තිස් හත්වෙනි දිගහැරුම .....

1.6K 434 107
                                    

SOLDIER ...... 👲👲 ( බෝනස් 💕)

" ඉතින් මේජර් සෙන් .... අපිට ගනුදෙනුවක් තියෙනවා නේද මගෙ මිත්‍රයා ...."

මේජර් ෂූ හුයැන් ශාන් ලා අසලට එන්නට ආවත් ශාන් පපාව කවර් කරගෙනම හිටගත්තේය ...

" ලඟට එන්න එපා ඈතින් ඉදලා කතාකරන්න ...."

ශාන් බොහොම කාරුණිකව කීවේය ... ඔහුට යීබෝ කියූ දෙයක් සිහිවිය...

" බබා... හදිසියේ වත් කවුරුහරි මහ රෑක ආවත් ඔයා මේ පෙන්ඩන්ට් එක ප්‍රෙශ් කරන්න ඕනෙ .. පුලුවන් තරම් කලබල නොකර විනාඩි පහලවක් එයාලව කතාවට අල්ලගන්න ... තේරුනාද ...."

" ඉතින් කොල්ලො ආමි ට්‍රේනින් ලු නේද දැන් ...."

ඔහු ඉදිරියට ඒම නවත්වා කතාකලේය ...

" ඔයා හැම විස්තරයක්ම දැනගෙන නේ මගෙන් අහන්නෙ..."

ශාන් උපහාසාත්මක ලෙස කීවේය ..

" ඔයාගෙ පපාව බේරගන්න පුලුවන් ඕනෙනම් ඔයාට..."

ෂූ හුයැන් යලිත් කීවේය ...

" කොහොමද ඒ... කියන්න මම මොනවද කරන්න ඕනෙ..."

ශාන් උනන්දුවක් පෙන්වමින් ඇසුවේය ... මේජර් සෙන් ශාන්ගේ අතින් තදින් ඇල්ලුවත් ශාන් යලිත් ඒ අත අල්ලාගත්තේය ...

" අන්න එහෙම එන්න එපැයි කොල්ලො... ඔය හා පැටියට තියෙන්නෙ පපාව බේරගන්න ඕනෙනම් එයාගෙන් පෙන් ඩ්‍රයිව් එක ඉල්ලලා මේ අංකල් අතට දෙන එක..."

" එතකොට හැමදේම හරිද අංකල් .. ඔයාලා ආය කවදාවත් අපිට කරදර කරන්නෙ නැත්ද...."

ශාන් අහිංසක ලෙසින් ඇසුවේය ..

" නෑ.... කවදාවත් කරදර කරන්නෑ... අවුරුදු තුනහමාරක් ඒක හංගගෙන හිටියට චූටි වන්දියක් ගන්නවා විතරයි ... "

සුපුරුදු අවඥා සහගත සිනාවෙන් ෂූ හුයැන් කීවේය ...

" වන්දියක් ... ඒ මොනවද ...."

මේජර් සෙන් සිටින්නේ වෙව්ලමින් බව ශාන්ට වැටහුනි... ඔහු අසනීපයෙන් සිටින නිසා ශාන්ට බියක් ඇතිවිය...

' අනේ බෝ.බෝ. ඉක්මනින් එන්න....'

ශාන් යටිහිතින් කෑගසා කිව්වේය..

SOLDIER ... 👲👲  ( yizhan ff.... Complete  )Where stories live. Discover now