තිස් එක්වෙනි දිගහැරුම ....

1.9K 452 173
                                    

SOLDIER .....👲👲

" අනේ බෝ බෝ....."

වෛද්‍යවරයා ඉදිරියේම ශාන් යීබෝගෙ පපුව බදාගෙන අඬන්න පටන් ගත්තේය....

",කලබල වෙන්න එපා ඔපරේෂන් එක ඉවර වෙන්න තව පැයක් තියෙනවා අපි හැමදේම කාලයට බාර දෙමු... "

යීබෝ ශාන්වත් වත්තම්කරගෙන සැත්කම් කාමරය ඉදිරියේ ඇති පුටු මතින් වාඩි විය...

" බබා.... මේ බලන්න.... අඬලා ප්‍රශ්න විසඳෙන්නේ නෑ නේ... අනිවාර්යෙන් ඔයාගේ පපාට හොඳ වෙනවා ... ඒක නිසා දැන් ඔහොම ඉන්න ටිකක් වෙලා ..."

මේ අවුරුදු තුන හතර හතරට ශාන්ට මෙවන් සිදුවීම් අමුත්තක් නොවේ .. ඇත්තෙන්ම හැම සිදුවීමක්ම අවසානයේ ඉතිරිවෙන මූසල මුස්පේන්තු බව නිසාම ශාන් කලබල වී සිටින්නේය ... මව හෘදයාබාධයකින් රෝහල්ගත කර පසු පැය තුනක් ඇතුලත ශාන්ට මව අහිමි විය... ඊටත් මාස තුනකට පසු පියා අනතුරකින් රෝහල් ගත කළ විට පැය දෙකක් ඇතුළත ඔහුට ඔහුගේ පාදය අහිමි විය ... ඉතින් මෙවන් හැම සිදුවීමක්ම අවසානයේ ශාන්ට ඉතුරුවන්නේ දුකක් පමණි... මොන තරම් වේදනාවක් දැනුනත් යීබෝගෙ පපුව මත ශාන්ට විශාල සැනසීමක් දැනෙන්නට විය .... නින්දේ නොසිටියත් ඔහු දෙනෙත් පියා ගෙන ම පපුව මත හිස තබාගෙන සිටියේය ...

ටික්...ටික්... ටික්....තත්පර කටුව පවා වැඩ කරන හඬ ඇසෙන්නට පටන් ගත්තේය ... නිහැඬියාව දරාගන්නට නොහැකිය ...

" මැණික .... ඔලුව උස්සනකො.... ඔහොම වාඩිවෙලා ඉන්න මම මොනවා හරි බොන්න අරගෙන එන්නම් ...."

පැයකට පමණ පසු යීබෝ කතාකලේය ..

" එපා බෝ බෝ.... මට මෙහෙම ඉන්න දෙන්න ..."

යීබෝගෙ පපුවෙන් ඉවත් නොවීම ශාන් කතාකලේය .. තවත් විනාඩි කිහිපයකට පසු ශල්‍යාගාරයේ දොර විවෘත වී වෛද්‍යවරුන් දෙදෙනෙක් ඉන් පිටතට පැමිණියේය ... යීබෝ මුලින්ම ශාන්ගේ අත තදින් අල්ලා ගත්තේය .... පසුව ඔහු වෛද්‍යවරුන් අසලට ගොස් කතා කරන්නට පටන් ගත්තේය ...

" ඔපරේෂන් එක සාර්ථකයි ... patient ට සිහිය ආපුහාම අපි ඊලග දේවල් තීරණය කරමු ... තව පැයකින් විතර අපි එයාව රූම් එකකට ට්‍රාන්සර් කරනවා ... එයා අවදි වෙන වෙලාව තවම තීරණය කරන්න අමාරුයි ... "

SOLDIER ... 👲👲  ( yizhan ff.... Complete  )Where stories live. Discover now