විසි එක්වෙනි දිගහැරුම ......

2.3K 490 173
                                    

SOLDIER ...........👲👲

🌈🌈

" තවත් කට ඇරගෙන බලාගෙන ඉන්නෙ නැතුව අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා ...."

කැප්ටන් හිට්ලර් යලිත් කෑගැසුවේය .. නැත අද ශාන් ලඟ කිසිදු පිළිතුරක් නැත ... නොදන්න යකාට වඩා දන්න නිහඬතාවය හොඳ යැයි සිතා ශාන් නිහඬවම බිම බලාගෙනම සිටියේය...එදා නම් සාමය වෙනුවෙන් සුදු කොඩියක් වත් මතක් උනි... පාන් කපාගන්න පිහිය පමණක් දන්නා ශාන්ට මොන විශේෂ ආයුධ ද ....

" ඒ කියන්නේ කියන්නෙ තමුන් පාඩමට ඇහුම්කන් දීලා නෑ ... එහෙම නේද ..."

යීබෝ කේන්තියෙන් ඇසුවේය .. දැන්නම් ශාන්ට යීබෝ සමඟ කේන්‍තියක් ද ඇතිවෙයි ....නමුත් කිසිවක් නොකියා ඔහු බිම බලාගෙනම සිටියේය...

" අවසාන වතාවට අහන්නෙ තමුන්ගෙ අවධානය කොහෙද තිබුනෙ...."

ශාන් හොරෙන් වටේට දෑස් යැව්වේය... ඔවුන්ගේ ප්ලැටුන් එකේ එකෙන් ශාන්ට ඇද කලේය... ශාන් ඌවත් හොදට නෝට් කරගත්තේය .... ' හිටාං කොල්ලො මේක ඉවරකරනකල්' වැනි බැල්මක් ශාන් ඌට දැම්මේය ....

" සායන් හියුන් ...."

ඊලගට කැප්ටන් කෑගැසුවේය ..ඒ හඩට ශාන් යලිත් ගැස්සී ගියේය ...

" කැප්ටන් .. "

" පාඩමට ඇහුම්කන් නොදීම වෙනුවෙන් මොනවද තියන දඬුවම්..."

හොර පූසෙක් මෙන් බිම බලාගෙනම සිටින ශාන් දෙසම බලාගෙන යීබෝ හියුන් ගෙන් ඇසුවේය ...

" කැප්ටන් ... නීති පොත පිටපත් කිරීමට ... ඉදිකිරීම් කටයුතු වලට සහභාගී කරවීම.... පුස්තකාලය තනිවම පිරිසිදු කිරීම....."

" ඇති..... පුස්තකාලය පිරිසිදු කිරීම ... එක්ක යන්න...එයාව..."

යීබෝ කීවේය ... බින් රැව්වේය . ශාන් සිනාසුනේය ...' කැප්ටන් මට බර නැති දඬුවමක් දුන්නද කොහෙද' ශාන් යන අතරමගදී සිතුවේය .... නමුත් පුස්තකාලයෙහි දොර විවර කිරීමෙන් පසුව ශාන්ට උන්හිටි තැන් අමතක විය... භාවිතා කර නොමැති පුස්තකාලයකි... පොත් සියල්ල තැන් තැන් වල ගොඩ ගසා ඇති අතර රාක්ක හිස්ව තිබුණි... රාක්ක දහයක් පමණ තිබුණි .." බූරු කැප්ටන් " ශාන් සිතුවේය....

SOLDIER ... 👲👲  ( yizhan ff.... Complete  )Where stories live. Discover now