හයවෙනි දිගහැරුම .....

2.4K 551 168
                                    

SOLDIER ........ 👲👲

** ඔන්න බෝනස් එකට හේතුව තමයි කොටස් පහට  1.46k seen  732ක් වෝට් සහ 750 ක් කමෙන්ට්ස් ලැබීම... මේ එහෙම උණු පළවෙනි වතාව..... 🙏 🙏
**
**

ෂූයෑන්ග් හට තොල් මතට පහත් වෙන්නට නොහැකි ලෙස ශාන් ගෙල හැරවූයේය .. ඉන් ඔහු තවත් කුපිත විය....

" උඹ නටනව වැඩී කොල්ලො.... "

ෂූයෑන්ග් එසේ කියද්දීම ගබඩා කාමරයේ දොර ඇරෙන හඩ ඇසුනු අතර තත්ත්පරයෙන් එතැනට යීබෝ දිව ආවේය ...

" වනචර බල්ලා.... නැගිටපිය...'"

යීබෝ ෂූයෑන්ග් හට පාපහරක් එල්ල කලේය. ෂූයෑන්ග් ඒ පහරට මද දුරක් විසිවී ගියේය .....යීබෝ ෂූයෑන්ග් ගේ ඇදුමේ කොලරයෙන් අල්ලා නැගිටවා කම්මුල පුරවා පහරක් එල්ල  කලේය... ඒ පහරට තොල් පුපුරා ලේ ගලා යන්නට පටන්ගත්තේය ...

" තව ටිකක් පරක්කු උනානං තෝ මොන විනාශයක් ද කරන්නෙ.... අසහන කාරයා... බලෙන් ඔව්වා කරගන්න තරම් උඹට අහේනියද බූරුවා ..."

යීබෝ කෑගසමින් යටිබඩට පහරක් එල්ල කලේය ...

" ආ ...හ්..."

ෂූයෑන්ග් ගේ හඩ ගබඩාව තුල දෝංකාර දුන්නේය....

දෙනෙත් වලින් කඳුලු බිදු කඩා වැටෙද්දී ශාන් හිටි අයුරින්ම හිද දෙනෙත් පියා ගත්තේ සියල්ල එපාවූ නිසාය... ඔහුට මව සිහිවිය...

" ශාන් නැගිටින්න කෝ... මේ බලන්න..."

යීබෝ ශාන් අසලට පහත්වී ඔහුව ඉන්දවමින් කතාකලේය ... ශාන් දෙනෙත් ඇරියේ නැත... එහෙන්මම යීබෝගෙ උරහිස මත හිස තියාගෙන අඩන්නට පටන්ගත්තේය ... යීබෝ සමඟින් පැමිනි ජියැන්ග් හට සහ අනෙක් දෙදෙනාට  සායන් ෂූයෑන්ග් රැගෙන යන ලෙස ඇස්වලින් කීවේය ..

" ශාන් ... මේ අහන්න... අඩන එක නවත්තන්න .... "

ශාන් තව තවත් යීබෝට තුරුල්විය... අවසානයේ අත්දෙකත් යීබෝගෙ බදවටා දමාගෙන සම්පූර්ණයෙන්ම යීබෝගෙ පපුවට හේත්තුවිය.. ... මේ යීබෝගෙ උණුසුම ශාන්ට දැනුනු දෙවැනි වතාවයි... කියන්නට නොතේරෙන හෙතුවක් නිසා ශාන් එයට ආශා කලේය.. ඒ උණුසුම ඔහුගේ සියලුම වේදනාවන් නැතිකරන්නට සමත්විය... ඔහුගේ ගෙල අසලින් එන සුවද ශාන්ට සීතලම සීතල දිය ඇල්ලක් සිහිකරන්නේය ..

SOLDIER ... 👲👲  ( yizhan ff.... Complete  )Where stories live. Discover now