දොළොස් වැනි දිගහැරුම .....

2.4K 530 185
                                    

SOLDIER .......👲👲

🌞🌞🌞🌞🌞

" යකෝ අද බස්නාහිර පැත්තෙන් ඉර පායයි... මෙන්න ඇමරිකන් හාවා කලින්ම නැගිටලා..."

මයික් කෑගැසුවේය ... සියල්ලෝම එකහඩින් සිනාසෙන්නට විය...

" මූට මාර චාන්ස් එක දැන් දෙවනි පාරටත්  ෂැංහයි යනවා....."

චෙන් මූණත් අකුලගෙන ශාන් අසලින් වාඩිවිය....

" චාන්ස් නෙවෙයි මුගෙ මරිසි වැඩ වලට විනය පරීක්ෂණයක් වත් තියන්නද දන්නෑ...."

පෙරඩ් එකට යන්නට සූදානම් වී බූට් පොලිෂ් කරමින් ෆෑන්ග් කීවේය ..... බින් කිසිවක් කියන්නට ගියේ නැත... ඔහු චාන් යන්නේ ෂැංහයි නොව ජිනාන් වලට බව දන්නේය... ඒ ඔහුගේ මවගේ semetery එකට බවත් දන්නේය එමෙන්ම අද ඔහු සිටින්නේ දුකින් බවත් දන්නේය... 

සියල්ලන්ම පිටත්ව ගිය පසු ශාන් ඉක්මනින් සූදානම් විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සියල්ලන්ම පිටත්ව ගිය පසු ශාන් ඉක්මනින් සූදානම් විය... යුනිෆෝම් අදින්නට එපායැයි කැප්ටන් කියූ නිසාවෙන් ලා නිල් පැහැති ඩෙනිම් කලිසමට කලු  ටීෂර්ට් එකක් ඇන්දේය .. හයයි හතලිස්පහ වනවිට ශාන් ඉක්මනින් කැප්ටන්ගේ කාර්‍යාලය අසලට ගියේය ... ශාන් ඒ අසලට යන විටම කැප්ටන් අතේ ඔරලෝසුව බදිමින් කාර්‍යාලයෙන් පිටතට ආවේය .... කලු ඩෙනිම් කලිසමට කලු ටීෂර්ට් එකක් ඇද සිටි කැප්ටන් දුටු ශාන්ගේ පපුවට මොනවදෝ වෙන බව ඔහුට දැනුනි... තවමත් තමන් දෙස කටත් ඇරගෙන බලාසිටින ශාන්ව යීබෝ දුටුවේ නැත... පඩිපෙල බැසගෙන එනවිටම ශාන් පියවි සිහියට ආවේය ... ඒත් සමගම යීබෝ ශාන්ව දුටුවේය ... ඉතින් හදවත පිස්සු නටන්නට පටන්ගෙන ඇත...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
SOLDIER ... 👲👲  ( yizhan ff.... Complete  )Where stories live. Discover now