විසිහතර වෙනි දිගහැරුම ......

2.2K 489 122
                                    

SOLDIER .....👲👲

🌞🌞🌞🌞🌞

" good morning බබා...."

කම්මුල් වලට දැනෙන සීතල පහසක් සමඟින් ශාන් දෙනෙත් හැරියේය ...

" good morning බෝ බෝ....."

දෑස් නොහැරම එසේ කියමින් ශාන් යීබෝගෙ පපුවට තවත් තුරුලු විය...

" අපි යන්න ඕන.. නැගිටින්න කො..."

" අ..හ්...ම්...."

ඒ උණුසුම ... ඒ සුවඳ අතාරින්න ශාන්ට ලෝබ සිතුනි....

"කෝ... මැණික ... දැන් ඩොක්ටර් එනවා මාව චෙක් කරන්න... ඉතින් නැඟිටින්නකො ...."

අකමැත්තෙන් උවත් ශාන් දෑස් හැරියේය ..
යීබෝ සිනාසෙමින් ශාන් දෙස බලාගෙන සිටිනු දුටුවේය ...

" වෙලාව කීයද බෝ බෝ...."

ශාන් එලෙසින්ම හිද ඇසුවේය ....

" අටයි....."

" හ්ම්ම්ම්..."

"බබා ඔයා එක්ක නිදියනකොටනම් ගාඩ් එකක් දාගන්න වෙයි වගේ මගෙ ඇඟට....."

යීබෝ සිනාසෙමින් කීවේය ..

" මම ඊයෙත් දැඟලුවද ඉතින් ..."

"දඟලනවා නෙවෙයි ඩාන්ස් දානවා... එකපාරක් ඩෝං ගලා බඩ උඩට කකුලක් වැටුනා ..... කකුල අයින් කරලා ඇඳලා ගත්තා ලඟට ... ආය ටික වෙලාවකින් ලෙඩ කකුලට ෂොට් එකක් වැදුනා... ... බලද්දි ඔලුව අර පැත්තෙ කකුල් මේ පැත්තෙ... "

යීබෝ සිනාසෙමින් කීවේය ...

" අනේ සොරි බෝ බෝ.....කකුල පෑරුනද ඉතින්...."

ශාන් ඉක්මනින් නැඟිට කකුල අසලට යන්න සූදානම් උවත් යීබෝ යලිත් ශාන්ව වැළදගත්තේය ..

"බෝ බෝ.."

" අන්තිමට පාන්දර මෙන්න මෙහෙම තදකරගෙන බදාගත්තම දැන් වෙනකල්ම නිදාගත්තා...."

ශාන් සිනාසුනේය ........

🚗

",බෝ බෝ....."

ශාන් සහ යීබෝ ටැක්සියකින් බෙයිජිං යන අතර තුර...

" හ්ම්ම්ම්....."

" අපේ දිහා ඉන්නකො..."

"බලමුකො..."

" අනේ.... පපා ඔයාට ඉන්න කිව්වොත් ඉන්නවද ... මට ගෙදරින් එලියට එන්න දෙන්නෙ නෑනේ...ඔයාව බලන්නෙ කොහොමද ..."

SOLDIER ... 👲👲  ( yizhan ff.... Complete  )Where stories live. Discover now