විසි අටවෙනි දිගහැරුම ......

2K 478 169
                                    

SOLDIER ........👲👲

එදා සිදුවීමෙන් පසුව සතියක් පමණ යනතුරු ශාන් කිසිදු වරදක් කලේ නැත... උනන්දුවෙන් පුහුණුවීම් වලට සහභාගී වූ අතරම යීබෝ සොයා යාමට දැඟලුවේද නැත... එදා සිහිසුන් වීම රැවටීමක් බව දන්නේ ඔහුගේ සිතම පමණක් විය.... නමුත් ඉතින් ශාන්ට යීබෝගෙ උණුසුම නම් නිතර සිහිවිය ....

කැප්ටන් ඉදහිට පුහුණුවීම් කරන ස්තානයට එනවා පමණි ... හැකි සෑම විටම දුරින් හිද ශාන් ගැන අවධානයෙන් සිටියේය ... ඊට හේතුව ලූ හන් ය... ලූ හන් ශාන්ට සමීප වන බව යීබෝ දැනසිටියේය නැත...යීබෝ සිතුවේ ලූ හන් ඔහු පසුපසින් ඔත්තු බලනවායැයි කියාය...

" ශාන් ... මම ඔයාට බිස්කට් එකක් ගෙනාවා.. "

ලූ හන් දැන් ශාන්ගේ මිතුරෙකි ... නමුත් ඔහු කිසිවකුගේ ඇස ගැටෙන අයුරින් ශාන් හා කතා කරන්නේ නැත...

" අනේ... නියමයි . ගොඩාක් ස්තූතී "

" ඉතින්... මොනවද තොරතුරු .."

" කියන්න තරම් විශේෂයක් නෑ සෝල්ජර් ..."

" ඔයාගෙ ගම කොහෙද ..."

ලු හන් සතියකට පමණ පසුව ඔහුගේ පැනය ඉදිරිපත් කලේය... ශාන් කවුරුත් හිතන තරම්ම සියුමැලි නැත... එදා ගඟ ලඟදී කැප්ටන් කියූ දෙයක් ශාන්ට ඉක්මනින් සිහිවිය...

" බබා... "

" හ්ම්ම්ම්...."

" කවුරු ඇහුවත් ඔයා කොගෙද පපා මොකද කරන්නෙ කියලා .. ඇත්ත කියන්න එපා තේරුනාද .."

ඒ මොහොතේ ශාන් සිටියේ යීබෝගෙ පපුව මත හිස තියාගෙනයි ... යීබෝ මේවා කියන්නේ ශාන්ගේ පිට සෙමින් පිරිමදින අතරයි...

" මම ෂැංහයි කිට්ටුවමයි ...."

ශාන් සිනාසෙමින් පිළිතුරු දුන්නේය ...

" ගෙදර කවුද ඉන්නෙ මල්ලිගෙ ..."

"මමා, පපා, මල්ලි, නංගි...."

ශාන් ආසාවටත් එක්කම බොරු කීවේය ...ඉන්පසුව ඔහු කිසිවක් ඇසුවේ නැත.... ඇත්තෙන්ම ඒ මොහොතේ ශාන්ට එහෙම පව්ලක් තිබුනානම් යැයි සිතුනේය ...

*****************

" කැප්ටන් ෂැංහයි ගියා...."

උදෑසන පෙරඩ් එක අවසන් වී පුහුණුවීම් සදහා යන අතර සායන් හියුන් ශාන්ව තනිකරගෙන කීවේය ... ශාන් කිසිවක් කියන්නට ගියේ නැත...

SOLDIER ... 👲👲  ( yizhan ff.... Complete  )Where stories live. Discover now