දාසය වෙනි දිගහැරුම .....

2.6K 510 280
                                    

SOLDIER ........👲👲

යීබෝ ශාන්ට අලුත් රෝහල් ඇදුමක් රැගෙන ඔහු අසලට ආවේය ... ටික වේලාවක් ශාන් දෙස බලා සිටියේ ඔහුට නොරිදවා ඇදුම් මාරුකරන අයුරු කල්පනා කරමිනි... පන්ඩිත කමට ඇදුම් මාරුකරන්න යැයි කීවාට දැන් ශාන්ටත් ලැජ්ජාව උග්‍රවී තිබුනි...

" ඉන්න... මම රිදෙන්නෙ නැතිවෙන්න මාරු කරන්නම්..."

යීබෝ එසේ කියමින් මුලින්ම ශාන්ගේ පිජාමා කලිසම සෙමින් පහලට ඇද්දේය ... යීබෝත් සිටින්නේ අපහසුවෙන් නමුත් කලිසම සිරුරෙන් ඉවත්කලේය... රෝස පැහැති නිරුවත් යටිකය දුටු යීබෝට ඇත්තෙන්ම ඒමතට සියුම් හාදුවක් දෙන්නට සියදහස් වාරයක් සිතුනේය.... ශාන් ඔහුගේ කැනියුලාව ගැසූ අත සෙමින් අපහසුවෙන් ගෙන අත්‍යාවශ්‍යම කොටසවත් වසාගන්නට සිතුවේය ....

" ඔහොම ඉන්න අත පාරගන්නෙ නැතුව... මම දැන් ඔක්කොම දැකලා ඉවරයි...."

යීබෝ පුරුදු හඩින් කීවේ... ඔහුගේ තිගැස්මත් වසාගන්නට සිතාගෙනයි ... කලිසම උඩට සෙමින් ඇද රෝසපැහැති යටිකයත් වසමින්ම එය සෙමින් ඉනමත රැදවූ යීබෝ ලැජ්ජාවෙන් රතුවී සිටින ශාන්දෙස බලා සිනාසුනේය ..

පසුව සෙමින් සෙමින් කමිසයේ බොත්තම් විවරකර අත්වලින් ප්‍රවේසමෙන් ඉවත්කර අලුත් කමිසය ඇන්දවීය ... පපුව මත රෝසපැහැයෙන් දිදුලන කුඩා නිපල් යුගලය දුටු යීබෝට ඒමතත් සියුම් හාදුවක් තියන්නට සිතුනත් ආයාසයෙන් එය මැඩගත්තේය...

" මම වොෂ් රූම් ගිහින් ඇවිත් breakfast අරගෙන එන්නම්... ඔහොම ඉන්න හාන්සිවෙලා ...."

යීබෝ ඉක්මනින් ඔහුගේ බෑගයෙන් ඇදුමක් රැගෙන නානකාමරයට ගොස් දොරවසා ගත්තේය ... තමන් හිත පාලනය කරගත්තත් ශාන්ගේ නිරුවත දුටු යීබෝගෙ හැඟුමන් අවදිවී ඇතිබව නම් ඔහුට දැනුනේය... ඇතිවූ ලැජ්ජාවට මුලු මුහුණම රත්පැහැයට හැරුනු අතර යීබෝ ඉක්මනින් ශවර් එක යටට වී කරාමය හැරියේ තමන්ගේම සිතුවිලි වලින් සැඟවෙන්නට සිතාගෙනයි ...

" අනේ.... මට ඇති කැප්ටන් ...."

රෝහලෙන් ලැබුනු ආහාර ඇත්තෙන්ම රසයෙන් අඩුය... ඉතින් ශාන් මේ කටවල් දෙකක් තුනක්වත් නොකා ඒවා ප්‍රතික්ෂේප කරමින් සිටී...

SOLDIER ... 👲👲  ( yizhan ff.... Complete  )Where stories live. Discover now