් සිටියේය .. කතා කරනවිට ඒ සමගින්ම සිහින් වන ශාන්ගේ දෙනෙත් සහ අතොරක් නැතිව සෙලවෙන සිහින් රත්පැහැ දෙතොල් යීබෝට පියවි සිහිය අහිමි කරමින් තිබුනේය .. නමුත් මේජර් සර් ගේ හාවාට බුරුලක් පෙන්විය නොහැකිය ....

" ඉතින් මොකක්ද ගැටලුව ..."

යීබෝ යලිත් ඇසුවේය ...

" මේ.... සර්... මම රෑට නින්දෙන් ටිකක් ....දඟලනවා... ඒක නිසා... මේ.... වැටුනොත්..... කියලා ...."

ශාන් ඔහුදෙස එක එල්ලේ බලන්නේ නැතුව කතා කලේය...

" ඉතින් අනිත් අයගෙන් ඇහුවෙ නැද්ද ... මාරුවක් දාගන්න ..."

" කැමති නෑ  සර්...."

බින්ද කතාවට හවුල් විය....

" හ්ම්ම්... දෙන්නම ඇතුලට යනවලා... එළියට වෙලා ඉන්නවා මදිවට කෑගහනවත් එක්ක..."

ගැටලුවට පිළිතුරක් නොදීම කැප්ටන් යන්නට ගියේය ..

" අපරාදෙ මගෙ වචන ටික.... නපුරු කැප්ටනයා.... යමං බින්... මං බිම නිදියනවා..."

ශාන් බින් වත් ඇදගෙනම ඔවුන්ගේ කාමරයට ගියේය.....

යීබෝ ඔහුගේ කාමරයට නොගොස් සාමාන්‍ය සෙබල ජියැන්ග් සොයා ගියේය.. ඔහු අලුත් සෙබලුන්ගේ කාමර බාරව සිටී..

"  ss ජියැන්ග් ..."

යීබෝ ඔහුට කතාකලේය ..

" කැප්ටන් ..."

SOLDIER ... 👲👲  ( yizhan ff.... Complete  )Where stories live. Discover now