දහවෙනි දිගහැරුම ...............

2.4K 538 247
                                    

SOLDIER ........👲👲

රාත්‍රී හතත් වී ශාන් කැළයෙන් එළියට ආවේ නැත...

" කැප්ටන් ... එයා මට පිටිපස්සෙන් ආවා දැක්කා මම...."

මයික් කීවේය ....

" කොතනදිද.... කීයටද ...."

කැප්ටන් යලිත් ඇසුවේය ...

" දැන් පැයකට කලින්..... කන්දෙ මැදදි වගේ...."

මයික් යලිත් කීවේය ...

" TS ,ලා හැමෝම බිලට් වලට යන්න... සායන් මින්  , ss ජියැන්ග් , සහ මම ශාන්ව හොයන්න යනවා...."

සියල්ලන්ම විසිර ගියත් බින් කැප්ටන් අසලට ආවේය ...

" කියන්න ..."

" කැප්ටන් මමත් එන්නද ශාන් හොයන්න..."

බින් මුහුණත් බිමට හරවාගෙන ඇසුවේය  ....

" නෑ... තමුන් යන්න බිලට් එකට.... බයවෙන්න එපා ඔයාගෙ යාලුවව අපි හොයාගෙන එන්නම් ..."

කැප්ටන් මෘදුව කීවේය ... බින් හිස බිමට හරවාගෙන යන්නට ගියේය ..ඔහු සිටින්නේ වේදනාවෙන් ය... ශාන් වනාන්තර ගැන දන්නා කෙහෙල්මලක් නැත...ඔහුට ඇත්තේ උපතින් ගෙනා පන්ඩිත කම පමණකි යැයි බින් කේන්තියෙන් සිතුවේය ..

" මොකක් හරි මගුලක් කරගත්තෙ නැත්නම් ඌට ඉතින් නින්ද යන්නෙ නෑනේ... කරදරයක් නැත්නම් එච්චරයි චෙන් ..."

බින් බිලට් එකට යන අතර චෙන් හට කීවේය ...

" කැප්ටන් ලා ගියානෙ හොයන්න.... බලමුකො..."

චෙන් බින්ගේ හිත හැදුවේය ...

යීබෝ එක් පැත්තකටත් , සායන් මින් එක් පැත්තකටත් , ss ජියැන්ග් තවත් පැත්තකටත් විශාල විදුලි පන්දම් රැගෙන කැලය තුල ගමන් කලේය ... යීබෝ නම් සිටින්නේ මදක් බියවීය..... ශාන් මේජර් ගේ පුතා බව දන්නේ මේ කඳවුරේ ම තිදෙනෙක් පමණි ... එය කාගේ හෝ කනට ගියාදැයි ඔහු බියවිය... නැත එසේ සිදුවිය නොහැකිය ... ඒ නිසවෙන්ම යීබෝ ඉක්මනින් ඉක්මනින් කන්දේ දකුණු අත පැත්තට ගමන්කලේය ..... අන්ධකාරය වනය පුරා පැතිර යද්දී යීබෝ මාර්ගය සලකුණු කර තිබූ මං ඔස්සේ ගොස් ශාන්ගේ අංකය ගසා ඇති කොඩිය පමණක් ඉතිරිවී තිබුනු තැන නතරවිය... එතැනට ඔහු ආ බවටවත් සලකුණක් තිබේදැයි බලන්නට ඔහු විදුලි පන්දම ඒ මේ අතට යොමුකලේය ... අවසානයේ කොඩියට මදක් එහායින් කැලේ ඇතුලට වන්න ශාන්ගේ නම සහිත ලාංචනය යීබෝට හමුවුනේය...

SOLDIER ... 👲👲  ( yizhan ff.... Complete  )Where stories live. Discover now